Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Oct
24
සැමියාගේ ජංගම දුරකතනයේ රූමත් තරුණියකගේ ඡායාරූප පෙළක්.. ඇය කවුද..? කිසිවක් නොසෙවූ ඇය අවසානයේ කලබල වී නිවසම දෙවනත් කරයි..

- සැමියාගේ ජංගම දුරකතනයේ රූමත් තරුණියකගේ ඡායාරූප පෙළක්.. ඇය කවුද..? කිසිවක් නොසෙවූ ඇය අවසානයේ කලබල වී නිවසම දෙවනත් කරයි..Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

1,650 Views

මොහු දකුණේ ඈත ගමක ආයතනයක නිලධාරියෙක් වුණා.

ඔහු විවාහ ගිවිසගත්තේ ද හිමිවෙන දෑවැද්ද අනුවයි. ඒ අනුව බුද්ධිය කොහොම වුණත් ලොකු දැවැද්දක් ඇති කතක් විවාහ කර ගන්න ඔහු කටයුතු කළා. 


පුරුෂයා භාර්යාවට වඩා හැඩයි. ඇඳුම කැඩුම පිළිවෙළයි. නිතරම සිටිනුයේ ළඟින් ගියත් නහය කඩාගෙන යන තරමේ සුවඳ හමන සුවඳ විලවුන් තවරාගෙනයි. කටේ ඇත්තෙම විහිළුයි. සිනහව මනමාලයි.

කා එක්කත් සිනාසෙනුයේ ඇසක් කුඩා කොටයි. කාන්තාවන් ඉදිරියේදී එම සිනහව වඩාත් වැඩියි. භාර්යාවට මෙය නොදිරෙව්වා. මේ කරුණු කාරණා නිසා ඇය සිටියේ ඔහු ගැන සැකයෙන්.

තමාගේ රූප සොභාවද මනසට පැමිණීමත් ඇයට මේ සඳහා මනා පිටිවහලක් වුණා.

මේ නිසාම ඇය සැමියා ගැන හැම කිස්සේම සිටියේ හොඳ සෝදිසියෙන්. විශේෂයෙන්ම සැමියා රැකියාවට ගොස් නිවෙසට පැමිණි විට ඔහුගේ කාර්යාලයීය ගමන් මල්ල, ඔහු ඇන්ද ඇඳුම, පැලඳුම ඇය අතින් විශේෂ පරීක්ෂාවකට ලක්වනුයේ පුරුද්දක් ලෙස‍යි. ඔහුගේ නවීන පන්නයේ ස්මාර්ට් ජංගම දුරකතනයට ද එය පොදුයි. මේ පරීක්ෂා කිරීම්වලදී ඇයට නොගැළපෙන දෙයක් හමුවූ විට දෙන්නා අතර රණ්ඩු සරුවල් ඇති නොවුනාම නොවේ.

මේ අරභයා ගහ මරා නොගත්තත් ඇය ඇතැම් අවස්ථාවලදී දෑවැද්ද පෙරට විත් ඔහුට නිහඬ වීමටත් සිදු වූ වාර අනන්තයි. එදා ද ඔහු රාජකාරිය නිමවා නිවෙසට පැමිණියේ ටිකක් හවස් වෙලායි. එන කොට කටින් ඉඳහිට එන අමුතු සුවඳක්ද ඇයගේ නාසය පසාරු කරගෙන ගියාය. වෙනදට වඩා සැමියා සිටියේ සතුටෙනි.

ඒ සමගම ඔහු ඇය සමග වැඩි කතා බහක් නැතිව නාන කාමරයට වැදී ගීතයක කොටසක් මුමුණමින් ස්නානය කරමින් සිටියා. ඇයගේ සැකය වැඩි වුණා.

කාර්යාලයීය ගමන් මල්ල පරීක්ෂා කළාය. ඇඳුම් පැලඳුම් ටික පරීක්ෂාවට ලක්වුවේ ඉන් අනතුරුවයි. කිසිම සැක සහිත දෙයක් ඉන් ඇයට හමු නොවුවා. ස්මාර්ට් ජංගම දුරකතනය අතට ගත්තේ ඉන් අනතුරුවයි. එහි රූමත් කතකගේ ඡායාරූපයක් සහිතව එදින අලුතින්ම ශේෂ කරන ලද දුරකතන අංකයක්. එය විවෘත කළ විට දක්නට ලැබුණේ එම කාන්තාව කෙටි පණිවුඩයක්, මේත් එක්කම අදාළ කාන්තාව යක්ෂාරූඪ වුණා.

ඒ සමගම තමන්ගේ රුවත්, එම කාන්තාවගේ රුවත් ඇය සංසන්දනය කරන්නට වුණා.ඉන්නේ කොතැනද කරන්නේ කුමක්ද යන්න තේරුම් නොගිය ඇය දැවැද්දට දුන් ස්මාර්ට් දුරකතනය පොළවේ ගැසුවේ කෑලි කෑලි යනසේය. ශබ්දය ඇසී ඔහු එන විට සියල්ල සිදු වී හමාරයි.

ඇය ඇඬු කඳුළින් නිවෙස බලා යාමට ඔහුට දෙස් දෙවොල් තියමින් ඇඳුම් කැඩුම් ලකලැහැස්ති කරමින් සිටියා. තමාගේ ජංගම දුරකතනය කුඩේ කුඩුය. එහි කෑලි හතර වටේ විසිරී ගොසින්. ඇය නිවසේ වහලය සෙලවෙන තරමටම හයියෙන් කෑගසමින් සිටියා.

සිය ආයතනයේ සේවිකාවක ලංකාවේ පැවති අන්තර් දෙපාර්තමේන්තු තරගාවලියකින් ප්‍රථම ස්ථානය දිනීම නිමිත්තෙන් ආයතනයේ සුඛ පැතිමට ආයතන ප්‍රධානියා ඇයගේ රූපය සහිත බැනරයක් සෑදීමේ කටයුත්ත පවරා තිබුණේ තමාට බව මේ අලකංචිය මැද්දේ ඔහුට සිහි වුණා.

ඒ සඳහා අවැසි ඡායාරූපයක් තම ජංගම දුරකතනයට එම සේවිකාවගෙන් ගෙන්වා ගත් බවද ඔහුගේ මනසට ගලාගෙන ආවා. මෙය පැහැදිලි කරදීමට ඔහුට පැය කිහිපයක් ගියා. සිය පියාට කියා තමා පොළවේ ගැසූ ජංගම දුරකතනය වෙනුවට ඉස්තරම්ම වර්ගයේ නවීන පන්නයේ අලුත් ජංගම දුරකතනයක් ඇය අරන්දෙන බවට පොරොන්දු වීමෙන් පසු මේ ගින්න නිවුනාලු.
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්







Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top