සති අන්ත දීර්ඝ නිවාඩුවට විවිධ මත්ද්‍රව්‍ය රැගෙන නුවරඑලියට පැමිණි 31 දෙනෙකු සැක පිට ඊයේ සහ අද යන දෙදින තුල අත්අඩංගුවට ගත් බව නුවරඑලිය පොලිසිය පවසනවා.
නුවරඑලිය ග්‍රෙගරිවැවේ හතරවන වාහන පර්යන්තයේ ඊයේ දින පැවැත්වූ සාදයක් සදහා මුහුණු පොත ඔස්සේ හදුනාගත් පිරිසක්ද අත්අඩංගුවට ගත් පිරිස අතර සිටින බවයි නුවරඑලිය මූලස්ථාන පොලිසියේ ප්‍රධාන පොලිස් පරික්ෂකවරයා පවසන්නේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙමටගොඩ, ගම්පහ, කොළඹ ඇතුලු දිවයිනේ විවිධ ප්‍රදේශවලින් පැමිණි අවුරුදු 18-35ත් වයස් කාණ්ඩවල පසුවන්නන්.
එම පිරිස සන්තකයේ ගංජා, හෑෂ්, කුෂ්, මත්මුදදර, කොකේන්, හශීෂ්, ගංජා මිශ්‍ර දුම්කොළ, මත් පෙති සහ තීරුබදු නොගෙවා මෙරටට ආනයනය කරන ලද දුම්වැටි තිබී සොයා ගත් බව සදහන්.