ජනප්‍රිය ගීසාහි මහා පිරමීඩය අසල, ඊජිප්තුව විසින් ලෝකයේ විශාලතම පුරාවිද්‍යා කෞතුකාගාරය ලෙස බොහෝ දෙනෙක් හඳුන්වන, මහා ඊජිප්තු කෞතුකාගාරය (Grand Egyptian Museum - GEM) විවෘත කරලා තියෙනවා.
දශක ගණනාවක සැලසුම් කිරීමෙන් පස්සේ, ඇමරිකානු ඩොලර් බිලියන 1.2ක් වැය කරපු මේ සංකීර්ණය, දැන් ඊජිප්තු ඉතිහාසයේ අවුරුදු 7,000ක් පුරා පැතිර යන පුරාවස්තු 100,000ක් එකට ගෙන එනවා, ඒ පාරාවරුන්ගේ කාලයේ ඉඳන් ග්‍රීක සහ රෝම යුගය දක්වා.
මේ කෞතුකාගාරයේ දකින්නට ලැබෙන ප්‍රධානත ම පුරා වස්තුව තමයි, ටූටන්කාමන් රජුගේ සම්පූර්ණ සොහොන. 1922 දී එය සොයා ගත්තාට පස්සේ පළමු වතාවට තමයි මේක සම්පූර්ණයෙන්ම ප්‍රදර්ශනය කරන්නේ.
වසර සියයකට පෙර ගවේෂක හොවාඩ් කාටර් (Howard Carter) සොයා ගත් ආකාරයටම, නරඹන්නන්ට ටූටන්කාමන් රජුගේ රන් වෙස්මුහුණ, සිංහාසනය, යුද කරත්ත, සහ සන්නාහය පවා බලන්න පුළුවන්.
මීට අමතරව, අවුරුදු 4,500ක් පැරණි පාරාවෝ කුෆුගේ (Pharaoh Khufu) සූර්ය බෝට්ටුවක් (solar boat), මීටර් 16ක් උස එල්ලා තැබූ Obelisk ස්මාරකයක්, සහ පිවිසුමේදී අමුත්තන් පිළිගන්නා දෙවන රැම්සෙස් රජුගේ මීටර් 11ක් උස පිළිමයක් මෙහි තියෙනවා. විශාල වීදුරු බිත්තියක් හරහා නරඹන්නන්ට ගීසා පිරමීඩවල සම්පූර්ණ දර්ශනයක් පේනවා, ඒ තුළින් පුරාණ ශ්‍රේෂ්ඨත්වය නවීන ඊජිප්තුවට සම්බන්ධ කරනවා.
ඊජිප්තුවේ ඉතිහාසය ගැන හදාරන විශේෂඥයෝ කියන්නේ, මේ කෞතුකාගාරය ඊජිප්තුවේ ඉතිහාසයේ නව ස්වර්ණමය යුගයක ආරම්භය සනිටුහන් කරන බවයි.
සමහර විශේෂඥයෝ බලාපොරොත්තු වෙනවා මේ ජයග්‍රහණය නිසා, දැනට විදේශීය කෞතුකාගාරවල තියෙන රොසෙටා පාෂාණය (Rosetta Stone), නෙෆර්ටිටිගේ උඩුකය පිළිමය (Bust of Nefertiti), සහ ඩෙන්ඩෙරා රාශි චක්‍රය (Dendera Zodiac) වැනි වස්තු නැවත ගෙන්වා ගැනීමට ඊජිප්තුව කරන ඉල්ලීම් තව තවත් ශක්තිමත් වෙයි කියලා.
ලෝකයේ හැම තැනින්ම එන සංචාරකයෝ දැනටමත් මේ මහා ඊජිප්තු කෞතුකාගාරය, ජීවිතේ එක වතාවක් හෝ අත්විඳිය යුතු අත්දැකීමක් විදිහට හඳුන්වනවා.
ඔබ ඉතිහාසයට, සංචාරයට හෝ නිර්මාණයට කැමති වුණත්, මේක කෞතුකාගාරයකට වඩා වැඩි දෙයක්. මේක ඊජිප්තුවෙන් ලෝකයට දෙන පණිවිඩයක්: "අපිට මතකයි. අපි ආරක්ෂා කරනවා. අපි නායකත්වය දෙනවා."