Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Oct
22
මේ ආහාර කනකොට අක්මාවේ තෙල් නිකන්ම දිය වෙලා යනවා...

- මේ ආහාර කනකොට අක්මාවේ තෙල් නිකන්ම දිය වෙලා යනවා...Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

12,768 Views

මුලින්ම අක්මාවේ ශරීර විද්යාත්මක ව්යුහය (Anatomical Structure ) සහ කාර්යභාරය සරලව විමසා බලමු..

අක්මාව ශරීරයේ උදර කුහරයේ දකුණු පසට වෙන්නට ,උරස් හා උදර කුහරය වෙන්වන සීමාවට පහළින් පිහිටා ඇත.

ශරීරයේ දෙවන විශාලතම ඉන්ද්රිය වේ.

 නිරෝගී අක්මාව ත්රිකෝණාකාර, කිලෝග්රෑම් 1.5 ක් පමණ බර වන අතර රතු-දුඹුරු පැහැ වේ.

 අක්මාව ශරීරයේ වැදගත්ම ඉන්ද්රියක වන අතර එයින් විශාල කාර්යභාරයක් සිදුවේ.

 පරිවෘත්තීය ක්රියාවලට අවශ්ය හෝර්මෝන, ප්රෝටීන, ලවණ නිපදවීම.

 ශරී⁣රයේ විෂ ද්රව්ය ඉවත් කිරීම.

අක්මාව ආශ්රිතව බොහෝ රෝග තත්වයන් ඇති වුවත් අක්මාවේ නියමිත ප්රමාණය ඉක්මවා මේද තැන්පත් වීම පිළිබඳව සලකා බලනු ලැබේ...

අකමාවේ මුළු බර ප්රමාණයෙන් 5-10% ක පමණ ප්රමාණයක් මේද තැන්පත්  වී තිබීම සාමාන්ය වේ

 මේ ප්රමාණය ඉක්මවා  තෙල් තැන්පත් වීම Fatty Liver නම් වේ. බොහෝ අයට විවිධ මට්ටම්වලින් මෙම⁣ රෝගය ඇති බව සැලකෙන නමුත් ඒ බව ඔවුන් නොදනී.  

 අධික මත්පැන් පානය කිරීම සේ සඳහා ප්රධාන හේතුව වන අතර ,එසේ නොවන අයගේද දැන් මෙම රෝග තත්වය ඇතිවෙමින් පවතියි, එයට පහත හේතූන් බලපායි.

 දියවැඩියාව
 අතිස්ථූලතාවය
 අධි රුධිර පීඩනය
 රුධිරගත මේදය වැඩි වීම
 උදර, තට්ටම් ආදී ස්ථානවල මේද ස්ථරය සඳහා සිදු කරන රූපලාවන්යමය සහ ශල්යමය ප්රතිකාර.
 කාලීනව භාවිතා කරන ඖෂධ වර්ග

 මෙම තත්වය කාන්තාවන්ට වඩා පිරිමින්ට සුලබ වේ.

 මෙම රෝගයේදී ඇතැම් අයට රෝග ලක්ෂණ නොපෙන්වන අතර ඇතැමුන්ට

 වෙහෙස නොවී වෙහෙස දැනීම.
 ආහාර අරුචිය
 බඩ පුරවා දැමීම, ඔක්කාරය.
 උදරයේ අක්මාව ඇති ප්රදේශයේ කැක්කුම.

 මෙම මේද තැන්පත් වීමේ ප්රමාණය අනුව අදියර තුනක් (Grade I, II, III) ය⁣ටතේ වර්ග කෙරෙයි.

 රුධිර පරීක්ෂා සහ ස්කෑන් පරීක්ෂණ මඟින් මෙම තත්වය පිළිබඳව තහවුරු කරගත හැක.

 මෙම මේද තැන්පත් වීම නිසි ප්රතිකාර, ව්යායාම සහ නියමිත ආහාර සහ විහරණ අනුගමනය නොකිරීමෙන් එක් අදියරක් තවත් අදියරකට පත්වීම සහ අවසනදී සිරෝසිස් තතවයට පත් වීම සිදු විය හැකිය.

 මෙම තත්වය වළක්වා ගැනීමට සිදු කළ යුතු දේ..

 මත්පැන් සහ දුම් පානය නතර කළ යුතුය.
 BMI අනුව ශරීරයේ බර පවත්වා ගැනීමට අදාළ ආහාර රටාවන් සහ ව්යායාම විධි අනුගමනය කළ යුතුය.
 මාංශ වර්ග අනුභවය අවමකළ යුතුය.
 ගැඹුරු තෙලේ බදින ලද ආහාර , සංතෘප්ත මේද වර්ග අඩංගු ආහාර වලින් වැළකිය යුතුය.( ෆ්රෙන්ච් ෆ්රයිස්, ඩෙවල් වර්ග, සෝස් වර්ග)
 කේක් පුඩිං සහ වටලප්පන් වර්ග, අයිස් ක්රීම්, සියළුම කිරි ආහාර වර්ග
 සීනි සහ පැණි රස ආහාර භාවිතය අවම කළ යුතුය.
 සුදු සහල් බත් සහ බේකරි ආහාර(පාන් පිටි නිෂ්පාදන ආහාර) අවම කළ යුතුය.
හාර දිරවීමට ඍජුවම බලපාන මානසික සාධක වන ක්රෝධ, ඊර්ෂ්යාව , ශෝක, කාංසා වැනි මනෝභාවයන් ගෙන් මිදිය යුතුය.
 ප්රමාණවත් රාත්රී නින්දක් ලැබිය යුතුයි. (රාත්රී වේලාසන නින්දට යාම සහ උදෑසන කලින් අවදි වීම.)
 දිවා කාලයේ නිදා ගැනීමෙන් වැළකිය යුතුය.
 සුදුසු ආහාර සහ පාන වර්ග
 
හීනටි, සුවඳැල්, මඩතවාළු, පච්චපෙරුමාල් වැනි සහල් වර්ග පරිභෝජනය ඉතා සුදුසුය.

 හීන් බෝවිටියා, පිටවක්කා, යකිනාරං, මොණරකුඩුම්බිය කොළවලින් , ඉහත සහල් යොදා පිසින කැඳ ඉතා සුදුසුය.

 ගොටුකොළ, සාරණ, කිරිහැන්ද, කිරිඅගුණ, තම්පලා, මුගුණුවැන්න,ගිරාපළා ආදිය ආහාරයට එක් කර ගැනීම ඉතා සුදුසුය.

 රාත්රී ආහාරයට වැටකොළු, පතෝල, කැකිරි, පිපිඤ්ඤා, බණ්ඩක්කා , ගෝවා වැනි එළවළු වර්ග අමුවෙන් සහ තම්බා ආහාරයට ගැනීම ඉතා සුදුසු
ය.
 පැළ මුං සකස් කර සම්බෝල ලෙස ,ව්යංජන ලෙස ගැනීම සුදුසුය.

 තේ, කෝපි වෙනුවට රණවරා, බෙලිමල්, කොත්තමල්ලි තම්බා පානය ඉතා සුදුසුය.

 සුදුළූණු සහ උළුහාල් තම්බා බීම ඉතා සුදුසුය.

 අක්මාගත මේද තත්වය සඳහා ආයුර්වේද ප්රතිකාර

 ඇතැම් අය BMI තුළ සිටියත්, ශරීර ප්රමාණයෙන් කෙසඟ වුවත් මෙම තත්වයෙන් පෙළිය හැකිය.

 ⁣මෙම තත්වය පළමු අවස්ථාවේ පවතී නම් ආහාර රටාව සහ ව්යායාම මඟින් සුව කරගත හැකිය.

 වර්තමාන කාලයේ ඉතා ජනප්රිය හීන් බෝවිටියා කැඳ හෝ කොළකැඳ පානයෙන් පමණක් මෙම රෝගයේ තුන්වන අදියර සුව කර ගැනීම සිදු කරගත නොහැක.

දෙවන සහ තුන්වන අවස්ථාවන් සඳහා නිසි රෝග පරීක්ෂාවක් සිදුකර, නිසි ආහාර විහරණ රටා සහිතව ආයුර්වේද ඖෂධ ලබා ගැනීමෙන් සති 3-6 ක කාලයක් තුළ සම්පූර්ණ සුවය ලබා ගත හැකිය.

උපුටා ගැනිඉම [ අන්තර්ජාලය} 
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්







Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top