Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Oct
30
අභ්‍යන්තරයේ උදර තරබාරු බව මේ තරම් භයානකයි කියලා ඔබ නිකමටවත් හිතුවාද..? අධ්‍යයනයකින් හෙළිවූ විශේෂ යමක් ගැන ඇසෙන ආරංචිය මෙන්න..

- අභ්‍යන්තරයේ උදර තරබාරු බව මේ තරම් භයානකයි කියලා ඔබ නිකමටවත් හිතුවාද..? අධ්‍යයනයකින් හෙළිවූ විශේෂ යමක් ගැන ඇසෙන ආරංචිය මෙන්න..Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

2,409 Views

ඔබත් තරබාරු කෙනෙක්ද? එහෙනම් මේ ඇසෙන කාරණය ගොඩක් වැදගත් වේවි. 


සමහරවිට ඔබත් ඔබේ ශරීරයේ බර ගැන සැලකිලිමත් වෙනවා වෙන්න පුළුවන්. ඒත් නිකමටවත් මෙහෙම අවදානමක් ගැන ඔබ හිතන්නවත් නැතුව ඇති.

නිරෝගී බව මැනීමේ ප්‍රධාන නිර්ණායකයක් ලෙස යොදා ගන්නා ශරීර ස්කන්ධ දර්ශකයට (BMI) අභියෝග කරමින් සිරුරේ අභ්‍යන්තරයේ උදර තරබාරු බව (Abdominal Obesity) පැවතිය හැකි බව නව අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) දත්ත ඇසුරින් රටවල් 91ක වැඩිහිටියන් 471,000ක් යොදාගෙන JAMA Network Open සඟරාවේ පළ කළ ගෝලීය අධ්‍යයනයක් මේ බව හෙළි වී තිබුණා.

මෙම තත්ත්වය බැලූ බැල්මට කෙට්ටු නමුත් අභ්‍යන්තරයෙන් මේද ගබඩා වූ 'බාහිරින් කෙට්ටු, අභ්‍යන්තරින් මේද සහිත' හෝ 'කෙට්ටු මේද තත්ත්වය' (Skinny Fat) ලෙස හැඳින් වෙනවා.

විශේෂඥයන් පෙන්වා දෙන්නේ BMI මඟින් බර සහ උස පමණක් සලකා බැලුව ද මේදය ගබඩා වන ස්ථානය නොදක්වන බැවින්, වැදගත් අවයව වටා තැන්පත් වන අභ්‍යන්තර මේදය (Visceral Fat) හඳුනා ගැනීමට එය අසමත් වන බවයි.

අධ්‍යයනයට අනුව සාමාන්‍ය BMI සහිත පුද්ගලයන් 5 දෙනෙකුගෙන් 1කට පමණ මෙලෙස උදර තරබාරු බව තිබී ඇති බව සඳහන්.

මෙම අභ්‍යන්තර මේදය සහිත පුද්ගලයන්ගේ පරිවෘත්තීය ක්‍රියාවලිය, සාමාන්‍ය බරැති පුද්ගලයන්ට වඩා තරබාරු අයගේ පරිවෘත්තීය ක්‍රියාවලියට සමාන බව ද සොයාගෙන තිබෙනවා.

මෙහි බරපතලම සොයාගැනීම වන්නේ, උදරයේ මේදය ඇති මෙම පිරිසට සාමාන්‍ය BMI සහ කුඩා ඉණ ඇති අයට වඩා දියවැඩියාව වැළඳීමේ අවදානම 81%කින් ද, අධි රුධිර පීඩනය ඇති වීමේ අවදානම 29%කින් ද වැඩි වීමයි.

මෙම අවදානම ඉහළ යාමට ප්‍රධාන වශයෙන් බලපා ඇත්තේ අක්‍රිය ජීවන රටාව සහ පලතුරු එළවළු අඩු ප්‍රමාණයක් ආහාරයට ගැනීම බව සඳහන්.

එම නිසා මෙම පර්යේෂණ යෝජනා කරන්නේ නිරෝගී බව තීරණය කිරීමේදී BMI අගය මෙන්ම ඉණෙහි වට ප්‍රමාණය ද සොයා බැලීම අත්‍යවශ්‍ය බවයි.

කාන්තාවන් අඟල් 32, පිරිමින් අඟල් 37 සීමාවට වඩා වැඩි නම් සැලකිලිමත් විය යුතු බව සඳහන්.
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්







Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top