නෝර්වේජියානු නොබෙල් කමිටුව විසින් මේ බව දැන් නිවේදනය කළා ...
වෙනිසියුලාවේ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් ප්‍රවර්ධනය කිරීම සඳහා ඇය වෙහෙස නොබලා කළ කාර්යය සහ ආඥාදායකත්වයෙන් ප්‍රජාතන්ත්‍රවාදය වෙත සාධාරණ හා සාමකාමී සංක්‍රමණයක් ලබා ගැනීම සඳහා ඇය කළ අරගලය හේතුවෙන් මෙම සම්මානය පිරිනැමීමට ප්‍රධාන හේතුව බවයි කමිටුව සඳහන් කළේ.
වෙනිසියුලාවේ ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යාපාරයේ නායිකාව ලෙස, මාරියා කොරිනා මචාඩෝ මෑත කාලීනව ලතින් ඇමරිකාවේ සිවිල් ධෛර්යයේ අතිවිශේෂ උදාහරණයක් ලෙස සැලකෙනවා.
ඇය වරක් ගැඹුරින් බෙදී ගිය දේශපාලන විපක්ෂය එක්සත් කරන ප්‍රධාන චරිතයක් බවට පත් වූවා.
මෙම විපක්ෂය නිදහස් මැතිවරණයක් සහ නියෝජිත ආණ්ඩුවක් සඳහා වූ ඉල්ලීම මත පොදු එකඟතාවක් සොයා ගත්තා.
නොබෙල් කමිටුව පෙන්වා දෙන්නේ, ප්‍රජාතන්ත්‍රවාදයේ හරය වන්නේ, අපගේ අදහස් නොගැලපුණත්, ජනප්‍රිය පාලනයේ මූලධර්ම ආරක්ෂා කිරීමට ඇති පොදු කැමැත්ත බවයි.
ප්‍රජාතන්ත්‍රවාදයට තර්ජනයක් එල්ල වන මෙවන් මොහොතක, මෙම පොදු පදනම ආරක්ෂා කිරීම වෙන කවරදාටත් වඩා වැදගත් බව කමිටුව අවධාරණය කරනවා.
වෙනිසියුලාව සාපේක්ෂව ප්‍රජාතන්ත්‍රවාදී සහ සමෘද්ධිමත් රටක සිටදැන් මානුෂීය හා ආර්ථික අර්බුදයකින් පෙළෙන කුරිරු, අධිකාරී රාජ්‍යයක් දක්වා පරිණාමය වී තිබෙනවා.
ඉහළින් සිටින සුළු පිරිසක් පොහොසත් වන අතර බොහෝ වෙනිසියුලානුවන් ගැඹුරු දරිද්‍රතාවයෙන් පෙළෙනවා.
රාජ්‍යයේ ප්‍රචණ්ඩකාරී යාන්ත්‍රණය රටේම පුරවැසියන්ට එරෙහිව යොමු කර ඇති අතර, මේ වන විට මිලියන 8 කට ආසන්න පිරිසක් රට හැර ගොස් ඇති බව ද සඳහන්.