මේෂ
කැපී පෙනෙන කාලයකි
අවුල් සහගත කටයුතු කීපයකින් නිදහස උදා කරයි. මේ සතියේ සඳු ග්‍රහයා 10, 11, 12, 1 යන භාව මතින් ගමන් කරයි.
ගෘහ ජීවිතය
පවුලේ අය අතර කැපී පෙනෙන අන්දමේ කටයුතු කීපයක් සිදු කරයි. වෙනදාට වඩා දුරදිග බලා කටයුතු කළ යුතු කාලයකි. අලුත් වැඩකටයුත්තක් ආරම්භ කිරීමට අවස්ථාව උදා කරයි. විශේෂ කෙනකුගේ හමුවීමක් සිදු කරයි. හිතවත්කම් අලුත් කරයි. වාහන අලුත්වැඩියාවක් වෙනුවෙන් වෙහෙසෙන කාලයකි. නොසිතූ වියදමක් දැරීමට සිදු වේ.
රැකියාව
අලුත් රැකියා මාර්ගවලට හේතු සැලසේ. විදෙස් රැකියාවකට අඩිතාලමක් දමයි. එමෙන්ම කරගෙන යන රැකියාවේ කටයුතු සම්බන්ධ පැවැති අවිවේකී බව මඟහැරී යයි. වෙනදාට වඩා උත්සාහයෙන්, උනන්දුවෙන් රැකියාවේ නිරත වෙයි.
අධ්‍යාපනය
තරමක වෙහෙසකාරී ලෙස කරගෙන ගිය උසස් අධ්‍යාපන කටයුතුවලට යම් තරමක නිදහසක් උදා කරයි. කලාව සාහිත්‍ය වැනි කටයුතුවලින් උසස් අධ්‍යාපනයට යොම ුවේ.
සෞඛ්‍යය
කොන්ද ආශ්‍රිත ආබාධයක් හේතුවෙන් වරින්වර ප්‍රතිකාර පැතීමට සිදුවේ. වෙනදාට වඩා ඇවිදිලි වැඩිකරන අන්දමේ කටයුතු යෙදුණත් පරෙස්සම් වීම වැදගත්ය. රුධිරගත සීනි මට්ටම, අධි රුධිර පීඩනය කෙරෙහිද සැලකිලිමත් වීම වැදගත් වේ.
අය 06 වැය 04
ජය අංකය – 09
ජය වර්ණය – නිල්
සුබ දවස – සිකුරාදා
වෘෂභ
විසිතුරු දේට යොමුවේ
සැනසිලිදායක ලෙස සතිය උදා කරයි. මේ සතියේ ඔබේ ලිපිනයට අනුව සඳු ග්‍රහයා 9, 10,11,12 යන භාව මතින් ගමන් කරයි.
ගෘහ ජීවිතය
තරමක කලබලකාරි ගතිපැවැතුම් ඇති කරයි. එහෙත් වෙනදාට වඩා උත්සාහවන්තව කටයුතු සිදු කරයි. විසිතුරු දේ මිලදී ගැනීමට කැමැත්තක් දක්වයි. වගකීමකින් නිදහස සැලසේ. දුර ගමනකට සූදානමක් ඇති කරයි. මෙතෙක් ප්‍රමාදවෙමින් පැවැති පොරොන්දු ගිවිසුමක් සාර්ථක කරයි.
රැකියාව
රැකියාවේ ඉදිරි සැලසුමක් සාර්ථක කරයි. එමෙන්ම කණ්ඩායමක් සමඟ එකතු වී කරන රැකියාවකට හිමිකම් ඇති කරයි. විදෙස් රැකියාවකට සැලසුමක් ඇති කරයි. ඇවිදිලි වැඩිකරන රැකියා මාර්ගයකටද හේතු යෙදේ.
අධ්‍යාපනය
උත්සාහයෙන්, උනන්දුවෙන් අධ්‍යාපන කටයුතු කරගෙන යන කාලයකි. අලුත් දේ ඉගෙනීමට අවස්ථාව උදා කරයි. විශේෂ පාඨමාලාවක් හැදෑරීමට යොමුවේ. තාක්ෂණික අංශයේ කටයුතුවලට යොමුවන කාලයකි.
සෞඛ්‍යය
ශරීර වෙහෙස මහන්සිය ඇති කරයි. පපුවේ සෙම් ගතිය හේතුවෙන් පීඩාකාරි බවක් ඇති කරයි. එමෙන් පාදයේ වළලුකර ආශ්‍රිත ඇතිවන ආබාධයකටද ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවේ.
අය 07 වැය 05
ජය අංකය – 06
ජය වර්ණය – දම්
සුබ දවස – සිකුරාදා
මිථුන
සිත නොසන්සුන් වෙයි
සිතේ නොසන්සුන්තාවයකින් කටයුතු සිදු කරන සතියකි. මේ සතියේ සඳු ග්‍රහයා 8,9,10,11 යන භාව මතින් ගමන් කරයි.
ගෘහ ජීවිතය
මවුපස ඥාතියකුගෙන් උපකාරයක් හිමි කරයි. වෙනදාට වඩා අතමිට සරු වුවත් වියදම් බහුල සතියකි. පරම්පරාගත දේපළ ගැටලුවක් දුරදිග යාමට ඉඩ ඇත. නිතර නිවෙසට යන එන කෙනකු පිළිබඳ සැලකිලිමත් විය යුතු බවක් පෙනේ. වෙනදාට වඩා පිනට දහමට ළැදිව කටයුතු සිදුකරන කාලයකි.
රැකියාව
අවිවේකී වුවත් රැකියාවේ කටයුතු ඉතා සාර්ථක ලෙස කරගෙන යන බවක් පෙනේ. හවුලේ කරන ව්‍යාපාරයකට අත ගසන කාලයකි. රැකියාවේ වෙහෙසකාරි බවක් ඇති කරයි. රැකියා ස්ථානයේ අය අතර සුහදව කටයුතු කිරීමට හැකිවෙයි.
අධ්‍යාපනය
උසස් අධ්‍යාපන කටයුතුවලට සම්බන්ධ වූ අයට සුබදායකයි. කණ්ඩායම් වැඩසටහනකට යොමුවීමට ඉඩ ඇත. නව දැනුම සොයායන මාර්ගවල නිරතවන කාලයකි. අමතර භාෂාවක් ඉගෙනීමට වෙහෙසෙයි.
සෞඛ්‍යය
වරින්වර ඇති කරන ශරීර අභ්‍යන්තරයේ ඇතිවන ආබාධ තත්ත්වයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවේ. ව්‍යායාම්, කෑම, පාලනය මඟින් ශරීර සෞඛ්‍යය ආරක්ෂා කර ගැනීමට වෙහෙසෙන සතියකි. රුධිරගත සීනිමට්ටම කෙරෙහි සැලකිලිමත්වන්න.
අය 06 වැය 04
ජය අංකය 06
ජය වර්ණ – තැඹිලි
සුබ දවස – බදාදා
කටක
සහෝදර බැදීම් තරකරයි
සැනසිලිදායක ලෙස කටයුතු කීපයක් සිදු කරයි. මේ සතියේ සඳු ග්‍රහයා 7, 8, 9, 10 යන භාව මතින් ගමන් කරයි.
ගෘහ ජීවිතය
පැවැති ගැටලු කීපයක් මඟහරවා ගැනීමට හැකිවෙයි. තීන්දු තීරණ ගැනීමේදි දුරදිග සිතා බලන්න. ගේ දොර අඩුපාඩු කීපයක් සම්පූර්ණ කරගැනීමට අවස්ථාව උදා කරයි. සහෝදර බැඳීම් වැඩි කරන කාලයකි. එමෙන්ම පවුලේ අය සමඟ සුහදව කටයුතු කිරීමට අවස්ථාව උදා වෙයි.
රැකියාව
වෙහෙසීම් බහුල රැකියා මාර්ගවලට හේතු යෙදේ. පිරිස් පාලනය, අණදෙන ක්ෂේත්‍රයේ රැකියා මාර්ග හිමි කරයි. රැකියාවේ කටයුතු උදෙසා පදිංචියෙන් පිට වාසය කිරීමට සිදු වෙයි. අතමිට සරු කරන සුළු සුළු රැකියා මාර්ගවලටද හේතු යෙදෙන සතියකි.
අධ්‍යාපනය
උසස් අධ්‍යාපන කටයුතුවල නියැළී සිටින අයට සුබදායකයි. අලුත් දේ ඉගෙනීමට අවස්ථාව උදා කරයි. ගණිත අංශයේ කටයුතුවලින් විශේෂ දක්ෂතා දක්වන කාලයකි.
සෞඛ්‍යය
කොන්ද, උරහිස ආශ්‍රිත ඇතිවන ආබාධයක් හේතුවෙන් වරින්වර පීඩාකාරි බවක් අත්කරයි. හදිසි සෞඛ්‍යය පරීක්ෂණයකටද භාජනයවීමට සිදුවන කාලයකි.
අය 07 වැය 03
ජය අංකය – 06
ජය වර්ණය – දම්
සුබ දවස – බ්‍රහස්පතින්දා
සිංහ
දේපළ ගැටලුවක් නිරවුල්
උත්සාහයෙන් කටයුතු සිදුකරන සතියකි. මේ සතියේ සඳු ග්‍රහයා 6, 7, 8, 9 යන භාව මතින් ගමන් කරයි.
ගෘහ ජීවිතය
තැන්පත් ධනය වැයවන අන්දමේ කටයුතු කීපයක් යෙදීමට ඉඩ ඇත. විශේෂ කෙනකුගේ හමුවීමක් සිදුවීමට ඉඩ ඇති බවක් පෙනේ. වෙනදාට වඩා පුණ්‍ය කටයුතුවලට සහභාගි වන කාලයකි. පරම්පරාගත දේපළ ගැටලුවක් නිරවුල් කර ගැනීමට හැකිවෙයි. විශේෂ කටයුත්තක් වෙනුවෙන් පදිංචියෙන් පිට වාසය කරයි.
රැකියාව
මෙතෙක් කරගෙන ආ ව්‍යාපාර කටයුත්තක් නව මුහුණුවරකින් කරගෙන යෑමට සැලසුමක් ඇති කරයි. එමෙන්ම රජයට සම්බන්ධ රැකියා කටයුතුවල නියැළී සිටින අයට බලාපොරොත්තු නොවූ වෙනස්කම් කීපයකට මුහුණදීමට සිදුවෙයි.
අධ්‍යාපනය
විශේෂ පාඨමාලාවක් හැදෑරීමට යොමුවන කාලයකි. එමෙන්ම දැනුම, බුද්ධිය වැඩි දියුණුවන අන්දමේ කටයුතු කීපයකට සම්බන්ධවීමට සිදු වෙයි. සාහිත්‍යමය කටයුතුවලින් විවිධ ජයග්‍රහණ හිමිකරයි
සෞඛ්‍යය
වරින්වර ඇති කරන චර්මගත ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවෙයි. හදිසි සෞඛ්‍ය පරීක්ෂණයකටද භාජනයවීමට සිදුවන සතියකි. රුධිරගත සීනි මට්ටම කෙරෙහිද සැලකිලිමත් වන්න.
අය 06 වැය 07
ජය අංකය – 09
ජය වර්ණය – රතු
සුබ දවස – සඳුදා
කන්‍යා
අලුත් හිතවතුන් හමුවේ
පැරැණි හිතවත්කමක් අලුත් කරන සතියකි. මේ සතියේ සඳු ග්‍රහයා 5, 6, 7, 8 යන භාව මතින් ගමන්කරයි.
ගෘහ ජීවිතය
දරුවකුගේ ඉදිරි වැඩපිළිවෙළක් වෙනුවෙන් වෙහෙසීමට සිදුවෙයි. වෙනදාට වඩා ආගමික භක්තියෙන් කටයුතු සිදු කරයි. තීරණ ගැනීමේදි දුරදිග සිතා බලන්න. හිතවතකුගේ භෝජන සංග්‍රහයකට සහභාගිවීමට කටයුතු උදා කරයි. පැවැති නීති ගැටලුවකින් නිදහස උදා කරයි. අලුත් හිතවත්කම්වලට කරුණු සැලසෙන සතියකි.
රැකියාව
රැකියාවේ ඉදිරි සැලසුමක් වෙනස් කරයි. දරුවන්ට දැනුම ලබාදීමේ රැකියා මාර්ගවලට යොමුවන කාලයකි. තැන තැන ඇවිදිලි වැඩිකරන රැකියා මාර්ගවලට හේතු යෙදේ. අතමිට සරුකරන ස්වයංරැකියා මාර්ගවලටද යොමුවන කාලයකි.
අධ්‍යාපනය
විවිධ බාධා මධ්‍යයේ අධ්‍යාපන කටයුතු කරගෙන යයි. පොත්පත් ලිවීමට මෙන්ම කියවීමටද කැමැත්තක් දක්වයි. අමතර භාෂාවක් ඉගෙනීමට වෙහෙසෙයි. සාහිත්‍ය හා කලා කටයුතුවලට වැඩි කැමැත්තක් දක්වයි.
සෞඛ්‍යය
කන්වල හෝ ඇසේ හටගන්නා ආබාධයක් හේතුවෙන් පීඩා අත්කරයි. හදිසි ප්‍රතිකාර පතා දුරපළාතකට යාමට සිදු වෙයි. එමෙන්ම සෙම් දෝෂ බලවත්වීමෙන් හිසේ ආබාධයක් ඇතිවිය හැකිය.
අය 07 වැය 03
ජය අංකය – 09
ජය වර්ණයට – දම්
සුබ දවස – බදාදා
තුලා
හවුල් ව්‍යාපාර ඇරැඹීමට සුබයි
අලුත් බලාපොරොත්තු ඇතිකරන සතියකි. මේ සතියේ සඳු ග්‍රහයා ගමන් කරන්නේ 4, 5, 6, 7 යන භාව මතිනි.
ගෘහ ජීවිතය
වෙනදාට වඩා විනෝදයෙන් සැහැල්ලුවෙන් ගත කරයි. අලුත් දේ මිලදී ගැනීමට කටයුතු උදා කරයි. පොරොන්දු ගිවිසුමක් සාර්ථක කරන කාලයකි. පවුලේ කටයුතුවලදී මූලිකත්වයක් ගන්නා බවක් පෙනේ. විදෙස් ඥාතියකුගේ පැමිණීමක් සිදුවීමට ඉඩ ඇත. වෙනදාට වඩා පින් දහම් කටයුතුවල නිරතවන බවක් පෙනේ.
රැකියාව
රැකියාවේ කටයුතු සම්බන්ධ වෙහෙසීම් වැඩි කරයි. ජලාශ්‍රිත කටයුතු සම්බන්ධ රැකියා මාර්ගවලට හේතු ඇති කරයි. හවුල් ව්‍යාපාරයකට ඉඩකඩ ඇති කාලයකි. උත්සාහයෙන් උනන්දුවෙන් රැකියාවේ කටයුතු කරගෙන යයි.
අධ්‍යාපනය
උගත් දෙයින් ප්‍රයෝජන ලබා ගත හැකි සතියකි. තරගකාරි කටයුතු කීපයකට සම්බන්ධවීමට සිදුවෙයි. අමතර භාෂාවක් ඉගෙනීමට වෙහෙසෙයි. කණ්ඩායම් වැඩසටහනකට සම්බන්ධ වීමට අවස්ථාව උදා කරයි.
සෞඛ්‍යය
සෙම් අමාරු, උගුර ආශ්‍රිත අමාරු හේතුවෙන් පීඩාකාරි බවක් ඇති කරයි. වරින්වර හට ගන්නා දතක අමාරුවකට ද ප්‍රතිකාර පතන බවක් පෙනේ. වෙනදාට වඩා කෑම බීම ගැන මෙන්ම ශරීර සෞඛ්‍යය ගැනද සැලකිලිමත් වන්න.
අය 07 වැය 05
ජය අංකය – 04
ජය වර්ණය – කොළ
සුබ දවස – ඉරිදා
වෘශ්චික
විදෙස් රැකියා ලාභ
සැලසුම් කීපයක් සාර්ථක කර ගැනීමට හැකිවන සතියකි. මේ සතියේ සඳු ග්‍රහයා 3,4,5, 6 යන භාව මතින් ගමන් කරයි.
ගෘහ ජීවිතය
වෙනදාට වඩා සැනසිලිදායක බවක් ඇති කරයි. යන එන තැන කැපී පෙනේ. මවු පාර්ශ්වයේ ඥාතියකුගේ උපකාරයක් හිමිකරයි. නිතර පිනට දහමට ළැදි කාලයකි. දරුවකුගේ ඉදිරි දියුණුව වෙනුවෙන් පියවර ගැනීමට සිදුවන කාලයකි.
රැකියාව
අලුත් රැකියා අපේක්ෂාවෙන් සිටින අයට සුබදායකයි. කරගෙන යන රැකියාවට අමතර සුළු සුළු ලාභ හිමිකරන රැකියා මාර්ගවලට හේතු යෙදේ. විදෙස් රැකියාවක් පිළිබඳ බලාපොරොත්තුවක් ඉටුකරයි. ස්වයංරැකියා කටයුත්තකට අත ගසන කාලයකි.
අධ්‍යාපනය
උසස් අධ්‍යාපන වරම් අපේක්ෂාවෙන් සිටින අයට සුබදායකයි. අලුත් පොත්පත් මිලදී ගැනීමට අවස්ථාව සැලසෙන සතියකි. අමතර භාෂාවක් ඉගෙනීමට වෙහෙසෙන බවක් පෙනේ.
සෞඛ්‍යය
වෙනදාට වඩා ශරීර සෞඛ්‍යය පිළිබඳ සැලකිලිමත්වන්න. පරම්පරාගත රෝගයක් ඉස්මතුවිය හැකි කාලයකි. එමෙන්ම දතක අමාරුවකටද ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවේ.
අය 07 වැය 05
ජය අංකය – 06
ජය වර්ණය – තැඹිලි
සුබ දවස – බ්‍රහස්පතින්දා
ධනු
සැලසුම් කීපයක් සාර්ථකයි
පැවැති වෙහෙසකාරි බව මඟහැරී යන සතියකි. මේ සතියේ ඔබේ ලග්නයට අනුව සඳු ග්‍රහයා ගමන් කරන්නේ 2,3,4,5 යන භාවස්ථානවලයි.
ගෘහ ජීවිතය
ගෘහ ජීවිතයේ කටයුතු සම්බන්ධ වගකීම් බහුල කරයි. තමා ළගින් ඇසුරු කරන අයෙකුගේ දුරස්වීමක් සිදුවීමට ඉඩ ඇත. තීන්දු තීරණ ගැනීමේදී දුරදිග සිතා බලන්න. එහෙත් සතිය මැද කාලයේදී පවුලට අලුත් සාමාජිකයකු එක්වන බවක් පෙනේ. අවිවේකී වුවත් සැලසුම් කීපයක් සාර්ථක කර ගන්නා සතියකි.
රැකියාව
උගත්කමට සරිලන රැකියා මාර්ගවලට හේතු යෙදේ. රැකියාවේ කටයුතු පිළිබඳ පැවැති නොසන්සුන්කාරි බව මඟහැරී යයි. දරුවන්ට දැනුම ලබාදීමේ රැකියා මාර්ගවල නිරතවන කාලයකි. එමෙන්ම රැකියාවේ ඉදිරි සැලසුමක් වෙනුවෙන් වෙහෙසෙයි.
අධ්‍යාපනය
දැනුම, බුද්ධිය වර්ධනය වන කටයුතු කීපයකට සම්බන්ධවීමට සිදු වෙයි. කණ්ඩායම් වැඩසටහනක මූලිකත්වය ගන්නා කාලයකි. දහම් අධ්‍යාපනික කටයුතුවලින් විශේෂ දක්ෂතා දක්වන බවක් පෙනේ.
සෞඛ්‍යය
වරින්වර ඇති කරන කොන්ද ආශ්‍රිත ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවෙයි. එමෙන්ම යටපත් වූ උගුර ආශ්‍රිත ආබාධයක් නැවත මතුකරයි. කෑමෙන් බීමෙන් පරිස්සම් විය යුතු කාලයකි.
අය 07 වැය 05
ජය අංකය – 02
ජය වර්ණය – දම්
සුබ දවස – සඳුදා
මකර
සමාජ සේවයට යොමුවේ
වෙහෙසීම් බහුල සතියකි. මේ සතියේ ඔබේ ලග්නයට අනුව සඳු ග්‍රහයා 1, 2,3, 4 යන භාව මතින් ගමන් කරයි.
ගෘහ ජීවිතය
උත්සාහයේ තරමට ප්‍රතිඵල උදා කරයි. පවුලේ වැඩිහිටියකුගෙන් උපකාරයක් හිමි කරයි. හදිසි ගනුදෙනුවකට ඉඩකඩ ඇති සතියකි. සතිය මැද කාලයේදී වාහන අලුත්වැඩියාවක් වෙනුවෙන් වෙහෙසෙයි. ඥාතියකුගේ දුරස්වීමක් සිදුවීමට ඉඩ ඇත. සමාජසේවා කටයුතුවලට යොමුවන කාලයක් වන අතර තනතුරු නම්බුනාමද හිමි කරයි.
රැකියාව
රැකියාවේ කටයුතුවලට පැවැති බාධාකාරි බව මඟහැරී යයි. වෙනදාට වඩා සිතේ සැහැල්ලුවෙන් රැකියාවේ කටයුතු කරගෙන යයි. කලා ක්ෂේත්‍රයේ කටයුතු සම්බන්ධ රැකියා මාර්ගවලට ඉඩකඩ ඇති කරයි.
අධ්‍යාපනය
උසස් අධ්‍යාපන කටයුතු හේතුවෙන් වෙහෙසීම් වැඩි කරයි. විශේෂ පාඨමාලාවක් හැදැරීමට වෙහෙසෙන කාලයකි. උසස් අධ්‍යාපන කටයුතු සඳහා පදිංචියෙන් පිට වාසයට හේතු ඇති කරයි.
සෞඛ්‍යය
පපුව, පෙණහැල්ල ආශ්‍රිත ආබාධයක් හේතුවෙන් පීඩාකාරි බවක් ඇතිකරයි. ජලය සම්බන්ධ කටයුතුවලින් ඈත්වීම යහපත්ය. හදිසි කැපීම් සිරීම් වැනි සුළු සුළු අනතුරු සිදුවිය හැකි කාලයකි.
අය 07 වැය 06
ජය අංකය – 07
ජය වර්ණය – තැඹිලි
සුබ දවස – බ්‍රහස්පතින්දා
කුම්භ
නොගැළපෙන ඇසුරක්
ලැබීම් සහිත කටයුතු කීපයක් යෙදෙන සතියකි. මේ සතියේ සඳු ග්‍රහයා 12, 1, 2 , 3 යන භාව මතින් ගමන් කරයි.
ගෘහ ජීවිතය
නොගැළපෙන ඇසුරකට හේතු ඇති කරයි. ගෘහ ජීවිතයේ කටයුතු පිළිබඳ වගකීම් වැඩි කරයි. එහෙත් හදිසි තීරණයක් හේතුවෙන් තමාට අවාසිදායක තත්ත්වයක් ඇති කරයි. නිතර පදිංචි ස්ථානයෙන් පිට වාසයට කරුණු ඇති කරයි. අසරණ කෙනකුට උපකාරයක් කිරීමට අවස්ථාව උදාකරයි.
රැකියාව
රැකියාවේ ඉදිරි සැලසුමක් වෙනස් කරයි. අලුත් රැකියා හිමිකම් ඇති කාලයක් වුවත් ඒවාට කරදර බාධා පැන නැඟිය හැකිය. වෙහෙසට පත්වන අන්දමේ රැකියා කටයුතුවලට අවස්ථා උදා කරයි. විදෙස් රැකියාවකට සැලසුමක් ඇති කරයි.
අධ්‍යාපනය
උසස් අධ්‍යාපන කටයුතු හේතුවෙන් පදිංචියෙන් පිට වාසයට හේතු ඇති කරයි. වෙනදාට වඩා පොතපත කියවීමට කැමැත්තක් දක්වයි. ගුප්ත ශාස්ත්‍රය ඉගෙනීමට පෙලඹෙන කාලයකි.
සෞඛ්‍යය
පපුව, පෙණහැල්ල ආශ්‍රිත හට ගන්නා ආබාධ තත්ත්වයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවන කාලයකි. හදිසි වැටීම් තැලීම්වලට ඉඩ ඇති කාලයක් බැවින් පරෙස්සම්වීම යහපත් කරයි.
අය 07 වැය 04
ජය අංකය – 07
ජය වර්ණය – කහ
සුබ දවස – සිකුරාදා
මීන
පදිංචිය අලුත්වෙයි
ලැබීම් සහිත කටයුතු කීපයක් යෙදෙන සතියකි. මේ සතියේ සඳු ග්‍රහයා 11,12, 1,2 යන භාව මතින් ගමන් කරයි.
ගෘහ ජීවිතය
එදිනෙදා කටයුතු උත්සාහයෙන්, උනන්දුවෙන් කරගෙන යන කාලයකි. හදිසි ගනුදෙනුවකින් වාසි කීපයක් අත් කරයි. අලුත් පදිංචියක් පිළිබඳ බලාපොරොත්තු ඉටුකරන කාලයකි. කලකින් නොදුටු හිතවතෙකු හමුවීමට මඟ සැලසේ. වෙනදාට වඩා ආගමික භක්තියෙන් කටයුතු සිදු කරයි.
රැකියාව
රැකියාවේ තනතුරු වෙනස්කම් සිදු කරයි. විදෙස් රැකියාවක් වෙනුවෙන් සැලසුමක් ඇති කරගනී. උගත්කමට සරලින රැකියා මාර්ගවලට හේතු සැලසෙන කාලයකි. අලුත් ව්‍යාපාර කටයුත්තකට අතගැසීමට අවස්ථාව උදා කරයි.
අධ්‍යාපනය
තරගකාරි කටයුතු කීපයකට සම්බන්ධ වීමට සිදුවෙයි. වෙනදාට වඩා පොත්පත් කියවීමට රුචිකත්වයක් දක්වයි. දහම් අධ්‍යාපනික කටයුතුවලින් විවිධ ජයග්‍රහණ හිමි කරයි.
සෞඛ්‍යය
වරින්වර ඇතිකරන කොන්ද, උරහිස සම්බන්ධ ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදු වේ. දේශීය වෛද්‍ය ප්‍රතිකාර පතා දුර පළාතකට යාමට සිදුවෙයි. හදිසි සෞඛ්‍ය පරීක්ෂණයකටද භාජනයවීමට සිදුවෙයි.
අය 08 වැය 04
ජය අංකය – 04
ජය වර්ණය – තැඹිලි
සුබ දවස – සිකුරාදා
සුබසෙත පුවත්පත ඇසුරෙන්..