අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නොබෙල් සාම ත්‍යාගය ලබාගැනීමේ සිහිනය අද බිඳවැටීමත් සමඟ ධවල මන්දිරය ඒ පිළිබඳ දැඩි ප්‍රතිචාරයක් දක්වා තිබෙනවා.
අද පස්වරුවේ නෝර්වේජියාවේ නොබෙල් කමිටුව නිවේදනය කළ පරිදි 2025 නොබෙල් සාම ත්‍යාගය වෙනිසියුලාවේ විපක්ෂ නායිකා මාරියා කොරිනා මචාඩෝට පිරිනැමුණා.
ධවල මන්දිරය ඊට කෝපයෙන් ප්‍රතිචාර දක්වමින්, නෝර්වේජියානු නොබෙල් කමිටුව"සාමයට වඩා දේශපාලනයට තැන දුන්"බවට චෝදනා කර තිබෙනවා.
ලොව කීර්තිමත්ම සම්මානය වන මෙය දිනා ගැනීම සඳහා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මාස ගණනාවක් තිස්සේ වෙහෙසකර ව්‍යාපාරයක් දියත් කළා.
එම සාම තයාගය ලැබීමට ඇති ඔහුගේ කැමැත්ත විවෘතව ප්‍රකාශ කළ ඔහු මෑතකාලීනව එය ඉලක්ක කරගනිමින් වැඩ කළ බවක් පෙනෙනේනට තිබු බව විදෙස් වාර්තාවල දැක්වෙනවා.
වසර 2ක් තිස්සේ පැවති ගාසා යුද්ධය අවසන් කළ බවට ට්‍රම්ප් ප්‍රකාශ කළ නමුත් ඒ වනවිටත් කමිටුව නොබෙල් සාම ත්‍යාගලාභියා තීරණය කර තිබුණා.
නමුත් ත්‍යාගය වෙනිසියුලානු විපක්ෂ නායිකාවට හිමි වීමෙන් අනතුරුව, ධවල මන්දිරයේ සන්නිවේදන අධ්‍යක්ෂස්ටීවන් චියුං සමාජ මාධ්‍ය වේදිකාවේ පණිවිඩයක් නිකුත් කරමින් දැඩි ප්‍රතිචාරයක් දැක්වීම කැපී පෙනෙනවා.
කෙසේවෙතත් සමාජ ජාලය පුරාවටම මේවනවිට සංසරණය වන්නේ සැබෑ සාම ත්‍යාගලාභියාගේ නොව, ට්‍රම්ප්ගේ ඒ පිළිබඳ සැකසූ විවිධ පෝස්ටු වන අතර එය ‘මීම්ස් සාදයක්’ වැනි බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
