Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Oct
25
මේ දවස ඔබගේ ජීවිතයට ගොඩක් විශේෂ දවසක් වේවි, නොවැම්බර් මස 2වැනිදා.. ලග්න 4කට සුබපල උදාකරමින් මේ සිද්ධ වෙන්න යන දේ දැනගන්න කැමතියිද?

- මේ දවස ඔබගේ ජීවිතයට ගොඩක් විශේෂ දවසක් වේවි, නොවැම්බර් මස 2වැනිදා.. ලග්න 4කට සුබපල උදාකරමින් මේ සිද්ධ වෙන්න යන දේ දැනගන්න කැමතියිද?Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

1,740 Views

මේ ගෙවෙන්නේ 2025 වසරේ අවසාන කාලයයි. ඒත් ඔබේ ජීවිතය වෙනස් කරන්න මේ කාලය පවා හේතුවෙන්න පුළුවන්.

අන්න ඒ ගැන ඇසෙන කතාව දැනගන්න ඔබත් කැමතියිද?


"පංච මහා පුරුෂ යෝග අතරින් මාලවි නම් යෝග බලයත් පියුමාකාර යෝගයත් මේෂ, කටක, තුලා, මකර රාශි සතරට දැනුම අවබෝධය, විඥානය ළඟා කර උසස් ජනජීවිත රටාවකට මාර්ගය සලසමින් නොවැම්බර් 02 රිවිදින අපරභාග 01.16ට සිකුරු ස්වක්ෂේත්‍රව තුලා රාශිගත සංක්‍රමණය සිද්ධ කරන්නේය. මෙය නොවැම්බර් 26 දක්වා දින විසිපහක් පුරා පවතින අතර එම ලග්න හිමියන්ගේ කීර්තිය, ප්‍රශංසාව, දැනුම අවබෝධය වර්ධනය කෙරෙනු ඇත. අවශේෂ වූ යෝග පොකුරකින් ඉදිරි ගමන්මඟ වර්ණවත් වනු ඇත .

නීච භංග රාජයෝගය රාශි දොළසටද, මේෂ, කටක, තුලා, මකර ලග්නවලට පංච මහා පුරුෂ යෝග අතරින් ගුරු හංස යෝගයද මිථුන, ධනු ලග්නහිමියන්ට සිංහාසන යෝගය ද මේෂ, මිථුන, කටක, සිංහ ලග්නවලට චන්ද්‍ර චූඩා යෝග බලයද මඟින් මහත් සැප සම්පත් ඇතුළු සුබපල උදා කරනු ඇත. තුලා, ධනු, මකර, කුම්භ රාශි සතරට පරිජාත යෝග බලයද ජූලි 13 ශනි වක්‍රය නොවැම්බර් 10 බුධ වක්‍රය ද නොවැම්බර් 29 බුධ නිවෘතයද නොවැම්බර් 11 ගුරු වක්‍රයද නොවැම්බර් 28 ශනි නිවෘතයද වෘෂභ, සිංහ, වෘශ්චික, කුම්භ රාශි සතරට රුචක යෝග බලයද ආශ්‍රිතව ලග්න දොළසටම ජීවිතයේ ඉතා වැදගත් කාලපරිච්ඡේදයක් ගතවන බව පැවසිය හැකිය.

නොවැම්බර් 02 සිට නොවැම්බර් 26 දක්වා ජන්මලාභය ලබන දරු දැරියන් භාග්‍යමත් පිරිසක් වනු ඇත. ලලනාවන්ට වාසනාව උදා කරන කාල පරාසයකි.

රටට අපේක්ෂා නොකළ අබිරහස් කුමන්ත්‍රණ රැසකට මුහුණ දීමට සිදු විය හැකිය. දෙස්විදෙස් රැකියා ප්‍රතිලාභ වර්ධනය වීමක් විද්‍යමාන කෙරෙනු ඇත. වනිතාවන්ට ගෘහ කර්මාන්ත සඳහා සුබදායී වන අතර නිෂ්පාදන ධාරිතාව වැඩි වීමෙහි ප්‍රවණතාවක් පෙන්වයි. චිත්‍ර ශිල්පීන්, සංගීතඥයන් නළුනිළියන් බහුතරයකට සුබදායී වනු ඇත. සෞන්දර්යයට, කාව්‍යයකරණයට, ආදරයට, ප්‍රේමයට, හිතකරවූ ලෞකික සැප සම්පත් ප්‍රශස්ත වූ කාලයක් විශ්වය පුරා උදාකරනු ඇත. විශ්වීය කේන්දර සටහන සහ ශ්‍රී ලංකා ජනරජ කේන්දර සටහන සලකන විට ප්‍රජාවට අහිතකර තත්ත්ව දුරැලීමට ආශිර්වාද පූජා ශාන්තිකර්මවල නියැළීම සුදුසු වෙයි.

කාලගුණික, දේශගුණික , පාරිසරික විනාශවීම් ආදියෙන් ආරක්ෂා විය යුතු අතර රාජ්‍යය යාන්ත්‍රණයෙහි මෙන්ම මහාමාර්ග, දුම්රිය, නාවික , ගුවන් ගමන් ආශ්‍රිතව ඛේදවාචක, නිර්මාණයවී යාමෙහි ප්‍රවණතාවයක් ද මතුවෙයි.

සිකුරුගෙන් ශුභඵල ලෙස සිකුරුගේ කාරකත්වය දරන සුඛෝපභෝගි මෝටර් රථ, රූපවාහිනී, පරිගණක, සුවඳවිළවුන්, රෙදිපිළි, ජංගම දුරකථන වැනි භාණ්ඩ වැඩිපුර අලෙවි වෙයි. අශුභඵල විපාක ලෙස අපයෝජන සහ ලිංගික දුර්වල දුරාචාර කෙරෙහි මෙන්ම මත්ද්‍රව්‍යය ආදියට මිනිසා බහුලව යොමු වෙනු ඇත.

මේෂ රාශිය
ඔබේ නිවෙසට ලක්ෂ්මී බැල්මක් සමඟ 07 වැන්නෙහි නීච භංග රාජයෝග බැල්මද ශුභවාදි වෙයි. සමාරම්භක කටයුතු සතුටුදායක වන අතර, අරමුණු බොහෝදුරට සාර්ථක වන්නේය. හදිසි තීරණ, තීන්දු නොගත යුතුය.

වෘෂභ රාශිය
කරගෙනයෑමට ප්‍රාර්ථනා කෙරෙන අභිමතාර්ථ බොහෝදුරට සතුටුදායක බවට පත්වනු ඇත. රැකියා ආදායම් මාර්ග උසස්වීම්, විජයග්‍රහණ, දියුණුව බොහෝදුරට සාර්ථක කෙරෙනු ඇත. විවාහ මංගල කටයුතු ද සමඟ සබඳතා කටයුතු සතුටුදායක වෙයි. පවුල් ජීවිතය උසස් වනු ඇත.

මිථුන රාශිය
උසස් අධ්‍යාපනය දෙස්විදෙස් සංචාරක කටයුතු යෙදෙනු ඇත. උසස්විම්, සිතැඟියාවන් හොඳින් ඉටු කරගැනීමට හැකි වෙයි. පොත්පත් ලිපි ලේඛන කටයුතු සතුටුදායක වෙයි. අභිමතාර්ථ සඵල වෙන දේපොළ වස්තු ළඟාකෙරෙන පුණ්‍යවන්ත කලාකාමී කාලපරාසයකි. ප්‍රභූ ජනයාව ඇසුරු කරයි.

කටක රාශිය
බොහෝදුරට අරමුණූ සඵල වෙයි. ගුණාත්මක සිතැඟියාවන් සහ ක්‍රියාකාරකම් ශුභවාදී වනු ඇත. එහෙත් සතුරු උවදුරු කෙරෙහි අවධානය යොමු කරන්න. කලබලකාරී නොවීමට වග බලා ගන්න. ආශ්‍රිත උදවියගේ කතාබහ කෙරෙහි අවධානය විශේෂයෙන් යොමුකළ යුතුය. ආගම දහමට අනුව බුද්ධිමත්ව දූරදර්ශීව ක්‍රියා කිරීම සුබය.

සිංහ රාශිය
දැනට යොදා ගෙන ඇති කටයුතු හැකිතාක් ඉදිරියට සාර්ථක කරගැනීමට සිතන්න. සහෝදර සහෝදරියන් උසස් දියුණුවකට පත්වෙයි. යම් යම් ආරවුල් මතභේද බොහෝදුරට බලපානු ඇත. පවුල් ඒකකයෙහි යම් යම් සිද්ධීන් අවුල් සහගත වෙයි. හදිසි ආපදා විපත් රෝගාබාධක යෙදිය හැකි බැවින් පරෙස්සම් වීම සුදුසුය.

කන්‍යා රාශිය
කලක් ප්‍රමාදවූ අරමුණු සාර්ථකත්වය කරා තුඩුදෙනු ඇත. පොත්පත් ලිපිලේඛන, ආශ්‍රිත කටයුතු මෙන්ම මූලික අවශ්‍යතා සෑම අවස්ථාවකදීම අවධානයෙන් කළ යුතුව ඇත. ධනය ආශ්‍රිතව ක්‍රමවත් කටයුතු කරගෙන යනු ඇත. මුදල් ආශ්‍රිත සියලුම කටයුතු නොමැළිව ඉටු කරන්න.

තුලා රාශිය
යෝග පොකුරකින් අසිරිමත් ජීවන රටාවකට ඉදිරි කාලපරාසය සැකසෙනු ඇත. උසස් ප්‍රභූන් සමඟ අත්වැල්බැඳ ජීවත්විය හැකි කාලයකි. ලැබීම් අතින් සතුටුදායක වනු ඇත. පවුල් ජීවිතය ආශ්‍රිත වූ ගැටලු රැසක්ම නිරාකරණය කරගත හැකිය. බොහෝ දුරට සිතැඟියාවන් ඉටුවන අසිරිමත් කාලසීමාවකි. දූදරුවන්ගෙන්ද සතුට ලැබෙයි.

වෘශ්චික රාශිය
අරමුණු නොකෙරෙන වියදම් රැසක් දැරීමට සිදුවනු ඇත. හදිසි උත්සව කටයුතු මතුවීමට ඉඩ ඇත. පදිංචිය පිළිබඳව අවුල් සහගත බවක්ද පෙනෙයි. ජීවිතය පිළිබඳව ආකූල ව්‍යාකූලතා රැසක් මතුවීමට ඉඩකඩ ඇත. ආරම්භ කටයුතු ද අධික වියදම් තුළින්ම කරගෙන යාහැකි බවක් පෙනී යයි. හදිසි තීන්දුවලින් වැළකී ක්‍රියා කිරීම ඉතාම යහපත් වෙයි.

ධනු රාශිය
බ්‍රහස්පති උච්චවීම ගුණාත්මක ජීවිතයක ස්වභාවය විද්‍යමාන කෙරෙයි. ලැබීම් උසස්වීම් බාහිර ආදායම් මාර්ග සාර්ථකවීම්ද පෙනෙයි. ආවේගශීලිත්වය හදිසි තීරණ, තීන්දු අවම කරගැනීම වැදගත් වෙයි. අනවශ්‍ය කටයුතු කෙරෙන් දුරස්ථවීම යහපත් වෙයි. දියුණුව මෙන්ම අධ්‍යාත්මිකදියුණුවටද මඟ සැලසෙයි.



මකර රාශිය
නීච භංග රාජයෝගය මාලවී, පියුමාකාර යෝග 10 වැන්නේද, 07 වැන්නෙහි ගුරු හංස යෝග බලයද උදාව ඇත. රෝගාබාධ, නිර්ණාමික, නාමික සොර සතුරු බලවේග මර්දනය වීම, රැකියා ආදායම් මාර්ග සාර්ථකත්වය ඇති වේ. උත්සාහය, උනන්දුව, ධෛර්යය තරමක් දුර්වල විය හැකිය. විවාහ මංගල්‍යය මෙන්ම සම්බන්ධතා දුර්වලවීමත්, භෞතික දේට වඩා අධ්‍යාත්මික පැතිකඩෙහි දියුණු මාර්ගයට පත්වීමත් දිස්වෙයි.

කුම්භ රාශිය
10 වැන්නෙහි රුචක යෝගයද 09 වැන්නෙහි නීච භංග රාජයෝග බලය 06 වැන්නෙහි බ්‍රහස්පති උච්චවීම පදිංචි ස්ථානයද රැකියා ආදායම් මාර්ගවල දියුණුව ඇති කරයි. එහෙත් ජන්ම සෙනසුරු ඒරාෂ්ටකයද සෙනසුරු ලග්නකාරක ඒරාෂ්ටකයද දුබලවීම් මතු කෙරෙයි. ස්ථිරසාර අරමුණුූ කීපයක් ඉටු වෙයි. මානසිකව නිතර ආකූල ව්‍යාකූල බවක් ද දැඩිව මතු කෙරෙයි. අප්‍රමාදව නිසි ශාන්තිකර්ම කරගැනීම ශුභයි.

මීන රාශිය
නීච භංග රාජයෝගය සරලා යෝගය කුජ, බුධ සංයෝගය මෙන්ම ගුරු,ශනි සහ කුජ, ශනි සංයෝගය ප්‍රබලව පිහිටනු ඇත. ලෝකෝත්තර හැගීම් ද දැනුම, අවබෝධය පිළිබඳවද කලකට පෙරාතුව අරමුණූ කොටගත් කරුණූු කාරණා ආශ්‍රිත සිතිවිලි රැසක් නිරන්තරව සිහිපත් වන කාලයකි. බාධක අවහිර දුෂ්කරතා සහ අමනුෂ්‍ය දෝෂය ද බලපානු ඇත."

සුබසෙත පුවත්පත ඇසුරෙන්.. 
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්







Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top