මීගහතැන්න ආදාහනාගාරය අසල ව්‍යාපාරයක් පවත්වාගෙන යන පොල්ගම්පොල, රත්මලේ පදිංචි මල්ලවආරච්චිගේ අමල් චින්තක (අවු.32) යන අය විසින් පොලීසියට කරන ලද පැමිණිල්ල අනුව මේ පිළිබඳව පරීක්ෂණ ආරම්භ කොට තිබෙනවා.
තමා මීගහතැන්න, ආදාහනාගාරය අසල වාහන අමතර කොටස් අලෙවිසලක් පවත්වාගෙන යන බවත්, 21 වැනි දින සවස 6.30 ට පමණ වෙළඳසල වසා රාත්‍රී 11.00 ට පමණ එහිම නින්දට ගිය බවත්, 22 වන දින අලුයම 1.15 ට පමණ බල්ලා බුරන ශබ්දය ඇසී ඇහැරුණු බවත් ප්ලාස්ටික් පිළිස්සෙන ගඳ දැනී දොර හැර බලන විට වෙළඳසල ඉදිරිපිට නවතා තිබූ යතුරු පැදිය ගිනි ගන්නවා දුටු බවත් ඔහු පොලිසියට කර තිබූ පැමිණිල්ලේ සඳහන් වෙනවා.
පසුව වතුර ගසා ගින්න නිවා ගත් බවත්, ආරක්ෂිත කැමරා පද්ධතිය පරීක්ෂා කර බලන විට තමාගේ මල්ලී වැටෙන් පැන විත් යතුරු පැදියට ගිනි තබා යන ආකාරය දුටු බවත් ඔහු පොලිසියට කර තිබූ පැමිණිල්ලේ වැඩිදුරටත් සඳහන් වෙනවා.
මීගහතැන්න පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සී.ඒ.එස්.චම්මික මහතාගේ මෙහෙයවීම යටතේ මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ පැවැත්වෙනවා.