Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Oct
18
මෙවැනි සිද්ධි සුළු කොට තැකිය හැකිද..? තවමත් බිඳවැටී ඇති සේවාවන් රැසක් ගැන ඔබ දැනුවත් වෙන්න..

- මෙවැනි සිද්ධි සුළු කොට තැකිය හැකිද..? තවමත් බිඳවැටී ඇති සේවාවන් රැසක් ගැන ඔබ දැනුවත් වෙන්න..Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

12 Views

ඔබත් මේ සේවාවන් ලබා ගන්නා අයෙක් නම් ඇත්තටම ඒ ගැන දැනුවත්වීම වටිනවා. 


මෙරට රාජ්‍ය ඩිජිටල් සේවාවන් රැසකට පහසුකම් සපයන ලංකා ගවර්මන්ට් ක්ලවුඩ් සේවාවේ පවතින බිඳ වැටීම හරහා කිසිදු දත්ත හානියක් හෝ ආරක්ෂක ක්‍රමවේදයන්ට බලපෑමක් නොවන බව තොරතුරු සන්නිවේදන තාක්ෂණ නියෝජිත ආයතනය තහවුරු කරනවා.

නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් සඳහන් කරන්නේ මෙම බිඳවැටීම මගින් මහජනතාවට ඇතිවන අපහසුතා අවම කිරීමට විකල්ප ක්‍රම හඳුන්වා දී ඇති බවයි.

මෙරට රාජ්‍ය ඩිජිටල් සේවාවන් රැසකට පහසුකම් සපයනු ලබන්නේ ලංකා ගවර්මන්ට් ක්ලවුඩ් සේවාව හරහායි.

තොරතුරු සන්නිවේදන තාක්ෂණ නියෝජිත ආයතනය මගින් පාලනය වන එම පද්ධතිය දැනට දින 14කට අධික කාලයක සිට බිඳවැටීමට ලක්ව තිබෙනවා.

මේ හේතුවෙන් ඉන් සේවා ලබා ගන්නා මහජනතාව දැඩි අසීරුතාවකට පත්ව සිටිනවා.

රජයේ වෙබ් අඩවි 40කට අධික සංඛ්‍යාවක් මේ සමග අක්‍රීය වී ඇති අතර ඒ අනුව රාජ්‍ය ආයත කිහිපයක් මගින් පවත්වාගෙන යනු ලබන මාර්ගගත සේවාවන්වලටද බලපෑම් එල්ල වී තිබෙනවා.

ඒ අනුව රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවේ උප්පැන්න, විවාහ සහ මරණ සහතික නිකුත් කිරීමේ පද්ධතිය, පොලිස් දෙපාර්තමේන්තුවේ පොලිස් නිෂ්කාශන සහතික පද්ධතිය,වාණිජ දෙපාර්තමේන්තුවේ නිෂ්පාදිත රට සහතික නිකුත් කිරීමේ මාර්ගගත පද්ධතියද ඒ අතර වන බවයි තොරතුරු සන්නිවේදන තාක්ෂණ නියෝජිත ආයතනය සඳහන් කළේ.

මීට අමතරව විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ විශ්‍රාම වැටුප් පද්ධතිය, ඊ - පළාත් පාලන පද්ධතිය, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව, සමාගම් රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා ගිණුම්කරණ හා විගණන ප්‍රමිති මණ්ඩලය ඇතුළු තවත් ආයතන කිහිපයක වෙබ් අඩවි මීට අයත්.

බස්නාහිර පළාත හැර පළාත් මෝටර් රථ ප්‍රවාහ දෙපාර්තමේන්තුවේ මාර්ගගත ආදායම් බලපත්‍ර පද්ධතිය අක්‍රීය වී ඇති බව තොරතුරු සන්නිවේදන තාක්ෂණ නියෝජිත ආයතනය සඳහන් කළද බස්නාහිර පළාත තුළත් එම වෙබ් අඩවිය අක්‍රීය වී තිබෙන බවටයි පැමිණිලි ලැබී ඇත්තේ.

කෙසේ වෙතත්, මෙම සේවාවවන් යථා තත්ත්වයට පත් කිරීමේ වගකීම පැවරෙන තොරතුරු සන්නිවේදන තාක්ෂණ නියෝජිත ආයතනය හෙවත් ICTA වෙබ් පිටුව ද අක්‍රීය වී තිබුණා.

මෙරට රාජ්‍ය ආයතන වෙබ් පිටුවල දිගුව වන gov.lk සහිත වෙබ් ලිපිනයන් වෙත පිවිසීමේදී අනතුරු ඇඟවීමේ නිවේදයක් නිකුත් වන අතර එහි දැක්වෙන්නේ '' ප්‍රහාරකයින්, ඔබගේ තොරතුරු සාරකම් කිරීමට උත්සාහ කරනවා විය හැකිය යන්නයි.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් තොරතුරු සන්නිවේදන තාක්ෂණ නියෝජිත ආයතනය සඳහන් කළේ මෙම සිදුවීම මගින් කිසිදු දත්ත හානියක් හෝ ආරක්ෂක ක්‍රමවේදයන්ට බලපෑමක් නොමැති බවයි.

මෙය කඩිනමින් යථාතත්ත්වයට පත් කිරීම සඳහා කටයුතු කරමින් සිටින බවද එම නියෝජිතායතනය පවසනවා.

මහජනතාවට ඇතිවන අපහසුතා අවම කිරීම සඳහා විකල්ප ක්‍රමවේද හඳුන්වා දී ඇති අතර රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව නිවේදනය කළේ සහතික පිටපත්, අදාළ මුල් සහතිකපත් නිකුත් කළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් ලබා ගැනීමේ හැකියාව පවතින බවයි.

මේ අතර වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේ දත්ත පද්ධතිය ද අක්‍රීය වී ඇති බැවින් එම පද්ධතිය නැවත සකස් කරන තුරු බස්නාහිර පළාත හැර දිවයිනේ අනෙකුත් පළාත්වල වාහන ආදායම් බලපත්‍ර සම්බන්ධ නීතිය ක්‍රියාත්මක කිරීමේදී අවශ්‍ය සාධාරණ සහනය අවස්ථානෝචිතව රියදුරන් වෙත ලබාදීමට පොලිසිය පියවර ගෙන තිබෙනවා.
 
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්







Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top