ඉෂාරා සෙව්වන්දිට රැකවරණය සැලසීමේ චෝදනාව යටතේ තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිසිය සඳහන් කළේ, පොලිස් කොස්තාපල්වරයෙකු, ඔහුගේ බිරිඳගේ මව සහ සංවිධානාත්මක අපරාධකරුවෙකු බව කියන "මතුගම ශාන්" ගේ සමීපතමයෙකු මෙලෙස අත්අඩංගුවට ගත් බවයි.
කෙසේ වෙතත්, නේපාලයේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ ඉෂාරා සෙව්වන්දි ඇතුළු සැකකරුවන් 6 දෙනා සම්බන්ධයෙන් පැය 72 ක රැඳවුම් නියෝග මත පොලිසිය මේ වන විට ප්‍රශ්න කිරීම් ආරම්භ කර තිබෙනවා.
ඒ අනුව ඉෂාරා සෙව්වන්දි වැඩිදුර විමර්ශන සඳහා ඇය සැඟව සිටි මතුගම ප්‍රදේශයට රැගෙන ගොස් ඇති අතර, එහිදීද කරුණු රැසක් අනාවරණ කර ගැනීමට පොලිසිය සමත්වුණා.