අපේ රටේ බහුතරයක් කතා කරන්නේ සිංහල භාෂාවනේ...ඒත් සමහර විට එක් එක් ප්‍රදේශවල අය භාෂාව භාවිතා කරනවිට සිංහල භාෂාවේම වුණත් වෙනස්කම් තිබෙනවා... ඉතිං ඔන්න මේ වෙනස්කම් තමයි භාෂාවේ ප්‍රාදේශීය ව්‍යවහාර කියන්නේ.මෙහිදී දැකිය හැකි ලක්ෂණයක් තමයි ඔබ යම් දෙයකට පාවිච්චි කරන වචනය වෙනත් ප්‍රදේශයකින් පැමිණියෙකු වෙනත් වචනයක් යොදමින් කතා කිරීම. හරි එහෙමනම් අද අපි ටිකක් කතා කරමු දකුණේ භාෂාව ගැන...
ඇහැකි – පුළුවන්
මායම- තැවරී ඇති ස්වල්පය
තැරවෙනවා- ගෑවෙනවා
ඩිංගිත්ත- ස්වල්පය
හින්නික්කිතර – චුට්ටක්
හිච්චිකිතර – මදක්
හීන් – පොඩි / පුංචි
හිච්චි – මද, මධ්‍යම
මහවට – ලොකුවට
ඩිංගක් – ටිකක්
පොඩිත්ත – පොඩ්ඩක්
ඇහිරෙනවා – රැස්වෙනවා
අනේ කවුද්දං – අනේ මන්ද
ඔහේ/ ඔයැයි – ඔයා
මෙයැයි – මෙයා
ඇතෙයි – ඇතිද
දෑවා – දැම්මා
පුංචෑයො – පොඩි ළමයි
මහගෙ – හාමිනේ
හින්නා – කුඩා කූඹියා
කඩියා – විශාල කූඹියා
අපදං කොරනවා -අපතේ හරිනවා
සොම්බක්වත් නෑ – චුට්ටක් වත් නෑ
මක්කයි – මොනවද
මක්කටෙයි – මොනවටද
මොටෝ? – මොකටද
මක්ක? – මොකක් ?
මක්කදේ එක – “මෙව්ව එක” වගේ අදහසක්
මහන්තත්තෙ – ආඩම්බර කම
පොළොත්ත – පොල් කටුව
යතුරු කටුව – හැට්ට කටුව
අඹවනවා – එළවනවා
වෑංජන – එළවළු කරි
වතු මොයිය- කෙසෙල් මුව
මාළු – පිහිනා යන මාළු ,
කරිජ්ජ – කරදිය
මිරිජ්ජ – මිරිදිය
තැම්බ – පිඬ (ගොම තැම්බ, කෙළ තැම්බ)
හිරේ – කසාදෙ
බඩකඩුත්තුව – කාන්තාවන්ගේ මාස් රෝගය
ගාය- වේදනාව/ අමාරුව
ඇලවංගුව – අලවංගුව/ ගල් ඉන්න
මූට්ටු කරනවා – පූට්ටු කරනවා
අහිනවා – රහිනවා
ලොවනවා – ලෙවකනවා
ආත්තා – ආච්චි
ජූල් – දිවුල්
පත්තක්කා – කොමඩු
ගොබලු – කුරුම්බැට්ටි
වෑවර – කුරුම්බා
තිත්ත ගෙබලි – ඉතා ළපටි
නෙට්ටිය – වලිගය
පාඩ – වයිරම්
රෑණ – කඹය
කරෝල – කරවල
කොයිබෙයි – කොතනද
සබ්බද්දියංවාරෙ – පැත්ත පළාතෙ
ලතෝනි දෙනවා – විලාප දෙනවා
හත්වලාමේ/වලාමේ/හද්දෙයියනේ/හත්තිසිවලාමේ/විසිවලාමේ/හත්තුකේ – පුදුමය දැනවීමට ද, කතා බහේදී ආධාරක පදයක් ලෙසද, “දෙවියනේ” යන යෙදුමට සමානවද භාවිතා වේ..
කෑවයි? බිව්වයි? නෑවයි? ආදී ලෙස “යි” ප්‍රත්‍ය ප්‍රශ්නාර්ථයේ “ද” වෙනුවට භාවිතා වේ..
නැහැනො,, ඇත්තනො ආදි “නො” ප්‍රත්‍ය “නොවැ” යන ප්‍රත්‍ය වෙනුවට යෙදේ..
ප්‍රශ්න අහන උරුව වෙනස්... ඒ මේ විදිහටයි...
මොනවද ? - මක්කයි/ මොනවයි
ඇයි? / මොකද? - මොකෝ?
මොකටද? - මක්කටෙයි?/ මොටෝ
ඇත්තද? - ඇත්තෙයි?/ හැබැයි?
ප්‍රශ්න ඇසීමේදී "ද" වෙනුවට "යි" යොදයි
ආවයි? කෑවයි? යනවයි? ඉන්නවයි?
දකුණේ භාෂාව ද උච්චාරණයේදී ප්‍රාදේශීය වශයෙන් විවිධ වෙනස්කම් පෙන්වයි.
උදාහරණයක් ලෙස මොකටද? යන්න ගාල්ලේ අයෙක් මක්කටෙයි?
ලෙස විමසද්දී කොග්ගල අහංගම පැත්තට වන්නට මොටෝ? ලෙස විමසනු ලැබේ.
එසේම බූස්ස රත්ගමට වන්නට මක්කටා?/ මක්කටේ? ලෙසද විමසෙයි.
නේද? යන්න පොදුවේ නේ? ලෙස විමසෙන අතර මාතරට වන්නට “නො?” ලෙස විමසෙයි. (කෑවනො? ගියානො?)
අම්බලන්ගොඩ බලපිටිය දෙසට යනවිට ප්‍රශ්න ඇසීමේදී “ද?” හෝ “යි?” භාවිත වීමක් සිදු වන්නේම නැත. උච්චාරණය කරන ආකාරයෙන් එය ප්‍රශ්නයක් බව දැනගත යුතුවේ.
ඔයා කෑවද? - ඔයැයි කෑවා?
අකකලාගේ ගෙදර ගියාද? - අක්කලහ ගියා?
බූස්ස, රත්ගම, අම්බලන්ගොඩ, බලපිටිය ප්‍රදේශ වල කතා විලාශය දකුණේ අනෙක් ප්‍රදේශ වලට වඩා විශේෂත්වයක් දක්වන අතර. වාක්‍යයක් අගට ඇදීමක් සහිතව වචන උච්චාරණය කරනු දක්නට ලැබේ.
කියලා -කියාලා...
බලලා - බලාලා..
දකුණේ භාෂාව ප්‍රාදේශීයව උප භාෂාවන්ට අනුව වෙනස් වන අතර රත්ගම බලපිටිය ප්‍රදේශවල වාග් විලාශය ලතාවකට උසුරුවනු ලැබේ..
මාතර බස සරල මටසිළුටු මිහිරියාවක් සහිතයි...
අන්තර්ජාලයෙන්...