ප්‍රතිඔක්සිකාරක වලින් පිරී ඇති ග්‍රීන් ටී වලට විවිධ සෞඛ්‍ය ගැටලු රැසකට එරෙහිව සටන් කිරීමේ හැකියාව තියෙනවා. ග්‍රීන් ටී පානය කිරීමෙන් ඔබට ලබාගන්න පුළුවන් සෞඛ්‍යමය ප්‍රතිලාභ ගැන ඔබත් දැනගන්න කැමති ඇති.
1.මතකය සහ මොළයේ ක්‍රියාකාරිත්වය වැඩිදියුණු කරන්න පුළුවන්
අධ්‍යයන වලින් කියන්නේ ග්‍රීන් ටී බොන එකෙන් අපේ මොළයේ ක්‍රියාකාරිත්වය, මනෝභාවය සහ මතකය වැඩි දියුණු වෙනවා කියලා. මේකට හේතුව වෙන්න පුළුවන් මේකේ තියෙන කැෆේන් සහ L-තියානීන් වගේ සංයෝග. 2020 දී කරපු අධ්‍යයනයකින් පෙන්වලා තියෙනවා මැදි වයසේ සහ වැඩිහිටි අයගේ මතකය දුර්වල වීම 64%කින් අඩු වෙන්න ග්‍රීන් ටී උදව් වෙනවා කියලා. ඒ වුණත් මේ ගැන තවදුරටත් අධ්‍යයන ඕන කරනවා.
2. මේදය දහනයට උදව් වෙන්න පුළුවන්
2022 දී කරපු පර්යේෂණයකින් හොයාගෙන තියෙනවා ග්‍රීන් ටී වලට පරිවෘත්තීය ක්‍රියාවලියට හොඳ බලපෑමක් කරන්න පුළුවන් කියලා. විශේෂයෙන්ම ව්‍යායාම කරනකොට මේකේ බලපෑම වැඩි වෙනවා. නමුත්, සෞඛ්‍ය ආයතන කියන්නේ බර අඩු කරගන්න ග්‍රීන් ටී එකේ බලපෑම ඉතාම සුළුයි කියලා.
3. සමහර පිළිකා වර්ග වල අවදානම අඩු කරන්න පුළුවන්
මේ ගැන තියෙන සාක්ෂි ඔප්පු වෙලා නැති වුණත්, සමහර පර්යේෂණ වලින් කියන්නේ ග්‍රීන් ටී බොන එකෙන් පෙනහළු පිළිකා සහ ඩිම්බ කෝෂ පිළිකා වගේ දේවල් හැදෙන අවදානම අඩු වෙනවා කියලා. ඒ වුණත්, මේ ගැන තව පර්යේෂණ කරන්න ඕන කරනවා.
4. මොළය වයසට යන එකෙන් ආරක්ෂා කරන්න පුළුවන්
2020 දී කරපු අධ්‍යයනයකින් පෙන්වලා තියෙනවා ග්‍රීන් ටී බොන එක ඇල්සයිමර් රෝගය හා සම්බන්ධ සමහර දේවල් අඩු කරන්න උදව් වෙනවා කියලා. නමුත් 2023 දී කරපු තවත් අධ්‍යයනයකින් කියනවා දවසට තේ කෝප්ප 13කට වඩා බිව්වොත් ඇල්සයිමර් රෝගය හැදෙන අවදානම වැඩි වෙන්න පුළුවන් කියලා. ඒ නිසා මේ ගැන තවදුරටත් සායනික පරීක්ෂණ කරන්න අවශ්‍ය වෙනවා.
5. මුඛ සෞඛ්‍යයට හොඳයි
2021 දී කරපු පර්යේෂණ වලින් හොයාගෙන තියෙනවා ග්‍රීන් ටී බීම හෝ එහි සාරය පාවිච්චි කිරීම මුඛ සෞඛ්‍යයට හොඳයි කියලා. නමුත් මේ පර්යේෂණ ගොඩක්ම කරලා තියෙන්නේ මිනිසුන් යොදාගෙන නෙවෙයි.
6. රුධිරයේ සීනි මට්ටම පාලනය කරන්න උදව් වෙන්න පුළුවන්
2020 දී කරපු අධ්‍යයනයකින් කියනවා ග්‍රීන් ටී කෙටි කාලීනව හිස් බඩ තියෙන රුධිර සීනි මට්ටම අඩු කරන්න උදව් වෙනවා කියලා. නමුත් දිගු කාලීනව බලපෑමක් නැහැ. 2021 දී චීන වැඩිහිටියන් යොදාගෙන කරපු අධ්‍යයනයකින් පෙන්නලා තියෙනවා හැමදාම ග්‍රීන් ටී බොන අය දෙවන වර්ගයේ දියවැඩියාවෙන් මරණයට පත් වීමේ අවදානම 10%කින් අඩුයි කියලා. ඒ වුණත් මේ ගැනත් නිශ්චිත නිගමනයකට ඇවිත් නැහැ.
7. හෘද රෝග වළක්වා ගන්න උදව් වෙන්න පුළුවන්
2022 දී කරපු පර්යේෂණයකින් කියනවා ග්‍රීන් ටී නිතරම බීමෙන් හෘද රෝග සඳහා තියෙන රුධිර පීඩනය වගේ අවදානම් සාධක අඩු කරන්න පුළුවන් කියලා.
8. බර අඩු කරගන්න උදව් වෙන්න පුළුවන්
ග්‍රීන් ටී බර අඩු කරගන්න උදව් වෙනවා කියලා පර්යේෂණ ගණනාවකින්ම පෙන්වලා තියෙනවා. 2022 දී කරපු අධ්‍යයනයකින් හොයාගෙන තියෙනවා දවසට ග්‍රීන් ටී කෝප්ප හතරක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් බොන කාන්තාවන්ට උදරයේ මේදය 44%කින් අඩු වෙන්න පුළුවන් කියලා. නමුත් ග්‍රීන් ටී වලින් බඩගින්න සහ බඩ පිරුණු බව දැනෙන හෝමෝන වලට බලපෑමක් වෙන්නේ නැහැ.
9. ආයු කාලය වැඩි කරන්න පුළුවන්
ග්‍රීන් ටී වල තියෙන ආරක්ෂිත සංයෝග නිසා පිළිකා සහ හෘද රෝග වලින් ආරක්ෂා වෙන්න පුළුවන්. ඒක නිසා ආයු කාලය වැඩි වෙන්නත් පුළුවන්. ජපානයේ කරපු පර්යේෂණයකින් පෙන්නලා තියෙනවා දවසට ග්‍රීන් ටී කෝප්ප පහක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් බොන අයට සාමාන්‍යයෙන් මරණයට පත් වීමේ අවදානම අඩුයි කියලා. 2021 දී කරපු අධ්‍යයනයකින් පෙන්වලා තියෙනවා දවසට ග්‍රීන් ටී කෝප්ප හතක් බොන අයට මරණ අවදානම 62%කින් අඩු වෙනවා කියලා. ඒක හෘදයාබාධ හැදිච්ච අයට පවා අදාළ වෙනවා.
ඒ වගේමයි ග්‍රීන් ටී ගැන දැනගත යුතු දේවල් කිහිපයක්ම තිබෙනවා. මේ දේවල් දැනගැනීමෙන් සහ පිළිපැදීමෙන් ඔබ බොන ග්‍රීන් ටී එකේ බලය වෙනදාටත් වඩා වැඩියෙන් අත්පත් කරගැනීමේ හැකියාව ඔබට හිමිවෙයි.
1. වඩා හොඳ තේ කොළද? Tea bags ද?
අපි සුපිරි වෙළඳසැල් වලට ගියාම බහුල වශයෙන් ගන්න තියෙන්නෙ ග්‍රීන්ටී බෑග්ස් තමයි. මේ කුඩා තේ පැකට්ටු ගෙදරදී හදාගන්න හරිම ලේසියි. ඒ වුණත්, ග්‍රීන් ටී වල ඇති ගුණදායී බව වැඩිපුරම ලබාගන්න ඕනෙ නම් බෑගයේ නැතිව ලූස් එන තේ කොළය සහිත ග්‍රීන් ටී වර්ගයක් පාවිච්චි කිරීම තමයි හොඳ.
ටී බෑග් වල ඇසිරීමේදී තේ කොළය කැබලි හෝ කුඩු කරගන්න වෙනව. එහෙම කරද්දි ග්‍රීන් ටී වල තිබෙන වැදගත්ම රසායනයක් වන කැටචින් කියන ද්‍රව්‍යය ප්‍රමාණය අඩු වෙනව. ඒ වගේම තමයි අපි ටී බෑග් එකක් තම්බා ගනිද්දි එහි ඇති කැටචින් වලින් කොටසක් බෑගයටත් උරාගන්නා නිසා එහි ඇති ගුණාත්මක බවේ අඩුවීමක් සිදුවෙනව.
ඒ නිසා පිළියෙල කරන්න ටිකක් කරදරකාරී උනත්. ග්‍රීන් ටී බෑග් නැතිව කොළ මිලදී ගෙන පානය කිරීමෙන් තමයි හොඳම ප්‍රතිඵල අත්කරගන්න පුලුවන් වෙන්නෙ.
2. ග්‍රීන් ටී බොන්න සුදුසු කොයි වෙලාවටද?
ඔබ ග්‍රීන් ටී බොන්නෙ බර අඩුකරගැනීමේ පරමාර්ථයෙන්නම්, ඔබ ආහාර ගන්න ගමන් ග්‍රීන් ටී බීම තමයි වඩාත්ම සුදුසු වෙන්නෙ. හැබැයි ගැස්ට්‍රයිටිස් වැනි තත්ත්වයන්ගෙන් පීඩා විඳින කෙනෙක්නම් ආහාරත් සමගම ග්‍රීන් ටී පානය කිරීම එතරම් සුදුසු නැහැ.
බර අඩු කරගන්නම නැතිව පිළිකා, දියවැඩියා වැනි ලෙඩ රෝග වළින් වැලකීමට සහ මොලයේ වර්ධනය ගැන හිතල ග්‍රීන් ටී බොන පුද්ගලයෙක්නම්, ආහාර ගැනීමෙන් පැය දෙකකට පමණ පසු ග්‍රීන් ටී පානය කිරීම වඩාත් සුදුසුයි.
3. නිවැරදිව ග්‍රීන් ටී එකක් සකස්කරන ආකාරය
විවිධ වර්ග වල තේ කොළ වලට අනුව ග්‍රීන් ටී සකස් කිරීමේදී පාවිච්චි කල යුතු ජලයේ උෂ්ණත්වය සහ තැම්බිය යුතු කාලය වෙනස් වෙනවා. ඒ නිසා ඔබ ගන්නා ග්‍රීන් ටී වර්ගයේ අසුරනයේ උපදෙස් භාවිතා කිරීම වඩා ආරක්ෂිතයි.
ග්‍රීන් ටී බීමේදී සීනි හෝ කිරි එයට එක්කර නොගැනීමෙන් වඩාත් හිතකර ප්‍රතිඵල ළගාකරගන්න පුලුවන්. විශේෂයෙන්ම කිරි එකතු කරගැනීමෙන් එහි ඇති ප්‍රති ඔක්සිකාරක ගුණය නැසෙන්නට පුලුවන්.
4. දවසට කී පාරක් බොන්න ඕනෙද?
ග්‍රීන් ටී වලින් යහපත් ප්‍රතිඵල ලබාගැනීමට නම් දිනකට ග්‍රීන් ටී කෝප්ප 3ක් පමණ බීම සුදුසු බවයි කියවෙන්නේ. කෝප්ප 5ක් හෝ 7ක් පමණ බීමෙන් බර අඩුවීමේ සීඝ්‍රතාවය වර්ධනය උනත් නින්ද නොයාම, ගැස්ට්‍රයිටිස් වැනි තත්ත්වයන් ඇතිවීමට ඉඩ තිබෙන නිසා දිනකට කෝප්ප තුනක් පමණ පානය කර ව්‍යායාම කිරීම වඩාත් සුදුසු වෙයි.
5. හිස්බඩ බොන්න එපා
උදෑසන අවදි වූ වහාම හිස්බඩ ග්‍රීන් ටී පානය කිරීම සිදු නොකල යුත්තක්. එසේ කිරීම මගින් ඔබගේ සිරුර විජලනයට පත් වී ගැස්ට්‍රික් අම්ලය මුදාහැරීමකට ලක්වන්න පුලුවන්. ක්ලාන්ත ගතිය, කැරකැවිල්ල වැනි ශාරීරික අපහසුතා දැනෙන්නටත් ඉඩ තිබෙනවා.
6. ව්‍යායාමයට පෙර ග්‍රීන් ටී
ග්‍රීන් ටී බීමෙන් විතරක් සීඝ්‍ර බර අඩු කරගැනීමක් කරගන්න එක අපහසු කාරණයක්. ඒ සඳහා ව්‍යායාමත් ඉතා වැදගත් වෙනවා.
ව්‍යායාමයට පෙර ග්‍රීන් ටී පානය කිරීමෙන් ඔබේ ව්‍යායාමවලින් ලැබෙන ප්‍රතිඵල තවත් වැඩි කරගන්න පුලුවන්. ග්‍රීන් ටී අපේ සිරුරේ පරිවෘත්තීය ක්‍රියාවලිය වේගවත් කරනවා. ඒ වගේම එහි ඇති කැෆීන් නිසා ඔබේ දරාගැනීමේ හැකියාව (Endurance) ඉහල නැංවී වැඩි වේලාවක් ව්‍යායාම කිරීමට ශක්තිය ඔබට ලැබෙනවා.
අන්තර්ජාලය ඇසුරෙන්..