ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ මහවත්ත ඔරලෝසු කණුව ආසන්නයේදී ඊයේ (05) රාත්‍රියේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා..
යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර පලාගොස් ඇති අතර, තුවාල ලැබූ තැනැත්තා ප්‍රතිකාර සඳහා ජාතික රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්වූ බවයි පොලිසිය සඳහන් කළේ..
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, කැලණිය ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි අයෙක් වන අතර, වෙඩි තැබීමට අදාල හේතුව මෙතෙක් අනාවරණය වී ඇත්තේ නැහැ..
වෙඩි තැබීම සඳහා රිවෝලර් වර්ගයේ ගිනි අවියක් භාවිතයට ගෙන ඇති බවටයි පොලිසිය සැකකරනු ලබන්නේ..
එසේම, මරදාන, පංචිකාවත්ත ප්‍රදේශයේදී අද අලුයම සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තියෙනවා..
තුවාල ලැබූ ඔහු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බවයි පොලිසිය සඳහන් කරන්නේ..
යතුරුපැදියකින් පැමිණි ප්‍රහාරකයින් දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර තිබෙනවා..