Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Oct
24
හැමදාම එක වගේ නෑ.. උදාවෙන මේ සතිය ඔබට ගොඩක් විශේෂ වේවි..

- හැමදාම එක වගේ නෑ.. උදාවෙන මේ සතිය ඔබට ගොඩක් විශේෂ වේවි..Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

1,167 Views

අපි කවුරුත් කැමතියි කාගේත් ජීවිත සතුටෙන් පිරී ඉතිරෙනවාට.

හැම දවසක්ම පිළිවෙලටකට සැලසුම් කරන ඔබට මේ ඇසෙන ආරංචිය නම් වැදගත් වෙනවා ඇති. 


ඉතින් ඔබත් දැනගන්න මේ ගෙවී යන සතිය ඔබට මොන වගේ නම් වැදගත් වේවිද කියන එක.

මේෂ
දැනුම වැඩිවෙයි
පැරැණි හිතවත්කමක් අලුත් කරන සතියකි. මේ සතියේ සඳු ග්‍රහයා 8, 9, 10 යන භාව මතින් ගමන් කරයි.

ගෘහජීවිතය

නැතිවූ දෙයක් නැවත හිමිකරන බවක් පෙනේ. ප්‍රමාදවෙමින් පැවැති කටයුතු කීපයක් සාර්ථක කර ගැනීමට හැකිවෙයි. හදිසි තීරණයක් වෙනස් කිරීමට සිදුවෙයි. අවිවාහකයන්ගේ බලාපොරොත්තු ඉටු කරන කාලයකි. සතිය මැද කාලයේ දී හදිසි ගනුදෙනුවකින් නිදහස්වීමට අවස්ථාව උදා කරයි.

රැකියාව

රැකියාවේ සැලසුම් කීපයක් වෙනස් කිරීමට සිදුවෙයි. තැන තැන ඇවිදිලි ඇති කරන රැකියා මාර්ගවලට හේතු සැලසේ. එමෙන්ම කණ්ඩායමක් සමඟ එකතු වී කරන රැකියාවකට හිමිකම් ඇති කරයි. සුළු සුළු ස්වයං රැකියා මාර්ගවලටද හේතු යෙදෙන සතියකි.

අධ්‍යාපනය

අමතර දේ ඉගෙනීමට කටයුතු උදා කරයි. විභාග ජයග්‍රහණයක් පිළිබඳ සතුටුවීමට අවස්ථාව උදා කරයි. විදෙස් අධ්‍යාපනයකට සැලසුමක් ඇති කරයි. දැනුම වැඩිදියුණු වන අන්දමේ කටයුතු කීපයකට සම්බන්ධවීමට අවස්ථාව උදා කරයි.

සෞඛ්‍යය

උගුර, කණ ආශ්‍රිත ඇතිවන ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවෙයි. එමෙන්ම වරින්වර ඇති කරන අජීර්ණ ආබාධයක් හේතුවෙන්ද පීඩා ගෙන දෙන සතියකි.

අය 07 වැය 05

ජය අංකය 09

ජය වර්ණ – කොළ

සුබ දවස – බදාදා

වෘෂභ
වැඩිමහල් අයගේ ඇසුරක්
විශේෂ උත්සව අවස්ථාවකට සූදානමක් ඇති කරන සතියකි. මේ සතියේ ඔබේ ලග්නයට අනුව සඳු ග්‍රහයා 7, 8, 9 යන භාව මතින් ගමන් කරයි.

ගෘහජීවිතය

වෙනදාට වඩා දුරදිග බලා කටයුතු කළයුතු සතියකි. මවුපාර්ශ්වයේ ඥාතියකුගෙන් උපකාරයක් හිමි කරයි. නිතර වයසින් වැඩි අය සමඟ ඇසුරට කටයුතු උදා කරයි. අසල්වැසි සුහදතාවයට හේතු ඇති කරන සතියකි. වෙනදාට වඩා ඇවිදිලි වැඩි කචරයි. පදිංචි ස්ථානයෙන් දුරස්ව කටයුතු කිරීමට සිදුවන සතියකි.

රැකියාව

වගකීම් බහුල රැකියා මාර්ගවලට හේතු සැලසේ. රැකියාවේ සැලසුම් කීපයක් වෙනස් කිරීමට සිදුවෙයි. පරම්පරාගත රැකියාවකට උරුමහිමිකම් ඇති කරයි. දෑතේ මහන්සියෙන් කරන රැකියා කටයුත්තකට සම්බන්ධවීමට අවස්ථාව උදා කරයි.

අධ්‍යාපනය

ධාරණ ශක්තිය බලවත් කාලයකි. නව දැනුම සොයා යන මාර්ගවල නිරතවන බවක් පෙනේ. අමතර භාෂාවන් ඉගෙනීමට වෙහෙසෙයි. උසස් අධ්‍යාපන කටයුතුවලට යොමුවන කාලයකි.

සෞඛ්‍යය

නිතර ගත වෙහෙසා කරන කටයුතු අධික කරයි. පපුව උරහිස සම්බන්ධ ඇතිවන වේදනාකාරී තත්ත්වයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවේ. හදිසි වැටීම් තැලීම්වලට ඉඩ ඇති කාලයක් බැවින් පරිස්සම් වන්න.



අය 07 වැය 04

ජය අංකය 03

ජය වර්ණ – කොළ

සුබ දවස – සිකුරාදා

මිථුන
උගත්කමට සරිලන රැකියා
යන එන තැන කැපී පෙනෙන කාලයකි. මේ සතියේ ඔබේ ලග්නයට අනුව සඳු ග්‍රහයා 6, 7, 8 යන භාව මතින් ගමන් කරයි.

ගෘහජීවිතය

උත්සාහයෙන් උනන්දුවෙන් කටයුතු සිදුකරන කාලයකි. පවුලට අලුත් ඥාතියකු සම්බන්ධවීමට ඉඩ ඇති බවක් පෙනේ. නිතර යෙදෙන ගමන් ගැන සැලකිලිමත් වන්න. පවුලේ උත්සව අවස්ථාවක් වෙනුවෙන් වෙහෙසෙන බවක් පෙනේ. විනෝදයෙන් සැහැල්ලුවෙන් කටයුතු සිදු කරයි. පැවැති වගකීමකින් නිදහස සැලසේ.

රැකියාව

උගත්කමට සරිලන රැකියා මාර්ගවලට හේතු යෙදේ. කණ්ඩායමක් සමඟ එකතු වී කරන රැකියාවකට ඉඩකඩ ඇති කරයි. නව ව්‍යාපාරයක් ඇරැඹීමට කටයුතු සැලසුමක් සිදු කරයි. දරුවන්ට දැනුම ලබාදීමේ රැකියා මාර්ගවල නිරතවීමට අවස්ථාව උදා කරයි.

අධ්‍යාපනය

උසස් අධ්‍යාපන කටයුතුවලට යොමුවූ අයට සුබදායකයි. නව පාඨමාලාවක් හැදෑරීමට දුර පළාතකට යෑමට සිදුවන සිදුවන සතියකි. සාහිත්‍ය හා කලා කටයුතුවලින් විශේෂ නිපුණතා දක්වන කාලයකි.

සෞඛ්‍යය

ශරීරයේ උෂ්ණාධික බව නිසා ඇතිවන අසනීපයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවෙයි. එමෙන්ම දතක අමාරුවක් හේතුවෙන්ද වරින් වර පීඩා අත් කරයි.



අය 06 වැය 04

ජය අංකය 06

ජය වර්ණ – තැඹිලි

සුබ දවස – ඉරිදා



කටක
හදිසි ලැබීම්
ශාරීරික වෙහෙසීම් බහුල කරන සතියකි. මේ සතියේ සඳු ග්‍රහයා 5, 6, 7 යන භාව මතින් ගමන් කරයි.

ගෘහජීවිතය

වෙනදාට වඩා අවිවේකී බවක් ඇති කරයි. පවුලේ කෙනකුගේ කටයුතු හේතුවෙන් සිතේ නොසන්සුන්තාවයක් ඇති කරයි. පරම්පරාගත දේපළ ගැටලුවක් විසඳා ගැනීමට කටයුතු සැලසෙයි. හදිසි ලැබීම් සහිත කටයුතු කීපයක් යෙදෙන සතියකි.

රැකියාව

පරම්පරාගත රැකියාවකට හිමිකම් ඇති කරයි. රැකියාවේ ස්ථාන වෙනස්කම් බලාපොරොත්තුවන අයට සුබදායකයි. රැකියාවේ ඉදිරි සැලසුමක් වෙනස් කරයි. දෑතේ මහන්සියෙන් කරන රැකියා මාර්ගවලටද හේතු සැලසෙන සතියකි. උගත්කමට සරිලන රැකියා මාර්ග උදා කරයි.

අධ්‍යාපනය

හදිසි අධ්‍යාපන ජයග්‍රහණවලට හේතු සැලසේ. පොතපත කියවීමට වැඩි රුචිකත්වයක් දක්වන කාලයකි. තරගකාරී කටයුතු කීපයකට සම්බන්ධ වීමට සිදුවන බවක් පෙනේ. ගණිත අංශයට මෙන්ම තාක්ෂණික අංශයටද විශේෂ දක්ෂතා දක්වන කාලයකි.

සෞඛ්‍යය

නිතර ඇතිවන අතේ පයේ හිරි ගතිය හේතුවෙන් ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවෙයි. වෙනදාට වඩා ශාරීරික වෙහෙසීම් බහුල කරයි. යටපත් වූ සෙම් රෝගයක් නැවත මතුවිය හැකි බවක් පෙනේ.

අය 07 වැය 05

ජය අංකය 04

ජය වර්ණ – කොළ

සුබ දවස – බදාදා



සිංහ
අලුත් රැකියාවලට සුබයි
පවුලේ කටයුතුවලදී ප්‍රධානත්වයක් ගන්නා සතියකි. මේ සතියෙ සඳු ග්‍රහයා 4, 5, 6 යන භාව මතින් ගමන් කරයි.

ගෘහජීවිතය

හදිසි තීරණ ගැනීමෙන් තමාට අවාසිදායක තත්ත්වයක් ඇති කරයි. පවුලේ අය අතර ගැටලුකාරී තත්ත්වයක් ඇතිවීමට ඉඩ ඇති බැවින් දුරදිග බලා කටයුතු කරන්න. සතිය මැද කාලයේ දී ගේ දොර අලුත්වැඩියාවක් වෙනුවෙන් වෙහෙසෙයි. නිතර සමාජසේවා කටයුතුවලට යොමුවන කාලයකි.

රැකියාව

අලුත් රැකියා අපේක්ෂාවෙන් සිටින අයට සුබදායකයි. රැකියා ස්ථානයේ අය අතර හොඳහිත දිනාගෙන කටයුතු කිරීමට අවස්ථාව උදා කරයි. නිතර අතමිට මුදල් ගැවසෙන රැකියා මාර්ගවලට ද හේතු සැලසේ. රැකියාවේ කටයුතු උදෙසා පදිංචි ස්ථානයෙන් බැහැර වීමට ද සිදුවන බවක් පෙනේ.

අධ්‍යාපනය

වෙනදාට වඩා උත්සාහයෙන් උනන්දුවෙන් අධ්‍යාපන කටයුතු කරගෙන යන කාලයකි. අලුත් පොත්පත් මිලදී ගැනීමකටද අවස්ථා උදා කරයි. උසස් අධ්‍යාපන කටයුතු හේතුවෙන් දුර පළාතකට යාමට සිදුවෙයි.

සෞඛ්‍යය

පපුව පෙණහැල්ල ආශ්‍රිත සෙම් ගතිය හේතුවෙන් ප්‍රතිකාර ලබාගැනීමට සිදුවේ. වරින් වර ඇති කරන පාදයේ ආබාධයකටද ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවේ. රුධිරගත සීනි මට්ටම කෙරෙහි ද සැලකිලිමත් වන්න.



අය 07 වැය 04

ජය අංකය 09

ජය වර්ණ – කහ

සුබ දවස – බ්‍රහස්පතින්දා



කන්‍යා
අන්සතු වස්තුවක් හිමිවේ
වෙනදාට වඩා හිතේ සැහැල්ලුවෙන් කටයුතු සිදු කරයි. මේ සතියේ සඳු ග්‍රහයා 3, 4, 5 යන භාව මතින් ගමන් කරයි.

ගෘහජීවිතය

අමතර ලැබීම් සහිත කටයුතු කීපයක් යෙදේ. අන්සතු වස්තු ලාභයක් හිමිවීමට ඉඩ ඇත. අලුත් ඥාති සබඳතාවලට හේතු ඇති කරයි. උත්සාහයෙන් කටයුතු සිදුකරන සතියකි. පැරැණි පෙම් සබඳතාවයක් අලුත් කරයි. හදිසි තීරණයක් සාර්ථක කරන බවක් පෙනේ. වෙනදාට වඩා ආගමික භක්තියකින් කටයුතු සිදු කරයි.

රැකියාව

රැකියාවේ කටයුතු සම්බන්ධව පැවැති උදාසීන බව මඟහැරී යයි. උත්සාහයෙන් උනන්දුවෙන් රැකියාවේ කටයුතු කරගෙන යයි. තනතුරු වෙනසක් සිදුවීමෙන් සිතේ නොසන්සුන්තාවක් ඇති කරයි. කලා ක්ෂේත්‍රයේ කටයුතුවලට සම්බන්ධ රැකියා මාර්ගවලට හේතු යෙදේ.

අධ්‍යාපනය

ඉගෙනීමට දක්ෂතාවයක් දක්වයි. ධාරණ ශක්තිය බලවත් කාලයකි. අලුත් දේ ඉගෙනීමට අවස්ථාව උදා කරයි. විදෙස් අධ්‍යාපනයකට හෝ නව පාඨමාලාවක් හැදෑරීම් කටයුතු සැලසුමක් ඇතිකර ගන්නා කාලයකි.

සෞඛ්‍යය

ශරීර අභ්‍යන්තරයේ හට ගන්නා ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවෙයි. රුධිරගත සීනි මට්ටම කෙරෙහිද සැලකිලිමත් වියයුතු බවක් පෙනේ. හදිසි සෞඛ්‍යය පරීක්ෂණයකටද භාජනයවීමට සිදුවන කාලයකි.



අය 06 වැය 03

ජය අංකය 04

ජය වර්ණ – කොළ

සුබ දවස – සඳුදා



තුලා
යහපත් හැඟීම් පුබුදයි
ඉවසීමෙන් කටයුතු කළයුතු කාලයකි. මේ සතියේ සඳුග්‍රහයා 2, 3, 4 යන භාව මතින් ගමන් කරයි.

ගෘහජීවිතය

ගුණයහපත් සාධාරණ හැඟීම්වලින් යුතු කාලයකි. දුක්කරදරවලට ඔරොත්තු දෙන ශක්තියක් ඇති කරයි. අසරණ කෙනකුට උපකාරයක් කිරීමට අවස්ථාව උදා කරයි. ගේ දොර අලංකාරය පිළිබඳ වෙහෙසෙන කාලයකි. අමතර ලැබීම් සහිත කටයුතු කීපයක නිරතවන කාලයකි. වෙනදාට වඩා ආගමික කටයුතුවලට සම්බන්ධවීමට අවස්ථාව උදා කරයි.

රැකියාව

රැකියාවේ කටයුතුවලින් ගෞරවයට පාත්‍රවන කාලයකි. කලාකටයුතු සම්බන්ධ රැකියා මාර්ගවලට සම්බන්ධවීමට අවස්ථාව උදා කරයි. රැකියාවේ ස්ථාන වෙනස්කම් සිදුවීමට ඉඩ ඇති බවක් පෙනේ. සුළු සුළු ව්‍යාපාර කටයුතුවලට සම්බන්ධ වන කාලයකි.

අධ්‍යාපනය

පැවැති දුර්වලතා මඟහැරී යයි. දැනුම බුද්ධිය වර්ධනය වන කටයුතුවලට යොමුවන බවක් පෙනේ. ගණිත අංශය, තාක්ෂණික කටයුතුවලින් විශේෂ දක්ෂතා දක්වයි.

සෞඛ්‍යය

නින්දයෑම අඩුකම, පීනස වැනි සෙම් රෝග හිසට පපුවට බලපාන්න ඉඩ තිබේ. චර්මගත ආබාධයකින් ද පීඩා අත් කරන බවක් පෙනේ. වෙනදාට වඩා කෑම බීම ගැන සැලකිලිමත් වන්න.



අය 07 වැය 03

ජය අංකය 07

ජය වර්ණ – තැඹිලි

සුබ දවස – බ්‍රහස්පතින්දා



වෘශ්චික
උත්සාහයේ තරමට ප්‍රතිපල
දුරදිග බලා කටයුතු කරන සතියකි. මේ සතියේ සඳු ග්‍රහයා 1, 2, 3 යන භාව මතින් ගමන් කරයි.

ගෘහජීවිතය

උත්සාහයේ තරමට ප්‍රතිඵල අත්කරන කාලයකි. වැඩිහිටි උපදෙස් මත කටයුතු සිදුකරන බවක් පෙනේ. පවුලේ දානමය කටයුත්තක් වෙනුවෙන් වෙහෙසෙයි. අවිවාහකයන්ට සුබදායක කාලයකි. හදිසි තීරණයක් සාර්ථක කරයි. බැඳීම් අලුත් කරන කටයුතු කීපයක් යෙදේ. පවුලේ උත්සව අවස්ථාවක් වෙනුවෙන් වෙහෙසෙයි.

රැකියාව

සාහිත්‍ය හා කලා ක්ෂේත්‍රයේ රැකියා මාර්ගවලට යොමුවන බවක් පෙනේ. එමෙන්ම විසිතුරු භාණ්ඩ අලවිය වැනි ස්වයං රැකියා කටයුතුවලටද සම්බන්ධ වීමට අවස්ථාව උදා කරයි. ඇවිදිලි වැඩිකරන රැකියා මාර්ග යෙදීමට ඉඩ ඇත.

අධ්‍යාපනය

උසස් අධ්‍යාපන කටයුතු හේතුවෙන් දුර පළාතකට යාමට සිදුවෙයි. විදෙස් අධ්‍යාපනයකට සැලසුමක් ඇති කරගන්නා කාලයකි. දහම් අධ්‍යාපනික කටයුතුවලට යොමුවෙයි.

සෞඛ්‍යය

පපුව, පෙණහැල්ල ආශ්‍රිත හට ගන්නා ආබාධ තත්ත්වයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවෙයි. හදිස්සියේ ඇතිවන ක්ලාන්ත ගතියකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවේ.



අය 08 වැය 06

ජය අංකය 04

ජය වර්ණ – කොළ

සුබ දවස – ඉරිදා



ධනු
සැලසුමක් වෙනස්වේ
පවුලේ ඉදිරි සැලසුමක් පිළිබඳ වෙහෙසෙන සතියකි. මේ සතියේ ඔබේ ලග්නයට අනුව සඳු ග්‍රහයා 12, 1, 2 යන භාව මතින් ගමන් කරයි.

ගෘහජීවිතය

තැන තැන ඇවිදිලි ඇති කරන කටයුතු කීපයක් යෙදීමට ඉඩ ඇත. ගේ දොර අලුත්වැඩියාවක් වෙනුවෙන් වෙහෙසෙයි. වෙනදාට වඩා ආගමික භක්තියෙන් කටයුතු සිදුකරයි. පොරොන්දු ගිවිසුමක් සාර්ථක කරයි. යොදාගත් සැලසුමක් වෙනස් කිරීමට සිදුවන සතියකි.

රැකියාව

අලුත් රැකියා අපේක්ෂාවෙන් සිටින අයට සුබදායකයි. වෙහෙසීම් බහුල රැකියා මාර්ගවලට හේතු සැලසේ. නව ව්‍යාපාරයක් ඇරැඹීමට සූදානමක් ඇති කරයි.

අධ්‍යාපනය

දැනුම බුද්ධිය වර්ධනය වන කටයුතු කීපයකට සම්බන්ධවීමට සිදුවෙයි. අලුත් පොත්පත් මිලදී ගැනීමකට කටයුතු සැලසෙන සතියකි. විශේෂ පාඨමාලාවක් හැදෑරීමට යොමුවන කාලයකි. නව දැනුම සොයායන මාර්ගවලට යොමුවන කාලයකි.

සෞඛ්‍යය

ශාරීරික වෙහෙස මහන්සිය ඇති කරන සතියකි. රුධිරගත සීනි මට්ටම, අධි රුධිරපීඩනය කෙරෙහි සැලකිලිමත් වන්න. පරම්පරාගත රෝගයක් ඉස්මතු විය හැකි කාලයකි.



අය 06 වැය 03

ජය අංකය 04

ජය වර්ණ – කොළ

සුබ දවස – සඳුදා



මකර
අතමිට මුදල් ගැවසේ
වෙහෙසීම් බහුල කාලයකි. මේ සතියේ ඔබේ ලග්නයට අනුව සඳු ග්‍රහයා 11,12, 1 යන භාව මතින් ගමන් කරයි.

ගෘහජීවිතය

වෙනදාට වඩා අතමිට මුදල් ගැවසෙන කාලයකි. ප්‍රමාද වූ කටයුතු කීපයක් සාර්ථක කර ගැනීමට හැකිවෙයි. පවුලේ ඉදිරි සැලසුමක් වෙනස් කරයි. වගකීම් බහුලවන කටයුතු කීපයක් යෙදේ. නොගැළපෙන ඇසුරක් හේතුවෙන් සිතේ නොසන්සුන්තාවයක් ඇති කරයි.

රැකියාව

උගත්කමට සරිලන රැකියා මාර්ගවලට හේතු යෙදේ. එමෙන්ම අලුත් රැකියා අපේක්ෂාවෙන් සිටින අයට සුබදායකයි. අලුත් වෙළෙඳ ව්‍යාපාරයක් ඇරැඹීමට අවස්ථාව උදා කරයි. රැකියාවේ කටයුතුවලින් කැපී පෙනෙන කාලයකි.

අධ්‍යාපනය

දැනුම බුද්ධිය වැඩිදියුණුවන කටයුතු කීපයකට සම්බන්ධවීමට අවස්ථාව උදා කරයි. උසස් පාඨමාලාවක් හැදෑරීමට අමතර මුදලක් වැය කරයි. කලා ක්ෂේත්‍රයේ කටයුතුවලට වැඩි නැඹුරුතාවයක් දක්වයි.

සෞඛ්‍යය

නිතර ඇතිවන සෙම් අමාරුවක් හේතුවෙන් පීඩාකාරී බවක් ඇති කරයි. අතේ පයේ හටගන්නා වේදනාවකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවේ. කෑමෙන් බීමෙන් මෙන්ම ජලය සම්බන්ධ කටයුතුවලින් පරිස්සම් විය යුතු කාලයකි.



අය 06 වැය 04

ජය අංකය 07

ජය වර්ණ – දම්

සුබ දවස – සඳුදා



කුම්භ
හවුල් ව්‍යාපාරයකට සූදානමක්
හවුල් කටයුත්තකට සම්බන්ධවීමට සිදුවන සතියකි. මේ සතියේ සඳු ග්‍රහයා 10, 11, 12 යන භාව මතින් ගමන් කරයි.

ගෘහජීවිතය

වෙනදාට වඩා දරුවකුගේ කටයුතු වෙනුවෙන් වෙහෙසීමට සිදුවේ. අන් අය අතර කැපී පෙනෙන කාලයකි. පවුලේ අය සමඟ එකමුතු වී කටයුතු කිරීමට අවස්ථාව උදා කරයි. වෙහෙසීම් අධික කරන කටයුතු කීපයක් යෙදේ. එමෙන්ම නිතර යෙදෙන වාහන ගමන් ගැන සැලකිලිමත් වන්න. හදිසි තීරණයක් අවාසිදායක බවක් ඇති කරයි.

රැකියාව

වෙහෙසීම් බහුල රැකියා මාර්ගවලට හේතු යෙදේ. හවුල් ව්‍යාපාරයක් ඇරැඹීමට කටයුතු සූදානමක් ඇති කරයි. එමෙන්ම අතමිට මුදල් ගැවසෙන සුළු සුළු රැකියා මාර්ගවලට හේතු යෙදේ.

අධ්‍යාපනය

ධාරණ ශක්තිය බලවත් කාලයකි. නව දැනුම සොයා යන මාර්ගවල නිරතවන බවක් පෙනේ. විශේෂ පාඨමාලාවක් හැදෑරීම සඳහා පදිංචියෙන් පිට වාසය කිරීමට සිදුවෙයි. පොත්පත් කියවීමට කැමැත්තක් දක්වන කාලයකි.

සෞඛ්‍යය

සෙම් ගෙඩි වැනි උගුරේ අමාරු නිතර නිතර හට ගන්නා කාලයකි. වරින් වර ශාරීරික අප්‍රාණික ගති ඇති කරයි. සුළු සීරීම්, කැපීම් වැනි අනතුරු සිදුවිය හැකි කාලයකි.



අය 07 වැය 05

ජය අංකය 04

ජය වර්ණ – දම්

සුබ දවස – බදාදා



මීන
විශ්වාසවන්ත ඇසුරක්
සැලසුම් කීපයක් සාර්ථක කර ගැනීමට හැකිවන සතියකි. මේ සතියේ සඳු ග්‍රහයා 9, 10, 11 යන භාව මතින් ගමන් කරයි.

ගෘහජීවිතය

දුරදිග බලා කරන කටයුතු කීපයක් සාර්ථක කරයි. එමෙන්ම බොහෝ දෙනා සම්බන්ධ කරගෙන කරන කටයුත්තකට ද අත ගසයි. නිවෙසට නිතර යන එන කෙනකු පිළිබඳ කල්පනාකාරී විය යුතු කාලයකි. හදිසි දේපළ ගනුදෙනුවකට කටයුතු සූදානමක් ඇති කරයි. විශ්වාසවන්ත කෙනකුගේ ඇසුරට අවස්ථාව උදා කරයි.

රැකියාව

රැකියාවේ කටයුතු පිළිබඳ දුරදිග සිතා බලන්න. වෙහෙසීම් බහුල රැකියා මාර්ගවලට හේතු ඇති කරයි. පරම්පරාගත රැකියාවකට හිමිකම් ඇති කාලයකි. වෘත්තීය කටයුතු හේතුවෙන් දුර පළාතකට යෑමට සිදුවන බවක් පෙනේ.

අධ්‍යාපනය

අලුත් දේ ඉගෙනීමට කටයුතු උදා කරයි. තරග විභාගයකින් නොසිතූ ජයග්‍රහණ ඇති කරන කාලයකි. දහම් අධ්‍යාපනික කටයුතුවලට යොමුවන කාලයකි. අලුත් පොත්පත් මිලදී ගැනීමකට කටයුතු උදා කරයි.

සෞඛ්‍යය

ශාරීරික වෙහෙසීම් බහුල කරයි. යටපත් වූ උරහිස සම්බන්ධ ආබාධයක් නැවත මතු කරයි. හදිසි ප්‍රතිකාර පතා දුර පළාතකට යාමට සිදුවේ. හදිසි වැටීම් තැලීම්වලට ඉඩ ඇති කාලයක් බැවින් එදිනෙදා කටයුතුවලදී පරිස්සම් වන්න.



අය 07 වැය 06

ජය අංකය 02

ජය වර්ණ – රතු

සුබ දවස – සිකුරාදා

සුබසෙත පුවත්පත ඇසුරෙන්.. 
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්







Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top