Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Oct
17
නිවුන් පෙනුමැති බැඳපු කපල් එකක් සමාජ ජාල කළඹයි ...

- නිවුන් පෙනුමැති බැඳපු කපල් එකක් සමාජ ජාල කළඹයි ...Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

76 Views

දකුණු චීනයේ සාම්ප්‍රදායික ඔසු ඖෂධ වෙළඳසැලක් පවත්වාගෙන යන විවාහක යුවළකගේ පුදුම සහගත සමානකම සමාජ ජාල පුරා ආන්දෝලනයකට තුඩු දී තිබෙනවා.


ඔවුන්ගේ පුදුම සහගත සමානකම හේතුවෙන් ඔවුන් මීට බොහෝ කලකට පෙර නැතිවූ නිවුන් දරුවන් විය හැකිදැයි ඇතැම් අන්තර්ජාල භාවිතා කරන්නන් අනුමාන කරන බවයි ඔවුන් පවසා ඇත්තේ.

ගුවැංඩොං පළාතේ ඩොංගුවාන් හි පදිංචි වයස අවුරුදු 20-30 අතර පසුවන බිරිඳ වන ලියාං කයියු සහ හේ ෂියැන්ෂෙං යන දෙදෙනාම සමාජ මාධ්‍යවල කෙටි වීඩියෝ මගින් ක්ෂණිකව ප්‍රසිද්ධියට පත් වූයේ ඔවුන්ගේ කැපී පෙනෙන සමානකම හේතුවෙන්මයි.


'ස්වාමිපුරුෂයා කවුද, බිරිඳ කවුද?'

TikTok හි චීන සංස්කරණය වන ඔවුන්ගේ Douyin ගිණුමේ 21,000 ක් පමණ පසුහඹන්නන් පිරිසක් ඉන්නවා.

ඔවුන්ගේ අතිශය ප්‍රසිද්ධියට පත් ඒක් වීඩියෝවක් "ස්වාමිපුරුෂයා කවුද, බිරිඳ කවුද?" යනුවෙන් නම් කර තිබුණා. එහිදී යුවළ සමාන විග් පැළඳ, එකිනෙකාගේ ඉරියව් අනුකරණය කරමින්, "පිටපත් කර අලවන ලද" යැයි සඳහන් කරමින් විනෝද වුණා.


ඔවුන්ගේ තවත් ජනප්‍රිය වීඩියෝවක, "මගේ ස්වාමිපුරුෂයාට මේකප් කිරීම" යනුවෙන් නම් කර ඇති අතර, සැමියාට මේකප් කිරීමෙන් පසු ඔහු බිරිඳට හරියටම සමාන වන අයුරු දැක්වෙනවා.

මෙම ක්ලිප් එකට Likes352,000 ක් ලැබී ඇති අතර, එයට "අපි දැන් ඇත්තටම සහෝදරියන්" යනුවෙන් උපසිරැසි යොදා තිබුණා.

ලියාංට අනුව, මෙම යුවළ දෙදෙනාම සාම්ප්‍රදායික ඖෂධ ව්‍යාපාරයේ වසර 40 ක උරුමයක් ඇති පවුල්වලින් පැමිණි අයයි.

ඔවුන් හමුවී ඇත්තේ සහකාරියක් සොයා සිදුවූ හමුවකදී වන අතර, මාස හයකට පසු විවාහ වී තිබුණා.

ඔවුන් විවාහ වූ පසු, 2023 දී ඖෂධ වෙළඳසැලක් ආරම්භ කර තිබෙනවා. ස්වාමිපුරුෂයා ඖෂධීය සුප් වර්ග සහ තේ මිශ්‍රණ සකස් කරන අතර, බිරිඳ ප්‍රවර්ධන කටයුතු කළමනාකරණය කරනවා.

ආරම්භයේදී ඔවුන්ගේ ව්‍යාපාරයට අවධානය ලබාගැනීමට අපහසු වූ නමුත්, ඉක්මනින්ම යුවළගේ පුදුම සහගත සමානකම ඔවුන්ගේ අද්විතීය ප්‍රවර්ධන මෙවලම බවට පත්ව තිබුණා. අන්තර්ජාල භාවිතා කරන්නන් ඔවුන්ගේ සුවිශේෂී සමාන පෙනුමැති යුවළක් හේතුවෙන් ඔවුන්ගේ ව්‍යාපාරය අනුගමනය කිරීමට පවා පටන්ගෙන තිබෙනවා.

තම සහකරු තමාට සමාන යැයි මුලින් සිතුවේ නැතැයි ලියාං පවසනවා. "වසර ගණනාවක් එකට ජීවත් වීමෙන් පසුව, අපි ක්‍රමයෙන් එකිනෙකාට වැඩි වැඩියෙන් සමාන වන බව මට වැටහුණා. පසුගිය වසර දෙක තුළ, අපි වැඩ කරමින්, කමින්, විවේක ගනිමින් දිවා රෑ නොබලා පාහේ එකට සිටියා. ඒ නිසා වෙන්න ඇති අපි වැඩි වැඩියෙන් සමාන වෙන්නේ".

සිය ස්වාමිපුරුෂයා, කැමරාව ඉදිරියේ කාන්තාවකගේ ඇඳුම් ඇඳීමට මුලින් අපහසුතාවයට පත් වූ නමුත්, තම බිරිඳ රාත්‍රී ප්‍රමාද වන තුරු අදහස් සොයා බැලීමට සහ වීඩියෝ සංස්කරණය කිරීමට කැපවීම දුටු පසු ඔහු එයට එකඟ වූ බවයි ඒරට වාර්තාවල දැක්වෙන්නේ. "ව්‍යාපාරයට උදව්වක් නම්, මම එය උත්සාහ කරන්නම්" යනුවෙන් ඔහු අදහස් දක්වා තිබුණා.
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්







Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top