එදිනෙදා ජීවිතය තුළ වර්ණ තේරීම සම්බන්ධව විවිධඅත්දැකීම් වලට අපි මුහුණ දෙනවා. ඇඳුමක් බෑගයක් සපත්තු වගේ විලාසිතා සම්බන්ධවත් නිවසට නිවසේ ඒ ඒ කොටස් වර්ණ ගැන්වීමට තීන්ත තේරීම යන අවස්ථා වලදීත් වර්ණ ගැන සුවිශේෂී උනන්දුවක් අපි තුළ ඇති වෙනවා. අවස්ථාවට අනුව විවිධ පැහැයන් තේරීම කෙරෙහි විශේෂයෙන්ම අපි උනන්දුයි. මේ සියලු වර්ණයන්ගෙන් කියවෙන තේරුමක් තියෙනවා.සියයට සියයක්ම සත්‍ය නොවිය හැකි නමුත් මේ ලක්ෂණ පොදුවේ ඒ ඒ වර්ණයන්ට අනුරූපව ගැළපිය හැකියි. වැදගත්ම දෙය නම් මේවා ඔබේ අදහස්, විශ්වාසයන් සහ කියවීම් වලට සාපේක්ෂව වෙනස් විය හැකිය.
Black :
තරමක් ගුප්ත හැඟීම් සහිත බවක් කළු පැහැයෙන් අදහස් වේ. දැඩි බව, කෝපය සහිත බව සෘණාත්මක අදහස් සහිත බව මෙම වර්ණය හා බැඳේ. මෙම වර්ණය ප්‍රිය කරන්නන් තම සිතැඟි අන්න්‍යන් හා බෙදා ගැනීමට නොයයි. එනම් ඔවුහු ගුප්ත අය වෙති. ඉතාමත් කිට්ටු කිහිප දෙනෙක්ට පමණක් හිතවත්කම් දක්වයි. එමෙන්ම බලය, දැඩි බව ප්‍රතාපවත් බව ඔවුන් තුළ දැකිය හැකිය. බෙහෙවින් ස්වාධීනය. සැකයකින් තොරව රහස් ආරක්ෂා කර ගැනීමට කළු පැහැය වඩාත් ප්‍රිය කරන්නන් යෝග්‍ය වේ.
White:
ඉතාමත් සුබවාදී මෙන්ම සංවේදී බවත් සුදු වර්ණයෙන් කියවේ. ඒ අනුව වඩාත් සංවේදී හිත් ඇත්තන් නිරන්තරයෙන්ම සුදු වර්ණය ප්‍රිය කරයි. එමෙන්ම ආගමට ඇති නැඹුරුතාවය, පැහැදිලි බව, සරල බව, පිරිසිදු බව පිවිතුරු බව යනාදී බොහෝමයක් ගති ලක්ෂණ සුදු වර්ණය හා බැඳේ. වඩාත් ධාර්මික පුද්ගලයන් මෙම වර්ණයට ඉතාමත් ලැදිය. ඔවුන් තුළ සාමකාමී බව රජයයි.
Red:
රතු යනු නිරායාසයෙන්ම ඉතාමත් ආකර්ෂණීය වර්ණයකි. කැපී පෙනෙන වර්ණ අතර රතු ඉදිරියෙන් සිටියි. එනිසාම වඩාත් රතු වර්ණය ප්‍රිය කරන්නන් ප්‍රසිද්ධියට ඉතාමත් කැමති අය වෙයි.පිරිසක් පාලනය කිරීමට ඇති හැකියාව නායකත්වය වැනි ලක්ෂණ ද හඳුනාගත හැකිය. එමෙන්ම ක්‍රියාශීලි බව. උද්‍යෝගිමත් බව ප්‍රබෝධවත් බවත් රතු වර්ණයෙන් කියයි.නිරන්තරයෙන්ම තම අරමුණු කෙරෙහි අවදියෙන් සිටින මොවුන් ඉලක්ක පසුපස හඹායයි.
Blue :
නිල් යනු සාමාන්‍යයෙන් කවුරුත් කැමති වර්ණයකි. එය ඉතාමත් ආකර්ෂණීය පැහැයක් වීම ඊට හේතුවයි. අන්‍ය මත ඉවසීම විමසීම වැනි ලක්ෂණ ඔවුන් තුළ වේ. සන්සුන් බව ස්වාධීන බවත් ඒ අතර වේ. ඔවුන් තුළ විවෘතමනසක් ද දැකිය හැකිය.
Green:
කොළ වර්ණයට ලැදි පුද්ගලයන් තුළ නුවණැති බව දැකිය හැකිය. එමෙන්ම ඔවුන් වඩාත් පරිසරය හා සමීපය. එමෙන්ම ස්වාධීනය. ඔවුන් තුළ නිර්මාණාත්මක ලක්ෂණ හඳුනාගත හැකිය. එමෙන්ම නව දේවල් නිර්මාණය කිරීමට ඇති ඇල්ම ද කැපී පෙනෙයි. කොළ යනු නිරායාසයෙන්ම පරිසරය සොබා දහම හා බැඳුණු වර්ණය නිසාම එයින් වර්ධනය, සෞභාග්‍යය, ඵල දැරීම වැනි පණිවිඩයද කියවේ. විවෘත මනසකින් යුතුව කටයුතු කරන බවත් මෙයින් කියවෙන තවත් ලක්ෂණයකි.
Yellow:
කහ යනු දුටු පමණින් ප්‍රබෝධවත් හැඟුම් සහිත පැහැයකි. සුබවාදී, තෘප්තිමත් හැඟීම් කහ පැහැය ප්‍රිය කරන අය තුළ දැකිය හැකිය. සිනහව සහ සතුට ඔවුන්ට ආවේණික වේ. නුවණැති බවත් මේ හා බැඳේ. යමෙක් තුළ ඇති සෘණාත්මක සිතිවිලි දුරලීමට කහ පැහැයට ඇති හැකියාව ප්‍රබලය.
Purple :
සාමාන්‍යයෙන් බොහෝ දෙනා ප්‍රිය කරන වර්ණයකි දම්. තම හැඟීම්, චිත්ත වේග තමා තුළම රඳවාගෙන සිටින ගතිය. මොවුන් තුළින් දැකිය හැකිය. සුව පහසුවට ඇති කැමැත්ත, සංවිධානාත්මක බව, සුඛෝපභෝගි ජීවිතයකට ඇති කැමැත්ත ඔවුන් තුළ වේ. බොහෝ විට තනිව සිටීම ප්‍රිය කරයි.
Pink:
සියුම් බව,හුරුබුහුටි බව පෙන්නුම් කරන පැහැයයි. කාන්තාවන් වැඩි ප්‍රමාණයක් ඇලුම් කරන වර්ණය වන්නේත් මෙම රෝස පැහැයයි. එනිසාම කාන්තාවන්ට සුවිශේෂී වූ ඇඳුම් පැළඳුම් සහ විලාසිතා බොහෝමයක් නිම වෙන්නේත් රෝස පැහැයෙනි.ළමා සෙල්ලම් උපකරණ ද මෙම පැහැයෙන් නිමවේ.සංවේදී බව සියුම් බව ආදරණිය බව මිතුරු බව හිතවත් බව ළපටි ස්වභාවය මෙම පැහැයට ලැදි පුද්ගලයන් තුළින් හඳුනාගත හැකිය.
Orange:
ඉතාමත් සුබවාදී අදහස් සහිත පිරිස් තැඹිලි පැහැය ප්‍රිය කරයි. බාධා සහිත වුවත් ජීවිතය තුළ ස්ථාවර ගමනක් යාමේ හැකියාව ඔවුන් සතුය. සමාජශීලි පුද්ගලයින් වේ. සෘණාත්මක සිතිවිලි දුරලන, සතුට ඉතාමත් කුඩා දෙයින් වුව ලබාගන්නා බව මොවුන් තුළ පැහැදිලිව දැකිය හැකිය.වඩාත් නිර්මාණශීලී සිතිවිලි සහිතය. එමෙන්ම කැපවීම දැඩි අධිෂ්ඨානය ද හඳුනාගත හැකිය.
Gold:
රත්‍රං පැහැය ප්‍රිය කරන පිරිස් තුළ උසස් බව රාජකීය බව සුඛෝපභෝගී ජීවන පැවැත්ම ප්‍රිය කිරීම වැනි ලක්ෂණ හඳුනාගත හැකිය. එමෙන්ම තම අවශ්‍යතා වෙනුවෙන් ඇති කැපවීම, සෘජු බව යන ලක්ෂණ ද දැකිය හැකිය. පිරිපුන් බව සෞභාග්‍යය ද මෙයින් කියවේ.
ඔබ යම් වර්ණයකට දැඩි ඇල්මක් දක්වන්නේ නම් ඒ වර්ණය ඔබ ගැන මෙම පණිවිඩ ලබා දෙයි. එමෙන්ම වර්ණ තෝරා ගැනීමේදී ද එහි ඇති යම් යම් අරුත් පිළිබඳව සත්‍යතාවයන් විමසීම වැදගත් වේ. සිසිල් වර්ණ උණුසුම් වර්ණ ආදී ලෙස තවත් බෙදීම් වර්ණ විද්‍යාව තුළ අඩංගු වේ. ඒවා පිළිබඳව ද දැනුවත්ව සිටීම වර්ණ තේරීමේදී ඔබට වැදගත් වේ. ඉහත කරුණු යම් යම් හේතු මත තරමක් වෙනස් විය හැකිය. නමුත් පොදුවේ මෙම ලක්ෂණ වර්ණ සම්බන්ධව හඳුනාගත හැකිය.
උපුටාගැනීමක්