මෙම වසර අවසානය වනවිට මෝටර් රථ ආනයනය සඳහා වැය කෙරෙන මුදල, කලින් ඇස්තමේන්තු කළ ඩොලර් බිලියන 1.2 වෙනුවට, ඩොලර් බිලියන 1.5ක් දක්වා ඉහළ යනු ඇතැයි මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසනවා.
ඔහු මේ පිළිබඳව පවසා සිටියේ ඊයේ පැවති හමුවක් අමතමින්.
මහ බැංකු දත්ත අනුව, 2025 වසරේ මුල් මාස හත (ජනවාරි - ජූලි) තුළ වාහන ආනයන වියදම ඩොලර් මිලියන 668ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, ඉන් ජූලි මාසයේදී පමණක් ඩොලර් මිලියන 193ක් වාර්තා වී තිබෙනවා.
මෙයින් පෙනී යන්නේ, වසරේ ඉතිරි මාස පහ තුළ ඩොලර් මිලියන 830ක වාහන ආනයනයක් අධිපතිවරයා අපේක්ෂා කරන බවයි.
ආනයන සීමා ලිහිල් කිරීමත් සමඟ වාහන ආනයනය ඉහළ යෑම තාවකාලිකව රජයේ ආදායම ඉහළ නැංවීමට හේතු වූ බවයි මහබැංකු අධිපතිවරයා පවසා සිටියේ.
"රජයේ ප්‍රබල ආදායම් එකතු කිරීමට අර්ධ වශයෙන් හේතු වූයේ වාහන ආනයනයේ ඇති වූ මෙම තාවකාලික ඉහළ යෑමයි" යනුවෙන් ඔහු පවසා සිටියේ.
කෙසේ වෙතත්, මෙම ප්‍රවණතාව කෙටි කාලීන බවත්, දැනටමත් ඉල්ලුම සාමාන්‍යකරණය වෙමින් පවතින බවත් මහ බැංකු අධිපතිවරයා මෙහිදී පවසා සිටියා.