ශ්‍රී ලංකාව සහ ශුද්ධාසනය (Vatican) අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා ස්ථාපිත කිරීමේ 50 වැනි සංවත්සරය සැමරීම නිමිත්තෙන් මෙම සංචාරය සිදුකෙරෙන බවයි එම නිවේදනයේ සඳහන්.
විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත්ගේ ආරාධනාවකට අනුව අගරදගුරු හිමිපාණන් මෙරටට පැමිණෙනු ඇති.
මෙම සංචාරය අතරතුරදී, අගරදගුරු ගැලගර් හිමිපාණන් ජනාධිපති අනුර කුමාර දිසානායක සහ අගමැතිනි හරිනි අමරසූරියද හමුවීමට නියමිතයි.
එසේම, විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් සමග ද නිල සාකච්ඡා පැවැත්වීමට නියමිත බවයි එම නිවේදනයේ සඳහන්.
රාජ්‍යතාන්ත්‍රික සබඳතා ස්ථාපිත කොට එළැඹෙන 50 වැනි සංවත්සරය සනිටුහන් කරමින්, කොළඹ ගාලු මුවදොර හෝටලයේදී විශේෂ අනුස්මරණ උත්සවයක් පැවැත්වෙන අතර, එහිදී අගරදගුරු ගැලගර් හිමිපාණන් විසින් දේශනයක් පැවැත්වීමට ද සැලසුම් කර තිබෙන බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.