Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Aug
31
අනතුරක් හා ඝාතනයක් අතර දෝලනය වන ඩයනා කුමරියගේ මරණය සිදුවුනේ අද වගේ දවසකයි... ඒ ගැන ඇසෙන අනුවේදනීය කතාව මෙන්න..

- අනතුරක් හා ඝාතනයක් අතර දෝලනය වන ඩයනා කුමරියගේ මරණය සිදුවුනේ අද වගේ දවසකයි... ඒ ගැන ඇසෙන අනුවේදනීය කතාව මෙන්න..Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

44 Views

වේල්සයේ රෝස කුසුමට ලෝකයම ආදරය කළා.. තවමත් ඇගේ මරණය කම්පනයක්.. අදවන් දිනක ජිවන අහසින් බැස ගිය ඒ සුන්දර කුමරිය ගැනයි මේ ලිපිය... 


1997 අගෝස්තු මස 31 වෙනිදා ප්‍රංශයේ උමං මාර්ගයක් තුල සිදුවූ රිය අනතුරකින් ඩයනා කුමරිය, ඇයගේ පෙම්වතා වූ කෝටිපති ව්‍යාපාරික ඩොඩි අල් ෆයිඩ් හා ඔවුන්ගේ රියදුරා වූ හෙන්රි පෝල් යන අය ජීවිතක්ෂයට පත් වුනා. ඔවුන්ගේ ආරක්ෂකයා වූ ට්‍රෙවර් ජෝන්ස් පමණක් මෙම අනතුරෙන් දිවි ගලවා ගත්තා.

ලොව වටාම විශාල ලෙස මතභේදයට තුඩු දුන් මෙම රිය අනතුර ගැන අනේකවිධ තොරතුරු වාර්තා වුනා. සමහරෙක් මෙය රිය අනතුරක් යැයි කියූ අතර සමහරෙක් මෙය සැලසුම් සහගත ඝාතනයක් යැයි මත පල කරනවා. මේ ඒ අනතුර ගැන කුකුසක් ජනිත කල කාරණා කිහිපයක්.

ඩයනා කුමරිය තම අත් අකුරින් ලියූ ලිපිය – “චාර්ල්ස් මාව රිය අනතුරකට ලක්කරන්න මාන බලනවා’
මෙය රිය අනතුරකට එහා ගිය මිනි මැරුම් කුමන්ත්‍රණයක් ද යන කරුණ සම්බන්ධව තිබෙන ප්‍රභලතම සාක්ෂියක් ලෙස ඩයනා කුමරිය ලියූ මෙම ලියුම සැලකෙනවා.

1997 ඩයනා කුමරිය මිය ගියත් ඇය විසින් තම ප්‍රධාන මෙහෙකරුවා වූ පෝල් බුරෙල්ට 1993 ඔක්තෝම්බර් මස යවන ලද ලිපියක මෙය සඳහන් කර තිබෙනවා. ඇය චාර්ල්ස් කුමාරයාගෙන් වෙන්ව මාස 10කට පමණ පසු මෙය හෙළිදරව් වී තිබෙනවා.

“මෙම කාලය විශේෂයෙන් මගේ ජිවිතයේ වඩාත් අනතුරුදායකම කාලය වෙනවා. මගේ ස්වාමි පුරුශයා විසින් මාව මගේ වාහනය තුලදීම ඝාතනයට සැලසුම් කරනවා. එය හරහා ඔහුට ටිගිව සරණ පාවා ගැනීමේ මාවත තවත් පහසු වෙනු ඇති.” යනුවෙන් එහි ලියා තිබෙන බව සදහන් වෙනවා.

නමුත් එම ලිපිය කියවා නිම කල පසු ඩයනාගේ ළඟම හිතවතියක් පවසා තිබුණේ ඇය තම ආරක්ෂාව ගැන කිසිදු බියක් පල නොකළ බවයි. එමෙන්ම ලුසියා ෆ්ලෙචර් නම් ඩයනාගේ බ්‍රසීලියානු ජාතික ළඟම හිතවතියක් පවසා තිබුණේ පෝල් බුරෙල් විසින් ඩයනාගේ අත් අකුරු අනුකරණයට ඉතාම දක්ෂ බවත්, ඒ නිසා එය තමන් විශ්වාස නොකරන බවත් යනුවෙනුයි. තවද ඇය පවසා තිබුනේ ඇය තමාගේ ජිවිතයට මහා බ්‍රිතාන්‍යයේ අනාගත රජු වීමට සිටින චාර්ල්ස් කුමාරයාගෙන් අනතුරක් වනු ඇතියි බිය නොවූ බවයි.


මොහොමඩ් අල් ෆයෙඩ් විසින් පිලිප් කුමරු M16 කණ්ඩායමට ඩයනා කුමරිය ඝාතනයට අණ දුන් බව පැවසීම.
ඩයනා කුමරියගේ හා ඩොඩි ෆායෙඩ්ගේ මරණයෙන් මාසයකට පසුව ඩොඩිගේ පියා වූ මොහොමඩ් අල් ෆයෙඩ් විසින් මාධ්‍ය හමුවේ කියා සිටියේ මෙය සැලසුම් සහගතව සිදුකළ රිය අනතුරක් බවයි.

එහිදී ඔහු කියා සිටියේ එක්සත් රාජධානියේ M16 (එම රටේ විදේශ බුද්ධි අංශය) විසින් එඩින්බරෝ හී ආදිපාදවරයා වූ පිලිප් කුමරුගේ අනුදැනුම මත මෙය කළ බවයි. පසුව ඩයනාගේ මරණය ගැන කළ පරික්ෂණයෙදී මෙය ප්‍රතික්ෂේප වුනා. නමුත් ඔහු තව දුරටත් එම තීරණය ප්‍රතික්ෂේප කරමින් කියා සිටියේ කුමරිය මුස්ලිම් ජාතිකයෙකු හා විවාහ වනවාට විරුද්ධව මෙම ඝාතනය ඔවුන් විසින් සිදුකල බවයි. එමෙන්ම රථයේ රියදුරු වූ හෙන්රි පෝල්ට M16 කණ්ඩායම විසින් හා ප්‍රංශ රහස් සේවාව විසින් මෙයට මුදල් ගෙවූ බව ද ඔහු පවසා තිබුණා.

මෙහිදී අල් ෆයිඩ් විසින් ප්‍රකාශ කර තිබුනේ පෝල් විසින් මෙම කුමන්ත්‍රණයේ විශේෂ කොටසක් සිදුකළ බවත් ඔහුගේ විවිධ බැංකු ගිණුම් 15ක් යුරෝ 170 ,000 කට ආසන්න මුදලක් පවතින බවත්ය යනුවෙනුයි. නමුත් මෙල්ට් පොලිස් පරීක්ෂණ වලදී පසුව සොයා ගෙන තිබුනේ එම මුදල් ආරක්ෂා අංශ වලින් ඔහුට නොලැබුණු බවත් අනතුර සිදුවන මොහොතේ ඔහු මත්පැන් පානය කර සිටි බවත්. නමුත් තවත් පුදුමයට කරුණක්ව පැවසුනේ හෙන්රිගේ ලේ සාම්පල වල ඉහළ අගයකින් යුතු ( 20.7%) කාබන් මොනොක්සයිඩ් අගයක් පැවති බවයි. විෂ රසායනය හා සම්බන්ධ මහාචාර්ය රොබට් ෆොරෙස්ට් ප්‍රකාශ කර තිබුණේ අනතුරට පැය කිහිපයකට කලින් ඔහු විසින් ඉහල අසාන්ද්‍රණයකින් යුතු මත්පැන් වීදුරු 8ක් භාවිතා කර තිබු බවත් කාබන් මොනොක්සයිඩ් ඔහුගේ ලේ වලින් සොයා ගැනීම සම්බන්ධව කිසිදු තර්කානුකූල පිලිතුරක් ඉදිරිපත් කල නොහැකි බවත්ය යනුවෙනුයි.

නමුත් 2017 අගෝස්ත්තු 30 වෙනිදා express.co.uk වෙබ් අඩවියේ ඉදිරිපත් වූ වාර්තාවක දැක්වෙන්නේ අනතුර සිදුවන මොහොතේ රියදුරා බීමත්ව නොසිටි බවයි. එම ප්‍රකාශය කර ඇත්තේ ඩයනාගේ හිටපු උප – ආරක්ෂකයා වූ පෝල් බුරෙල් විසිනුයි. එසේ රියදුරා බීමත්ව සිටියා නම් ඩයනාගේ ඒ මොහොතේ ආරක්ෂකයාව සිටි ට්‍රෙවර් ජෝන්ස් විසින් ඔහුට එම රිය ධාවනයට අවසර නොදෙනු ඇතැයි ද ඔහු ප්‍රකාශ කරන බව එහි සඳහන් වෙනවා.

වනාඩි 81 ගිලන් රථයක් එන තුරු සිටින්නට සිදු වෙයි
ඩයනා කුමරියව ඇය අනතුරට පත්වී විනාඩි 37 යන තුරුත් අයව රථයෙන් පිටතට ගෙන තිබුනේ නෑ. අනතුර සිදුවී මිනිත්තු 81 ක් යන තැන පැමිණි ගිලන් රථයකයි ඇයව රෝහලට රැගෙන ගොස් තිබුණේ. එසේ මෙය ගැන දරුණු සැකයක් තිබියදීත් එම ස්ථානයට පැමිණි වෛද්‍යවරයා වූ ෂෝන් මාර්ක් මාර්ටිනෝ ගෙන් මෙම මරණය ගෙන ප්‍රශ්න කිරීමක් කර නොතිබීමද විමතියට කරුණක් වනවා. තවද විශේෂඥයන් අධිකරණය හමුවේ ප්‍රකාශ කර තිබුණේ ඇය අනතුරට පත්වීම සමඟම රෝහල් ගත කළා නම් ඇයගේ ජීවිතය බේරා ගැනීමට ඉඩක් තිබූ බවයි. මෙම පැමිණි ගිලන් රථය ධාවනය වූ වේගය පිළිබඳව ඉන්පසු විවිධ මත පල වුනා. එනම් මෙම රථය අනතුරෙන් පසුව ධාවනය වී තිබුනේ පැයට කිලෝමීටර් 19ක වේගයකිනුයි. මෙය පිළිබඳව පරීක්ෂණ පවත්වන නිලධාරින්,ගවේෂකයන් සෞඛ්‍ය හා හදිසි අනතුරු පිළිබඳ විශේෂඥයන් ප්‍රශ්න කර තිබුණා.

ඇයව රැගත් ගිලන් රථයෙන් රෝහලට යන අතරතුර විනාඩි 5ක් පමණ නවත්වා තිබුණා. ඒ එපිනෙෆ්රින් හෝමෝනය ඇයගේ ශරිරයට එන්නත් කිරීම වෙනුවෙනුයි.

තවද මෙම ගිලන් රථය සෙමින් ගමන් කිරීමට හේතුව ලෙස දක්වා එහි ගමන් කරන අතරතුර ඇයට ප්‍රතිකාර කිරීමට සිදුවූ නිසා එය සෙමින් ධාවනය කළ බවයි. අධික වේගයෙන් ගමන් කරන අතරතුර ප්‍රතිකාර කිරීම ඉතාම අනතුරුදායක බැවින් එසේ සෙමින් ධාවනය කළ බව එහි දැක්වුණා.

එමෙන්ම මෙම අනතුර සිදුවී තිබුණේ මධ්‍යම රාත්‍රිය පසුවී සුළු මොහොතකට පසුවයි. නමුත් එම අනතුර සිදුවී පැය කිහිපයක් යන්නට මත්තෙන් මෙම අනතුර සිදුවූ උමග පිරිසුදු කිරීම් කර මහජනතාවට කිසිවක් සිදු නොවූ ලෙසින් නැවත විවෘත කර තිබූ අතර පරීක්ෂකයන් පවසා තිබුනේ පරීක්ෂණයට අවශ්‍ය සියලු තොරතුරු ඔවුන් රැස්කර ගත් නිසා එම මාර්ගය තවත් වසා තැබීමට අවශ්‍ය නොවූ බවයි. නමුත් බොහෝ දෙනෙකු පවසන්නේ අනතුර සිදුවූ ස්ථානයේ පරීක්ෂණ කටයුතු මේ නිසා නිසි පරිදි සිදු නොවූ බවයි.

ඩයනාගේ රියදුරාගේ පියා වන ජීන් පෝල් මහතා කල ආන්දෝලාත්මක ප්‍රකාශයක් පසුගිය 2017 අගෝස්තු 07 වනදා බ්‍රිතානයේ express.co.uk වෙබ් අඩවිය වාර්ථා කර තිබුණා. එයින් කියවුනේ ඩයනා කුමරියගේ මරණය ඝාතනයක් බවට බ්‍රිතාන්‍ය පොලිසිය විසින් තමාට පැවසු බවයි.

ඔහු විශ්වාස කරන පරිදි ඩයනා හා ඇයගේ පෙම්වතා වූ ඩොඩිව, කලින් කරන ලද සැලසුමක් අනුව මුස්ලිම් ජාතිකයෙකු හා විවාහ වීම නැවත්වීම වෙනුවෙන් ඝාතනය කර තිබුණා. ඔහු පවසා තිබුණේ තම පුතාගේ මරණය හුදෙක් එම සැලසුමේ අතිරේක කාරණාවක් වන බවයි.

බ්‍රිතාන්‍ය ඩේලි මිරර් පුවත් සේවයට ප්‍රංශයේ සිට ප්‍රකාශයක් නිකුත් කල ඔහු තව දුරටත් කියා තිබුණේ තම පුතාගේ හා ඩයනා කුමරියගේ මරණය යන මරණ දෙකම මිනි මැරුම් බවයි.

“මම 100% විශ්වාස කරනවා මෙම කාරණාවට මගේ පුතා සම්බන්ධ නෑ කියලා. ඔහු ඉතා වැදගත් මෙන්ම අවංක පුද්ගලයෙක්. ස්කොට්ලන්ඩ්යාර්ඩ් පොලීසිය පවා මෙම අනතුර ගැන දරන අදහස් දෙකක් තිබෙනවා. එක් පාර්ශවයක් මෙය සැලසුම් සහගත මරණයක් බවත් තව පාර්ශවයක් මෙය සැබැවින්ම රිය අනතුරක් බවත් විශ්වාස කරනවා. එමෙන්ම මෙම කාරණාව හා හෙළි නොවූ රහස් තවමත් රාශියක් පවතිනවා. මට ඇත්තට සිදුවුනේ කුමක්ද යන්න දැන ගැනීමට විශාල බලාපොරොත්තුවක් නෑ. නමුත් එය තව වසර 30- 50 කින් පමණ හෙළි වේවි. නමුත් මගේ මරණයට පෙර එය දැනගැනීමට මට බලාපොරොත්තුවක් පවතිනවා. නමුත් එය එසේ සිදු වේවි යැයි මම හිතන්නේ නෑ” යැයි ඔහු පවසනවා.

මේ වන විට ඔහුගේ වයස අවුරුදු 85ක් වන අතර මිය යන විට ඔහුගේ පුතා 41 වෙනි වයසේ පසුවුණා.

ඇත්තටම මෙහි සිදු වුයේ කුමක් ද යන්න පිළිබඳව විවිධාකාර මත ඉදිරිපත් වනවා. නමුත් ඇත්තටම සිදුවුනේ කුමක්ද ? එය අදටත් ප්‍රශ්නයක්.

උපුටාගැනීමක
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins
-->



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top