මාස ගණන් ගතවන ටයිටේනියම් දන්ත බද්ධ කිරීම් වැනි ප්‍රතිකාර වෙනුවට, රෝගියාගේම සෛල වලින් වැඩුණු ස්වභාවික දතක් ලබා දීම මෙහි අවසාන අරමුණ බවට නවතම CNN වාර්තා සඳහන් කරනවා.
ඒ අනුව විශේෂඥයන් පවසා ඇත්තේ, මෙම තාක්ෂණය ලබන දශකය තුළ සාමාන්‍ය විකල්පයක් බවට පත් විය හැකි බවයි.
කිංග්ස් කොලේජ් ලන්ඩන්හි පුරෝගාමී පර්යේෂිකාවක් වන ආචාර්ය ඇනා ඇන්ජලෝවා වොල්පෝනි සහ ඇගේ කණ්ඩායම මෙම ක්ෂේත්‍රයේ ප්‍රධාන කාර්යභාරයක් ඉටුකරන බව සඳහන්.
ඔවුන්ගේ මූලික පර්යේෂණවලදී (2013), වැඩිහිටි මිනිස් විදුරුමස් සෛල සහ මීයන්ගේ සෛල සංයෝගයක් යොදා ගනිමින් සාර්ථකව දතක් වර්ධනය කර තිබෙනවා.
2024 දී දත් වර්ධනය වන පරිසරය (Scaffold) සඳහා, ස්වභාවික මුඛ පරිසරය වඩාත් හොඳින් අනුකරණය කරන ක්‍රමවේදයක් ද සොයා ගැනීමට සමත් වී තිබෙනවා.
මෙම ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම රෝගියාගේම සෛලවලින් සිදු කිරීම සඳහා මීයන්ගේ සෛල වෙනුවට වැඩිහිටි මිනිස් සෛල ආදේශ කිරීම දැනට පවතින ප්‍රධාන අභියෝගය බව සඳහන්.
මේ අතර ලොව පුරා අනෙකුත් පර්යේෂණ කණ්ඩායම් විවිධ ක්‍රමවේද අනුගමනය කරමින් සිටිනවා.
ජපානයේ කිටානෝ රෝහල විසින් ඇන්ටිබොඩි පාදක ප්‍රතිකාරයක් මිනිස් සායනික අත්හදා බැලීම්වලට ඇතුළත් කර ඇති අතර, එය සහජ දත් නොමැති අයට නව දත් වර්ධනය උත්තේජනය කිරීමට ඉලක්ක කරන බව සඳහන්.
මේ අතර වොෂින්ටන් විශ්ව විද්‍යාලයේ පර්යේෂකයන් ඥාන දත් වලින් ලබාගත් මිනිස් කඳ සෛල යොදා ගනිමින් මුල සිටම ප්‍රධාන දත් සෑදීමේ සෛල ජනනය කරමින් සිටිනවා.
රෝගියාගේම සෛල වලින් වර්ධනය වන සැබෑ දතක්, පවත්නා බද්ධ කිරීම්වලට වඩා සුවිශේෂී වාසි රැසක් ලබා දෙනු ඇතැයි අපේක්ෂා කරනවා.
එහි ප්‍රධානම වාසිය වන්නේ ප්‍රතික්ෂේප වීමක් සිදු නොවීමයි, මන්ද එය පටක තුළට ස්වභාවිකවම පිළිගනු ලබන බව සඳහන්.
එය අස්ථිය සහ බන්ධනය ඇතුළු මුඛයේ කාබනික ව්‍යුහයන් තුළට සම්පූර්ණයෙන්ම ඒකාබද්ධ වන නිසා, බද්ධ කිරීම්වල මෙන් සංවේදනය නොමැති වීමේ ගැටලුවක් නොමැතිව සැබෑ දතක් මෙන් දැනෙනු ඇති.