Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Oct
31
නිතර නිතර යටි පතුල් හිරිවැටෙන්නේ ඇයි කියලා දන්නවද ?

- නිතර නිතර යටි පතුල් හිරිවැටෙන්නේ ඇයි කියලා දන්නවද ?Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

814 Views

බොහෝ වේලාවක් වාඩිවෙලා සිට නැඟිට ගන්නට උත්සාහ දරද්දී පාදවල දැනෙන අපහසුතාව නිසා අඩිය තියන විට ඔබව මද පසුබෑමකට ලක්වන බව ඔබ අත් විඳ ඇති. 


ඒ සමඟම කොර ගැසීමකට පවා පත්විය හැකිය. එසේ වන්නේ හිරිය දැනෙන විට එන පහසුව නිසයි. මොකක්ද මේ හිරිය කියන්නෙ කියා ඔබට හැඟෙනවා ඇති. නමුත් සමහර අවස්ථාවන් වලදී යටිපතුලේ දැනෙන හිරිය අතිශය වේදනාවක් ගෙන දෙනවා. මෙය බොහෝ දෙනාට වැළඳෙන රෝග තත්ත්වයක්. කොහොම නමුත් එකම ඉරියව්ව මත සිටීම නිසා ඇතිවන හිරිය හා යටිපතුලේ දැනෙන හිරිය අතර යම් වෙනසක් ඇති වෙනවා. නියමාකාරයෙන් රුධිර ගමනාගමනය සිදු නොවීම හේතුකොටගෙන හිරිය ඇතිවුවත් මෙසේ යටි පතුලට හිරිය දැනෙන්නේ අධික ලෙස සිදුවන සෙම හා වාතය කෝප වීම මතයි. ඒ අනුව බොහෝ විට රුධිර නාල තදවීම හෝ ලේ ගමනාගමනයේ අවහිරතා මත එකම ඉරියව්වේ සිටීම නිසා ඇතිවන වේදනාකාරී හිරියට හේතුවයි.

යටි පතුලට එන හිරිය

බර ගතියක් එක්ක එන හිරිය බොහෝම වේදනාව ගෙන දෙන්නකි. ස්නායු තදවීම නිසා ඇතිවූවත් ආයුර්වේදයට අනුව වාතය හා සෙම දෝෂ කෝපවීම මත එය සිදු වේ. නිදි වැරීම, අධික මහන්සිය, ඖෂධ වර්ග දීර්ඝ කාලීනව භාවිතය හා ආහාර පාන වැනි හේතු නිසා වාතය කෝපවීම සිදු වේ. අධික ව්‍යායාම හා සමහර ලෙඩ රෝග නිසාත් වාතය දෝෂවන අවස්ථා හට ගනී. එලෙසම සෙම් දෝෂය වැඩි වූ විට හා වාත දෝෂය යන හේතු දෙක මුල් කරගෙන ඇතිවන රුධිරනාල තෙරපුමට අවහිරතා ඇතිවේ. එවිට ලේ ගමනය අඩාලවීමට පටන් ගනී. සෙම් දෝෂය උත්සන්න වන විට රුධිර නාලවල සෙම් කෝපවීම නිසා අවශ්‍ය පෝෂණය හා ක්‍රියාකාරීත්වය අඩාලවීමට පටන් ගනියි. එසේ වන්නේ රුධිර සැපයුම ක්‍රමවත් නොවන නිසයි. ලැබෙන පෝෂණය අඩුකම නිසා ස්නායු දුර්වලවීමට පටන් ගැනේ. මේ අනුව ස්නායුවලට පෝෂණීය කොටස් නොලැබීම මත හිරි වැටීම ඇති වේ. යටි පතුල කරා නිසි රුධිර සැපයුම අඩාල වන විට මේ තත්ත්වයට මුහුණ දීමට සිදු වේ. ස්නායු යනු ආයුර්වේදයට අනුව වාතය ගමන් කරන මාර්ගයකි. එවිට එහි ඇතිවන ක්‍රියාකාරීත්වයේ වෙනස්කම් මත වාතය නිසි ලෙස ගමන් නොකරයි. එවිට කිපුණු වාතය මේ සෙම හා එක් වී හිරිය ඇති කරයි.


රෝගයට සුදුසු ආහාර

සෙම හා වාතය කෝප නොවන ආහාර ගැනීම ඉතාම සුදුසුයි. මෙම දෝෂයන් සමබරව පවත්වා ගැනීමෙන් මේ තත්ත්වයෙන් මඟ හරවා ගත හැකියි.

සෙම කෝප නොවන ආහාර ලෙස වට්ටක්කා, ලීක්ස්, බෝංචි කැරට්, නොකෝල්, වැටකොළු, පතෝල, කරවිල, අර්තාපල්, අළු කෙසෙල්, කෙසෙල් මුව, තලන බටු ගැනීම සඳහන් කළ හැකියි. සෙම කෝපවන ආහාර ලෙස මෑ කරල්, නිවිති, මුකුණුවැන්නා,බණ්ඩාක්කා, ඇඹුල් කෙසෙල් ගෙඩි, කංකුං, බතල වැනි සීතාධික ආහාරයි. ඒවා සෙම් කෝපවන බැවින් ආහාරයට ගැනීම සුදුසු නැත. ඊට අමතරව නොදිරවෙන ආහාර ගැනීම ද සුදුසු නැත. වාතය කෝප කරවන ආහාර ද මේ රෝගයට සුදුසු නොවනු ඇත. කොස්, කොස් ඇට, හා වියළි ලෙස සකසා ගත් ආහාර ද ගැනීම යෝග්‍ය නැත.


රෝගය ඇතිවීමට හේතු

විශේෂයෙන් මෙවැනි රෝග තත්ත්ව ඇතිවන්නේ වාතය හා සෙම මුල් කොට ගෙනයි. නමුත් බෝ නොවන රෝග තිබීම ද තවත් එක් හේතුවක් ලෙස යටි පතුල් හිරිය ඇතිවීමට දැක්විය හැකිය. විශේෂයෙන් දියවැඩියා රෝගය ඇති අයෙකුට අත් පා වල හිරිවැටීම ඇතිවේ. කොලෙස්ටරෝල් හා වාතරක්ත රෝගයේ දී මේ තත්ත්වයට මුහුණ දීමට සිදු වේ. වැඩියෙන්ම හිටගෙන සිටීම නිසා යටි පතුල්වලට දැනෙන වේදනාව පසුව හිරියක් බවට පත්විය හැකියි. වැඩිවෙලා හිටගෙන සිටීම සුදුසු නොවන බැවින් ඒ ඉරියව්ව වෙනස් කිරීම සුබ දායකයි. එවිට යටි පතුලට කෙරෙන ස්නායු තෙරපීම මඳක් අඩුවීමට පුළුවනි. එසේ ඉරියව් වෙනස් කිරීම මේ හිරියෙන් බේරීමට එක් උපක්‍රමයක් ලෙස ගත හැකියි. කොඳු ඇට පේලියේ යම් ආබාධ නිසා ද යටි පතුලේ හිරිවැටීම හෝ වේදනාකාරී බව ඇතිවිය හැකියි. සමහරවිට තදබල ලෙස පහරදීමකදී හෝ වැටීමකදී කොඳු ඇට පෙලේ අස්ථි බිඳී යාමට පුළුවන. එසේත් නැතිනම් වැරදි ඉරියව් භාවිතය හා අධික බර ඉසිලීමට යාම වැනි හේතු නිසා කොඳු ඇට පෙලේ ආබාධ ඇතිවිය හැකියි. මෙලෙස මෙවැනි වාත කෝපවීම යන ආබාධ නිසා යටි පතුලට හිරයේ බලපෑම් ඇතිවිය හැකියි.

වයසට යාමත් සමඟ සිරුරේ ස්නායු පද්ධතිය දුර්වල වන බව අප දන්නා කරුණක්. නිවැරදි පෝෂණය නොලැබී යාමෙන් ඇතිවන විෂමතා මත ස්නායු හොඳින් පෝෂණය නොවීම නිසා ඒවා දුර්වල වී යයි. එය වයසට යාමත් සමඟ සිදුවන සාමන්‍ය තත්ත්වයකි. ආහාරපාන හොඳින් නොලැබීම යාම, සිරුර ක්‍රියාශීලි නොවීම ඊට හේතු සාධක විය හැකියි. මේ තත්ත්වය මතු වයසට යාමේදී ද මෙසේ පතුල් හිරිවැටීම දැකිය හැකියි.

එවැනි විටෙක ස්නායු පද්ධතියේ යම් බලපෑමක් මත යටි පතුල් හිරිය දැකගත හැකි ප්‍රබල සාධකයක් විය හැකියි.


ප්‍රතිකාර

මේ රෝග තත්ත්වයට ස්වේද කර්ම ක්‍රම යෝග්‍යයි. වාත ස්වේද ක්‍රම හා නාඩි ස්වේද ක්‍රම යන ක්‍රම වේදයන් මගින් ප්‍රතිකාර සිදු කළ හැකියි. විශේෂයෙන් ඔබ ගන්නා ආහාර පානයෙන් නිසි ලෙස මේ සඳහා වැළකී සිටීම වැදගත්. අවශ්‍ය ආහාරපාන පමණක් ලබාගැනීම ඉතාමත් යෝග්‍යයි. වැරදි ලෙස ආහාර පාන ලබා ගැනීම නිසා වාත හා සෙම් කෝප කරන බැවින් ඒවාට සරිලන සුදුසු ආහාරපානවලට යොමුවීම මෙම රෝගයෙන් බේරීමට දරන හොඳ උත්සාහයකි.

ස්වේද කර්ම අතරට ගඩොල් කැටයක් රත්කර විනාකිරි දමා ඉන් එන දුමාරය ඇල්ලීම කළ හැකියි.

ඒ වගේම සහිඳ ලුණු හා විනාකිරි මිශ්‍රිත ස්වේද කිරීම සිදුකිරීම යහපත්.

සෛන්දවාදී තෛලය ගැල්වීම කරන සුදුසු තවත් ප්‍රතිකර්මයකි. මෙහිදී ආහාරපානවලදී ඔබ වඩාත් සැලකිලිමත් විය යුත්තේ විෂම ආහාර ගැනීමේදීය.

විෂම ආහාර ලෙස කිරි සහ මාළු එකට ගැනීම ගොඩ මස් දියමස් එකට ගැනීම සුදුසු නැතිබව ආයුර්වේදයේ පෙන්වා දෙයි. මේවා ගැනීමෙන් සෙම වැඩි වී සෙම් දෝෂය ප්‍රබල වී හැකියි.

දිණමින පුවත්පත ඇසුරෙනි... 
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්







Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top