Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Sep
05
අධික දහඩිය හා දුගඳට ආයුර්වේද පිළියම්...

- අධික දහඩිය හා දුගඳට ආයුර්වේද පිළියම්...Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

3 Views

වර්තමාන සමාජයේ පුද්ගලයන් අතර බහුලව දක්නට ලැබෙන ගැටලුවක් ලෙස අධික දහඩිය දැමීම පෙනෙන්නට තිබේ.


අධික දහඩිය දැමීමත් ඒ ඔස්සේ ශරීරයෙන් හමන දුගඳත් නිසා සමාජය ඉදිරියේ දහඩිය දමන පුද්ගලයන් අසරණවන අවස්ථා බෙහෙවින් දක්නට ලැබේ. මෙකී දහඩිය ගැටලුව හේතුවෙන් ඔවුන්ට තම අත්, ගෙළ පෙදෙස් හා කිහිලි යට නිතර පිසදමා පිරිසුදු කරන්නට සිදුවන ආකාරය දක්නට ලැබේ.

අධික දහඩිය
මිනිස් සිරුරේ දහඩිය ග්‍රන්ථි වර්ග දෙකක් වේ. එම ග්‍රන්ථි මඟින් ඇතිකරන දහඩිය ලුණු සහ ජලය සහිතව එළියට ගලායාම සිදුවේ. සිරුරේ අත්ල යට, කිහිලි යට, ඉකිලි යට මෙකී දහඩිය ග්‍රන්ථි පිහිටා ඇත.

දහඩිය ගැලීමෙන් සිරුරේ උෂ්ණත්ව නියාමනය සිදුවේ. එය මිනිස් සිරුරට අත්‍යවශ්‍ය කාරණයකි. දහඩිය අධිකව ගැලීම නිසා පුද්ගලයා අපහසුතාවයට පත්වේ.

දහඩිය සමඟ සිරුරෙන් දුගඳක් පිටවේ. පොදු ප්‍රවාහණයේදී, මඟ තොටේ දී හමුවන පුද්ගලයන් කෙරෙන් මේ තත්ත්වය අත්දකින්නට හැකිවේ.

දහඩිය දැමීමේ අපහසුතා
අධික දහඩිය දැමීම නිසා බාල මහලු කවුරු වුවත් පීඩාවට පත්වේ. විශේෂයෙන් පාසල් දරුවන් මේ තත්ත්වයට වැඩි වශයෙන් මුහුණ දෙන පිරිසක් ලෙස හැඳින්විය හැකිය. පොත්වල අකුරු ලිවීමට අපහසුතා ඇතිවීම, පොත්වල කොළ තෙත්වීම, පෑන අත්ලෙන් අල්ලා ගැනීමේ අපහසුව, අධික දහඩිය දැමිම නිසා සිදුවේ. මේ තත්ත්වය මානසික පීඩනයක් දක්වා බොහෝවිට දුරදිග යා හැකිය. විභාගවලදී එදිනෙදා ක්‍රියාකාරකම්වලදී මේ තත්ත්වයට මුහුණදීමට ඔවුනට සිදුවේ. මීට අමතරව මිනිසුන් අතට අත දීමේදී ආහාරයක් ඇල්ලීමේදී දහඩිය ගලා යාම දුටුවිට එය සමාජයේ පිළිකුලට බඳුන් වේ.

යමකුගේ අත්ලට මිනිත්තුවක් ඇතුළත මිලිග්‍රෑම් විස්සකට වැඩි ප්‍රමාණයක් දහඩිය දමන්නේ නම් එය ඔහු හෝ ඇය ප්‍රතිකාර සඳහා යොමුවිය යුතු තත්ත්වයක් බව වෛද්‍ය විද්‍යාවේ සඳහන් වේ. මීට අමතරව සමහර පුද්ගලයන්ගේ මුළු සිරුරටම දහඩිය දමන අවස්ථා දක්නට ලැබේ.

අධික උෂ්ණත්වයක් සහිත පරිසරවල සිටින විට, සිරුර වෙහෙසන වැඩ සිදුකරන විට, ව්‍යායාම්වල ක්‍රීඩාවල යෙදෙන විට අධික ලෙස දහඩිය දැමීම, පිටවීම සාමාන්‍ය තත්ත්වයක් වේ.

එසේ නොමැතිව අධික දහඩිය දැමීම, විවෙව්කීව නිදහසේ සිටින විට අධික දහඩිය දැමීම පුද්ගල සිරුරට අහිතකර තත්ත්වයක් වේ. එනම් සීත කාලගුණයක් ඇති විට අපහසුතාවයට පත්වන ලෙස වතුර මෙන් දහඩිය ගලා යයි නම් එයත් සැලකිලිමත් විය යුතු කාරණයකි.

දියවැඩියා රෝගී තත්ත්වයේදී, තෛරොයිඩ් ග්‍රන්ථයේ ගැටලු මතුවූ විට, හෝමෝන ගැටලු මත මානසික ආතතිය වැඩිවීම මත, කාන්තාවන්ගේ ආර්ථව අවස්ථාවේදී ද ඔවුනට දහඩිය දමන තත්ත්ව ඇතිවේ. එය සාමාන්‍ය තත්ත්වයක් වේ.

අධික දහඩිය වැළකීමට කළයුතු දේ

අධික දහඩිය දැමිමෙන් වැළකීමට නම්, වැඩිපුර මහන්සිවීමෙන් වැළකිය යුතුය. අධික ව්‍යායාම්වල නිරත නොවිය යුතුය. අධික උෂ්ණත්වය සහිත පරිසරයේ නොසිටිය යුතුය. තද අව්වේ නොයා යුතුය.

තද කළු පැහැති ඇඳුම් නොඇදිය යුතුය. කපු ඇඳුම් භාවිත කළ යුතුය.

ශරීරයේ පිරිසුදුකම පවත්වාගෙන යා යුතුය. කෘතිම පාන, ආහාර වර්ග ලබා නොගත යුතුය. නැවුම් පලතුරු, නැවුම් එළවළු වර්ග ලබාගත යුතුය. හොඳ විවේකයක් ලබා ගැනීම කළ යුතුය.

සුදුළූණු වැනි කුළුබඩු යෙදූ ආහාර නිතර නොගත යුතුය. මත්පැන් පානය නොකළ යුතුය. හොඳින් ජලය පානය කිරීම, සුවදායි නින්දක් ලැබීම කළ යුතුය. මානසික ආතතියෙන් නොසිටිය යුතුය.

දහඩිය සඳහා ආයුර්වේද ප්‍රතිකාර
දහඩිය දැමීම හා දුගඳ නැතිකිරීම උදෙසා ආයුර්වේදයේ ප්‍රතිකාර බහුලව පවතී. එනම් ශරීර ශෝධන ඖෂධ හා සමන තර්පන යටතේ දහඩිය දුගඳ සඳහා ආයුර්වේද ප්‍රතිකාර ලබා දෙනු ලබයි.

ශරීර ශෝධන ඖෂධ ලෙස මෙහිදි අදහස් වන්නේ, මෘදු ශෝධනයි. සුකුමාර වැනි ඖෂධ මඟින් පටන් ගෙන, තීක්ෂණ පාර්ශ්වය හෙවත් පිත් සමන ඖෂධ දක්වාම මෙකී ප්‍රතිකාර විහිදී යයි.

ශරීර අභ්‍යංග ප්‍රතිකාර නිසි ආකාරව සිදු කිරීම, තෙල් අභ්‍යංග හා ස්වේද ප්‍රතිකාර (ස්ටීම් කිරීම) නිසිලෙස ලබාදීම මෙහිදී සිදු කෙරේ.

ඊට අමතරව මානසික ආතතියෙන් මිදීමට පුද්ගලයාට අවශ්‍ය ප්‍රතිකාර කිරීම, සිරුරට උචිත ආහාර ලබා ගැනීම යනා දී ප්‍රතිකාර ඔස්සේ ඩාදිය දැමීමත් ඩාදිය දුගඳ පාලනයත් කළ හැකිය. ඊට අමතරව පොල්පලා, රණවරා, බෙලිමල්, වැනි පානවර්ග හොඳින් තම්බා පානයට ගැනීම, පත්පාඩගම්, නෙල්ලි, අරළු, සුඳුහඳුන්, සැවැන්දරා මල් තම්බා පානය කිරීම ප්‍රතිකාරයක් ලෙස ඉතාම වැදගත් වේ.

එලෙසම ලුණුවිල කලං දොළහේ කසාය ද මේ සඳහා යෝග්‍යය.

ලුණුවිල, සැවැන්දරා, පත්පාඩගම්, එකතු කර සිඳින ලද කසාය පානය ද යෝග්‍ය වේ.

ලුණුවිල, කලාඳුරු අල, නෙළුම් රේණු එක්කළ කසාය පානයද මෙයට ප්‍රතිකාරයකි.

ශරීරයේ දහඩිය දුගඳ දුරු කිරීම සඳහා ආලේපනයක්

කොකුම් පොතු, සුදුහඳුන්, රත්හඳුන් යන සුවඳ ද්‍රව්‍ය හා කොහොඹ දලු, අමුකහ එකට මිශ්‍ර කර අඹරා සිරුරේ ගා විනාඩි 15ක් 20ක් පමණ සිට ස්නානය කිරීම මඟින් දහඩිය දුගඳ සමනය වේ. මෙයට සමහර තෛල අභ්‍යංගයද කළ හැකිය.

පංචකර්ම ප්‍රතිකාර ද මේ සඳහා යෝග්‍යය. නින්ද, මානසික නිහස, දහඩිය පාලනය සඳහා අත්‍යවශ්‍ය වේ.

උපුටාගැනීමක් 
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top