Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Oct
22
"සභාපතිතුමා තේ බොන්න කියනකොටම සද්දයක් ආවා...වෙඩි තිය තිය දිව්වා'' මහජන දිනයේ සභාපති පුටුවේදීම, වැලිගම සභාපති එලොව යැවූ සිද්ධියේ මෙතක් හෙළි නොවූ කතාව... - video

- "සභාපතිතුමා තේ බොන්න කියනකොටම සද්දයක් ආවා...වෙඩි තිය තිය දිව්වා'' මහජන දිනයේ සභාපති පුටුවේදීම, වැලිගම සභාපති එලොව යැවූ සිද්ධියේ මෙතක් හෙළි නොවූ කතාව... - videoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

3,582 Views

වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර මහතා අද පෙරවරුවේ සිය නිල කාර්යාලය තුළ දී එල්ල වූ  වෙඩි ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්වුණා.



යතුරු පැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් වෙඩි තැබීම සිදු කර පළා ගොස් තිබුනා.

වැලිගම ප්‍රාදේශීය සභාවේ මහජන දිනයද අද පැවැති බැවින් සභාපතිවරයා හමුවී සේවාවක් ලබා ගැනීමේ මුවාවෙන් පැමින මෙම වෙඩි තැබීම සිදු කර ඇති බවයි පොලිසිය පැවසුවේ.

වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාගේ මහජන දිනය යෙදී තිබූ බැවින් එහි සභාපති ලසන්ත වික්‍රමසේකර මහතා හමු වීමට මහජනතාවට වෙලාව වෙන් කර තිබුණා.

එවන් පසුබිමක අද පෙරවරු 10.30ට පමණ යතුරු පැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකුගෙන් එක් අයෙකු වැලිගම ප්‍රාදේශීය සභාවට ඇතුළු වී තිබුණා.

එම පුද්ගලයා සාමාන්‍ය පුද්ගලයෙකු ලෙස සුදු පැහැති කමිසයකින් සැරසී කළු පැහැති මුඛ ආවරණයක් පැළද වැලිගම ප්‍රාදේශීය සභාවට පැමිණි ආකාරය සී.සී.ටී.වී. කැමරාවක මෙලෙස සටහන් වී තිබුණා.

වෙඩික්කරුගේ වම් අතෙහි ඇගිලි ප්ලාස්ටර් වැනි යමකින් ආවරණය කර තිබූ අතර ඔහු සිය දකුණු අතින් ලිපි ගොනු රැගෙන එන ආකරයක්ද දක්නට ලැබුණා. ඔහු ගිනි අවිය එම ලිපිගොනු තුළ සඟවා රැගෙන ආ බවටයි සැක කෙරෙන්නේ ඔහු ජංගම දුරකථන ශ්‍රවණ උපකරණයක්ද පැළඳ සිට තිබුණා.

සභාපතිවරයා හමු වීමට පැමිණි ජනතාව සමග මෙම පුද්ගලයාද සිය වාරය එන තුරු සභාපති නිල කාමරයට පිටතින් අසුන් ගෙන සිට තිබෙනවා.

ඒ අතරතුර කාන්තාවක් සභාපති ලසන්ත වික්‍රමසේකර මහතාගේ නිල කාමරයට ගොස් ඔහුගෙන් ලිපියක් අත්සන් කරගෙන පිටතට පැමිණි අවස්ථාවේදී වෙඩික්කරු එකවරම නිල කාමරයට ඇතුළු වී සභාපතිවරයාට වෙඩි තබා ඇති බවයි පොලිසිය පැවසුවේ.

සිය නිල අසුනේ වාිඩී සිටි වැලිගම ප්‍රාදේශීය සභා සභාපති ලසන්ත වික්‍රමසේකර මහතාගේ  හිසට සහ ගෙලට පිස්තෝල වර්ගයේ ගිනි අවියක් භාවිතා කරමින් වෙඩි ප්‍රහාර 04 ක්  එල්ල කර තිබු බවයි පොලිසිය පැවසු්වේ.

රෝහල්ගත කෙරුණු  ලසන්ත වික්‍රමසේකර මහතා පසුව ජීවිතක්ෂයට පත් වුණා.

ඔහුගේ දේහය මේවන විට මාතර මහ රෝහලේ තැන්පත් කර ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු අවසන් වීමෙන් පසු දේහය ඔහුගේ ඥතීන් වෙත භාර දීමට නියමිතයි.

ජීවිතක්ෂයට පත්වු ලසන්ත වික්‍රමසේකර මහතා 38 හැවිරිදි තිදරු පියෙක්.
 
ලසන්ත වික්‍රමසේකර මහතාගේ හිතවතුන් ඇතුළු දේශපාලන නියෝජිතයින් පිරිසක්ද මාතර මහ රෝහලර පැමින සිටියා.

වෙඩි තැබීම සිදු වූ ස්ථානයේ මහේස්ත්‍රාත් පරීක්ෂණය අද පස්වරුවේ සිදු කළේ මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් චතුර දිසානායක මහතා විසින්.

ලසන්ත වික්‍රමසේකර මහතා වැලිගම ප්‍රා දේශීය සභාවේ සභාපති ධුරයට පත් වන්නේ බල හුවමාරුව සම්බන්ධයෙන් වැලිගම  ප්‍රදේශීය සභාවේ  ආන්දෝලනාත්මක තත්ත්වයන් කිහිපයක්ම වාර්තා වූ පසුබිමකයි.

 එම ප්‍රාදේශීය සභාවේ  මංගල සභාවාරයේදි  එහි බහුතර බලය විපක්ෂයේ පක්ෂ වෙත හිමිව තිබූ පසුබිමක ජාතික ජන බලවේගය සිය සභිකයින් දෙදෙනෙක් පැහැරගෙන ගොස් ඇති බව  පවසමින් එදින ඡන්ද විමසීම අඩාල කළා.

පසුව එය පැහැරගනීමක් නොව රඟපෑමක් බවට මිය ගිය ලසන්ත වික්‍රමසේකර  ඇතුළු විපක්ෂය චෝදනා කර තිබුණා.

දෙවැනි වරට ඡන්ද විමසීම පැවැත්වීමට ආසන්න දිනයකදී ජාතික ජන බලවේගයෙන් එම ප්‍රාදේශීය සභාවට තේරී පත් වූ නීතිඥ තාරක නානායක්කාර මහතාගේ නිවසටද වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබූ අතර ඒ සම්බන්ධයෙන් ඔහු සහ ජීවිතක්ෂයට පත් වූ  වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර මහතා අතර ඇති වූ දුරකථන සංවාදයක හඩ පටයක්ද මාධ්‍ය වෙත නිකුත් වුණා.

කෙසේ වෙතත් පසුගිය ජූලි 24 වනිදා වැලිගම ප්‍රාදේශීය සභාව යළි රැස්වූ අතර එහිදී සභාපතිවරයා තෝරා ගැනීම සදහා පැවති විවෘත ඡන්දයේදී  සමගි ජන බලවේගයෙන් ඉදිරිපත් කළ ලසන්ත වික්‍රමසේකර ඡන්ද 23ක් ලබා ගෙන වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ලෙස තේරි පත් වූ අතර ජාතික ජනබලවේගය ඉදිරිපත් කළ චින්තක දර්ශන හේවාපතිරණ ලබා ගැනීමට හැකි වුණේ ඡන්ද 22ක් පමණයි.

මෙවන් පසුබිමක ලසන්ත වික්‍රමසේකර මහතා වෙඩි තබා ඝාතනය කිරීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර  සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ පොලිස් කණ්ඩායම් 4ක් පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා
 
මෙම වෙඩි ප්‍රහාරයත් සමග වසරේ මේ දක්වා සංවිධානාත්මක අපරාධකරුවන් විසින් කළ වෙඩි තැබීමේ සිදුවීම් ගණන 101ක් දක්වා ඉහළ යන අතර ඉන් පුද්ගලයින් 52 දෙනෙකු මියගොස් 56 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්







Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top