අදාළ වර්ජන ක්‍රියාමාර්ගයෙන් රෝගීන්ට ඇති වන අපහසුතා සම්බන්ධයෙන් සම්පූර්ණ වගකීම සෞඛ්‍ය අමාත්‍යවරයා ඇතුළු ආණ්ඩුව භාරගත යුතු බවයි එම සංගමය ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් සඳහන් කළේ.
පරිපූරක වෛද්‍ය සේවාවේ කළමනාකරණ සේවාවන් ආවරණය කරන නිලධාරීන්ගේ උසස් වීම් ප්‍රමාදය, සම සෞඛ්‍ය ක්ෂේත්‍රයේ උපාධිධාරීන් සේවයට බඳවා ගැනීමේ ගැටලුව ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් හෙට පෙරවරු 8 සිට වර්ජනයක නිරත වීමට පරිපූරක වෛද්‍ය වෘත්තීන්ගේ ඒකාබද්ධ බල මණ්ඩලය තීරණය කර තිබෙනවා.
මෙම වර්ජනය සඳහා රසායනාගාර විද්‍යාඥ සේවාව, විකිරණ තාක්ෂණවේදී සේවාව, ඖෂධවේදී සේවාව, වෘත්තිය චිකිත්සක සේවාව, කථන චිකිත්සක සේවාව ඇතුළු සෞඛ්‍ය ක්ෂේත්‍ර යේ වෘත්තිය කණ්ඩායම් 7ක් එක්වනවා.
අදාළ වර්ජන කාල සීමාව තුළ සියලු රසායනාගාර පරීක්ෂණ සේවා, ඖෂධ බෙදා හැරීම, ඖෂධ නිකුත් කිරීම, විකිරණ පරීක්ෂණ සේවා, වෘත්තිය චිකිත්සක සේවා, කථන සහ ශ්‍රවණ චිකිත්සක සේවා අඩාල වීමට නියමිත බවයි පරිපූරක වෛද්‍ය වෘත්තීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලය පවසන්නේ.