Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Nov
05
ගුවන් යානය ගුවන්ගත වන අවස්ථාවේ වම් එන්ජිමේ ගින්නක් හටගෙන තිබුණාද..? ජීවිත රැසක් උදුරාගත් ගුවන් අනතුර ගැන දැන් ඇසෙන ඒ අලුත්ම ආරංචිය මෙන්න..

- ගුවන් යානය ගුවන්ගත වන අවස්ථාවේ වම් එන්ජිමේ ගින්නක් හටගෙන තිබුණාද..? ජීවිත රැසක් උදුරාගත් ගුවන් අනතුර ගැන දැන් ඇසෙන ඒ අලුත්ම ආරංචිය මෙන්න..Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

14 Views

අද උදෑසන ලොවක් කම්පා කළ මේ පුවත ඇසුණේ අමෙරිකාවෙන්..


අමෙරිකාවේ කෙන්ටකි හි ලුයිස්විල් ජාත්‍යන්තර ගුවන්තොටුපළෙන් ගුවන්ගත වූ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් ටික වේලාවකට පසු කඩා වැටී තිබෙනවා.
අනතුරින් පුද්ගලයන් 7 දෙනෙකු මියගොස් ඇති අතර මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහල යනු ඇති බවටයි විශ්වාස කෙරෙන්නේ
ගුවන් යානය අනතුරට පත්වන විට එහි ඉන්ධන ලීටර් 144,000 ක් ගබඩා කර තිබූ බවද වාර්තා වනවා


අමෙරිකාවේ කෙන්ටකි ප්‍රාන්තයේ ලුයිස්විල් නගරයේ පිහිටි ලුයිස්විල් මුහම්මද් අලි ජාත්‍යන්තර ගුවන්තොටුපළ අසලදී මෙම දරුණු ගුවන් යානා අනතුර සිදු වුණා
මේ එම ගුවන් යානය ෆ්ලයිට්‍ රේඩාර් ගුවන් ගමන් නිරීක්ෂණ සේවාවේ සටහන් ව ඇති අයුරුයි
මෙලෙස අනතුරකට ලක් ව ඇත්තේ ලුයිස්විල් ගුවන්තොටුපළේ සිට ගුවන්ගත වී හවායි දූපත්හි පිහිටි හොනොලුලු හි ඩැනියල් කේ. ඉනූයේ ජාත්‍යන්තර ගුවන්තොටුපළ බලා පියාසර කිරීමට නියමිතව තිබු භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක්

එරට වේලාවෙන් පස්වරු 5:15 ට පමණ, ගුවන් යානය ලුයිස්විල් ගුවන්තොටුපළෙන් ගුවන්ගත වී කෙටි දුරක් ගමන් කළ අතර සුළු මොහොතකින් අනතුර සිදු වුනේ මෙලෙසින්
ගුවන් යානය ධාවන පථය අවසානයේ ගුවන්ගත කිරීමට උත්සාහ කළද, එය පාලනයෙන් ගිලිහී ගොස් නැවත බිම පතිත වී තිබෙනවා .
යානය කඩා වැටී ඇත්තේ ගුවන්තොටුපළ ආසන්නයේ පිහිටි කාර්මික කලාපයකට සහ ව්‍යාපාරික ස්ථාන කිහිපයකටයි
හවායි බලා යන ගමන සඳහා අවශ්‍ය වූ විශාල ඉන්ධන තොගයක් යානයේ ගබඩා කර තිබීම හේතුවෙන්, දැවැන්ත ගිනි ජාලාවක් සහ ඝන කළු දුමාරයක් පැතිර එම ප්‍රදෙශය පුරා පැතිර තිබුණා.

ගුවන් යානය අනතුරට පත්වන විට එහි ඉන්ධන ලීටර් 144,000 ක් තිබී ඇති අතර ගුවන් යානය පොලවට පතිත වීමට පෙරම පුපුරා යාමට එය හේතුවක් වි තිබෙනවා.

අනතුරට ලක්වූයේ UPS-United Parcel Service සමාගමට අයත් මැක්ඩොනල් ඩග්ලස් වර්ගයේ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් වන අතර අනතුර සිදු වන විට එහි කාර්ය මණ්ඩල සාමාජිකයින් තිදෙනෙක් සිට තිබුණා.

අනතුරින් පුද්ගලයන් හත් දෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇති අතර පුද්ගලයන් 11 දෙනෙකු තුවාල ලබා තිබෙනවා තුවාල ලැබූවන් අතර බරපතළ තුවාල ලැබූවන් ද සිටින බවයි වාර්තා වන්නේ.

යානයේ සිටි කාර්ය මණ්ඩල සාමාජිකයින් තිදෙනා සම්බන්ධයෙන් නිශ්චිත තොරතුරු වාර්තා වි නොමැති අතර අනතුරෙන් මියගොස් ඇත්තේ ගුවන් යානය කඩා වැටුණු ප්‍රදේශයේ පිහිටි ව්‍යාපාරික ස්ථානවල සේවයේ නිරතව සිටි අය බවටද සැක කරනවා.
අනතුර සම්බ්න්දයෙන් අදහස් දක්වමින් කෙන්ටකි ප්‍රාන්ත ආණ්ඩුකාරවරයා පවසා සිටියේ මෙය 'දැවැන්ත ඛේදවාචකයක්' බවයි.

මට තහවුරු කළ හැකි කරුණක් නම්, අනතුරට ලක්වූ ගුවන් යානයේ විශේෂයෙන්ම අන්තරායකර භාණ්ඩ නොතිබූ බවයි. එම ස්ථානය අවට සිටින අයට පාරිසරික ගැටලුවක් ඇති කළ හැකි ආකාරයේ භාණ්ඩ එහි තිබුනේ නැ. යානය කඩා වැටුණු ආකාරය සහ එය ගැටුණු ස්ථානය නිසා එවැනි තත්ත්වයන් ඇති වීමට ඉඩ තිබෙනවා.

අනතුරට හේතුව පිළිබඳව පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇති අතර ෆෙඩරල් ගුවන් සේවා පරිපාලනය සහ ජාතික ප්‍රවාහන ආරක්ෂණ මණ්ඩලය යන ආයතන ඒකාබද්ධව මෙම විමර්ශන කටයුතු සිදු කරන බවයි වාර්තා වන්නේ

ගුවන් යානය ගුවන්ගත වන අවස්ථාවේ වම් එන්ජිමේ ගින්නක් හටගැනීම සහ එන්ජිම කඩා වැටීම වැනි දෝෂයක් හේතුවෙන් අනතුර සිදුවී ඇත්ද යන්න පිළිබඳව විමර්ශකයන්ගේ විශේෂ අවධානය යොමුව තිබෙනවා

අනතුරට පෙර නියමුවන්ට යානයේ ඇතිවූ දෝෂයක් පිළිබඳව වාර්තා කිරීමට අවස්ථාවක් ලැබුණේ දැයි සොයා බැලීමට ද නියමිතය
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Follow Us

facebook
X
youtube
32ins
32ins
-->



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top