කොල්ලකෑමට ලක්ව ඇත්තේ පෞද්ගලික ආයතනයක සහකාර කළමනාකරුවෙකු ලෙස කටයුතු කළ 24 හැවිරිදි පුද්ගලයෙක්.
සිද්ධිය සිදුව ඇත්තේ ඔක්තෝබර් 22 වැනිදා රාත්‍රී කාලයේදීයි.
පැමිණිලිකරු දුරකථන ඇමතුමක් මඟින් හඳුනා ගත් කාන්තාවක් හමුවීමට කාර් රථයකින්, ඇය රැඳී සිටි රෂ්ටම් වත්ත ප්‍රදේශයේ නිවසට ගොස් තිබෙනවා.
නිවසට ගිය පසු, එම නිවසේ සිටි පිරිසක් විසින් තමා බිය ගන්වා කොල්ලකෑම සිදු කළ ඇති බවයි පැමිණිලිකරු සඳහන් කර ඇත්තේ.
කොල්ලකෑමට ලක්ව ඇති දේපළවල මුළු වටිනාකම රුපියල් ලක්ෂ 20 කට අධික බව සඳහන්.
කාන්තාව ඇතුළු පිරිස විසින් පැමිණිලිකරුගේ මුදල් පසුම්බියේ තිබූ මුදල් රුපියල් 3,000/=ක්, ඔහු පැළඳ සිටි පවුම් 5 1/2 ක් බරැති රන් භාණ්ඩ, ජංගම දුරකථනයක් සහ ඇමරිකානු ඩොලර් 20 නෝට්ටු 10ක් ඇතුළු දේපළ කොල්ලකා තිබෙනවා.
මෙම කොල්ලකෑම සඳහා සැකකාර කාන්තාවගේ සහෝදරිය සහ ඇයගේ ස්වාමිපුරුෂයා ඇතුළු පිරිසක් එක්ව ඇතැයි සැක කෙරෙන බවයි පොලීසිය පවසන්නේ.
මෙම කොල්ලකෑම සම්බන්ධයෙන් පුද්ගලයකු සහ කාන්තාවක් අත්අඩංගුවට ගෙන ඇති බව ද ගල්කිස්ස පොලීසිය වැඩිදුරටත් සඳහන් කරනවා.
අත්අඩංගුවට ගැනීමේදී කොල්ලකන ලද දේපලවලින් කොටසක් සොයා ගැනීමට ද පොලිසිය සමත් වී තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රිමාන්ඩ් බන්ධනාගාර ගතකර ඇති අතර, මෙම සිද්ධියට සම්බන්ධ තවත් දෙදෙනෙකු සොයා වැඩිදුරටත් විමර්ශන සිදුවන බව සඳහන්.