මුහුණු පොත ඔස්සේ හඳුනාගත් පිරිසක්ද මෙසේ අත්අඩංගුවට පත් පිරිස අතර වනවා.
ඔවුන් නුවරඑළියේ අද (18) පැවැත්වීමට නියමිත සාදයක් සඳහා පැමිණි බවයි වාර්තා වන්නේ.
එම සැකකරුවන් දෙමටගොඩ, ගම්පහ, කොළඹ ඇතුලු දිවයිනේ විවිධ ප්‍රදේශවලින් පැමිණි අවුරුදු 18-28ත් අතර වයස්වල පසුවන අය බවයි පොලිසිය පැවසුවේ.
ඔවුන් සන්තකයේ කුෂ්, හෙරොයින්, අයිස්, මත්පෙති සහ නීති විරෝධී ලෙස මෙරටට ආනයනය කරන ලද දුම්වැටි තිබී සොයා ගත් බවයි නුවරඑළිය මූලස්ථාන පොලිසියේ ප්‍රධාන පොලිස් පරික්ෂකවරයා කියා සිටියේ.
නුවරඑළියට පිවිසෙන මාර්ග සියල්ල ආවරණය වන පරිදි නුවරඑළිය කොට්ඨාස පොලිස් සුනඛ අංශයේද සහයෝගය ලබාගෙන මාර්ග බාධක යොදා සැකකරුවන් අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පවසන්නේ.
සැකකරුවන් නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.