මාලිමාවේ "ජන බලය" දිස්ත්‍රික්ක 21කට! ජාතික ජන බලවේගය මෙවර මැයි දිනය සමරන්නේ සෑහෙන්න ලොකුවට. "ජන රජයට ජන බලයක්" තේමාවෙන් දිස්ත්‍රික්ක 21ක් ආවරණය වන පරිදි රැලී සංවිධානය කරලා.මේකෙ තියන විශේෂත්වය තමයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නුවරඑළිය නගර සභා ක්‍රීඩාංගනයේදී වගේම හෙට පස්වරුවේ මහරගම තරුණ සේවා සභාව ඉදිරිපිට පැවැත්වෙන රැලියටත් සහභාගී වීමට නියමිතයි.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රමුඛ සමගි ජන බලවේගය මෙවර තෝරාගෙන තියෙන්නේ ටිකක් සැර තේමාවක්. "පච මදිවට හොරු" කියන තේමාවෙන් ඔවුන්ගේ රැලිය මාලිගාවත්ත පී.ඩී.සිරිසේන ක්‍රීඩාංගනයේදී හෙට පස්වරු 2ට පටන් ගන්නවා. සජිත් මහතා අද උදේම පිටියට ගිහින් වැඩකටයුතු හොයලා බැලුවෙත් හරිම උනන්දුවෙන්.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය "දූෂිත ආණ්ඩුවට එරෙහි ජන බලයක්" කියමින් බොරැල්ල කැම්බල් පිටියට එනකොට, දිලිත් ජයවීර මහතා ප්‍රමුඛ සර්ව ජන බලය "දියුණු ශ්‍රී ලංකාවක් වෙනුවෙන් මැයි හමුව" තේමාවෙන් කොළඹ 5 හෙන්රි පේද්‍රිස් ක්‍රීඩාංගනයට රැස් වෙනවා. ඔවුන්ගේ වැඩේ පටන් ගන්නේ හෙට උදේ 10ට.
පොහොට්ටුවට නම් මැයි රැලි එපා වෙලා වගේ..
අනිත් හැමෝම පාරට බහිනකොට, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මෙවර වෙනස්ම මගක් අරන්. ඔවුන් රැලී පවත්වන්නේ නැහැ. ඒ වෙනුවට තෝරාගෙන තියෙන්නේ ආගමික වතාවත්.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ටී.බී. ඉලංගරත්න පිළිරුවට පුෂ්පෝපාහාර දක්වලා, පස්සේ කැළණි විහාරයේ පිරිත් සජ්ඣායනයක් පවත්වන්නයි ඔවුන් සූදානම් වෙන්නේ.
ඒ වගේම වාහන පදවන අය අනිවාර්‍යයෙන් ම සැලකිල්ලට ගන්න ඕන කරුණු ටිකක් තියනවා.හෙට කොළඹ එනවා නම් හරි, කොළඹින් පිට වෙනවා නම් හරි මේ ටික හොඳට මතක තියාගන්න. මහරගම සහ කොළඹ අවට විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කරලා තියනවා.
කොළඹ එන අය -
හෝමාගම පැත්තෙන් එන අය මහරගම ඔරලෝසු කණුවෙන් වමට හැරිලා, බොරලැස්ගමුව හරහා කොහුවලින් කොළඹට එන්න. බර වාහන පන්නිපිටියෙන් තලවතුගොඩ පැත්තට හරවනවා.
කොළඹින් යන අය -
බොරැල්ල පැත්තෙන් මහරගමට යන අය දෙල්කඳින් දකුණට හැරිලා රත්නපිටිය, බොරලැස්ගමුව හරහා යන්න වෙනවා.
හයිලෙවල් එකේ ට්‍රැෆික් වැඩි වුණොත් පනාගොඩ හන්දියෙන් වාහන ලෝ ලෙවල් පාරට හරවන්නත් පොලිසිය සූදානම්!
ඉතින්, ඔබේ මැයි දිනය සටන් පාඨවලින් වගේම ආරක්ෂිතවත් ගත කරන්න අමතක කරන්න එපා!