විවාහවලට තියන වටිනාකම අඩුවෙලා. මේ කතාව කතාව ඇසුවාම ඔබටත් එහෙම හිතේවි.
ලෝකයේ ඕනෑම ආදර කතාවක් සුන්දර වෙන්නේ එකිනෙකාගේ අනෝන්‍ය බැඳීම මත.
ඒත් අද වෙනකොට මේ බැඳීම් හරිම සංකීර්ණ වෙලා.
විවාහවලට තියන වටිනාකම අඩුවෙලා. මේ කතාව කතාව ඇසුවාම ඔබටත් එහෙම හිතේවි.
නවතම ගෝලීය වාර්තාවලට අනුව, ලොව අඩුම දික්කසාද අනුපාතයක් වාර්තා කරන රටවල් අතර අපේ රටද පෙරමුණේ ඉන්න බව ඔබ දන්නවාද. කෙසේ වෙතත්, නීත්‍යානුකූල දික්කසාද සංඛ්‍යා අඩු වුවද, "මානසික දික්කසාද" ඉහළ යාමේ ප්‍රවණතාවක් මේ වන විට දැකගන්න ලැබෙනවා.
විවාහ අනුපාත වෙනස්වීමට බලපාන සාධක
ආර්ථික සාධක: ඉහළ ජීවන වියදම, නිවාස මිල ඉහළ යාම සහ ආර්ථික අස්ථාවරත්වය තරුණ ජෝඩු විවාහ වීමට සහ දරුවන් ලැබීමට ප්‍රමාද කරයි.
සමාජීය සාධක: කාන්තාවන්ගේ ඉහළ අධ්‍යාපන මට්ටම් සහ ශ්‍රම බලකා සහභාගීත්වය, ලිංගික සමානාත්මතාවය පිළිබඳ ඉහළ අපේක්ෂාවන් සහ වැඩිවන පුද්ගල නිදහස විවාහය කෙරෙහි ඇති සාම්ප්‍රදායික ආකල්ප වෙනස් කර ඇත.
නීතිමය වෙනස්කම්: සමලිංගික විවාහ නීතිගත කිරීම වැනි දෑ විවාහ සංස්ථාවේ විෂය පථය පුළුල් කර ඇත.
ආකල්පමය වෙනස්කම්: පුද්ගලයන් වැඩි වැඩියෙන් විවාහය වෙනුවට විවාහයෙන් පිටත ස්ථාවර සබඳතා (cohabitation) තෝරා ගැනීම.
මෙම ගෝලීය ප්‍රවණතා මගින් පෙන්නුම් කරන්නේ, ආර්ථික, සමාජීය හා සංස්කෘතික වෙනස්කම් හේතුවෙන් විවාහය පිළිබඳ සංකල්පය ලොව පුරා වෙනස් වෙමින් පවතිනවා. ඒ වගේම බොහෝ දියුණු රටවල සහ සංවර්ධනය වෙමින් පවතින රටවල පවා විවාහ අනුපාතයන් දිගු කාලීනව පහත වැටෙමින් ඇත්තේ මෙන්න මේ වගේ සාධක ගණනාවක් නිසා බවත් හෙළිවෙනවා.
ප්‍රමාද වී විවාහ වීම: විවාහ වන සාමාන්‍ය වයස ගෝලීය වශයෙන් ඉහළ යමින් පවතී. මිනිසුන් දිගු කාලයක් අවිවාහකව සිටීමට තෝරා ගන්නා අතර විවාහයකට බැඳීමට පෙර අධ්‍යාපනය සහ වෘත්තීය ජීවිතය කෙරෙහි අවධානය යොමු කරයි.
විවාහයෙන් පිටත සබඳතා සහ දරු උපත් වැඩිවීම: බොහෝ ධනවත් රටවල, විවාහයෙන් පිටත හවුල්කාරිත්වයන් වැඩි වී ඇති අතර, විවාහ නොවී දරුවන් ලැබීමේ ප්‍රතිශතය ද ඉහළ ගොස් ඇත. මෙයින් පෙනී යන්නේ විවාහය සහ දරුවන් ලැබීම අතර සම්බන්ධය ලිහිල් වෙමින් පවතින බවයි.
ළමා විවාහ අඩුවීම: යුනිසෙෆ් (UNICEF) වාර්තාවලට අනුව, සමස්ත ලෝකයේම ළමා විවාහ (අවුරුදු 18ට අඩු) අනුපාතය ඉතා සෙමින් හෝ සැලකිය යුතු ලෙස පහත වැටෙමින් පවතී. කෙසේ වෙතත්, දේශගුණික විපර්යාස වැනි අර්බුද හේතුවෙන් මෙම ප්‍රවණතාව ආපසු හැරවීමේ අවදානමක් පවතී.
කොහොම වුණත් ලෝකයේ විවාහ ගැන අපි මෙන්න මේ විදිහට කතා කරද්දි, මේ තවත් එක් රටක් ගැන ඇසෙන විශේෂ ආරංචියක්.
ඉන්දුනීසියාවේ විවාහ අර්බුදයක් පිළිබඳ රජයේ අමාත්‍යවරයෙක් අනතුරු ඇඟවීමක් කර තිබෙනවා.
මෙම අනතුරු ඇඟවීම නිකුත් වන්නේ පසුගිය වසරේ ඉන්දුනීසියාවේ ආසන්න වශයෙන් යුවළ 400,000 ක් පමණ දික්කසාද වීමත් සමඟයි.
ඔහුගේ ප්‍රකාශයක් උපුටා දක්වමින් විදෙස් වාර්තා පවසන්නේ රට මේ වන විට පවුල් අස්ථාවරත්වයේ ‘කහ එළිය’ අවධියේ පසුවන බවයි. එනම් එය ඇත්තේ නරක අතට හැරෙන සීමාවේයි.
ඉන්දුනීසියාවේ විවාහ බැඳීම් බිඳීයාම සහ පවුල් අස්ථාවරත්වය උග්‍රවීම පිළිබඳව එරට ආගමික කටයුතු පිළිබඳ අමාත්‍ය නසරූඩින් උමාර් මෙම කරුණු ඉදිරිපත් කර තිබෙනවා.
ඔහුට අනුව, ස්මාර්ට්ෆෝන් සහ සමාජ මාධ්‍ය නිසා අනියම් බැඳීම් ඇතිකරගැනීම පහසු වී ඇති අතර විවාහ බැඳීම් බිඳියාමට යාමට එය බහුලව හේතුවී තිබෙනවා.
අමාත්‍ය නසරූඩින් උමාර් පසුගිය ඔක්තෝබර් 30 වන දින විවාහ උපදේශකවරුන්ගේ රැස්වීමක් අමතමින්, "ස්මාර්ට්ෆෝන් නිසා ආලවන්තකම් පෑම හෝ වංචා කිරීම යන දෙකම පහසු දෙයක්" යනුවෙන් ප්‍රකාශ කර තිබෙනවා.
‘ජනතාව කල්පනාකාරී නොවන්නේ නම්, අප අවසානයේ සමාජ මාධ්‍යවල වහලුන් වේවි’ යනුවෙන් ද ඔහු වැඩිදුරටත් පවසා තිබෙනවා.
කෙසේ වෙතත්, නිල දත්ත පෙන්වා දෙන්නේ දික්කසාද වීමට හේතු වී ඇති ප්‍රධාන කාරණා ලෙස පවතින ගැටුම්, මූල්‍ය පීඩනය සහ ගෘහස්ථ හිංසනය යන කරුණුයි.