හික්කඩුවේ නිවසකට ඊයේ රාත්‍රී කාලයේදී එල්ලවූ වෙඩි තැබීම ඉතාලියේ නාපෝලි හී පැවති ක්‍රිකට් තරගාවලියක දී දෙපාර්ශවයක් අතර ඇතිවූ ගැටුමක ප්‍රතිඵලයක් ලෙස සිදුව ඇතැයි පොලීසිය සැකකරනවා.
අදාල නිවෙස් හිමි කාන්තාවගේ දරුවන් තිදෙනාම සිටින්නේ ඉතාලියේ බවත්, ඔවුන් ගෙන් දෙදෙනෙක් සහ මාරවිල පදිංචි පුද්ගලයෙක් අතර ක්‍රිකට් තරගයක් අතරතුර ඇතිවූ ගැටුමක් මෙම වෙඩි තැබීමට හේතු වී ඇතැයි පොලිසිය සඳහන් කරනවා.
මෙම සිද්ධිය එරටදී සිදුව ඇත්තේ ඉකුත් 12 වැනිදා බව වාර්තා වෙනවා.
මේ සම්බන්ධයෙන් නාපෝලි පොලීසියට ද පැමිණිලිකර ඇති බවත්, ඒ සම්බන්ධයෙන් මාරවිල පදිංචි පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති බවත් වාර්තා වෙනවා.
ඒ අනුව, ඊට උරණ වූ එම පුද්ගලයා විසින් මෙම වෙඩි තැබීම මෙහෙයවා ඇතැයි පොලිසිය සැකකරනවා.