එක එක කොන්දේසි මත පැනවූ මිල ගණන් එක්ක වාහන සිහිනය බොඳ වුණු බොහෝ දෙනෙක් ඒ ගැන හිටියේ කලකිරීමකින්..
ඒත් දැන් ඒ ගැන අහන්න දකින්න ලැබෙන්නේ වෙනස් විදිහක ආරංචි විතරයි.. මේ කියන්න යන්නේ වාහන ආනයනය ගැන ආයෙමත් ඇසෙන විශේෂ කතාවක්..
ජපානයෙන් ආනයනය කර රේගුවේ සිර වී තිබෙන වාහන 400කට අසන්න සංඛ්‍යාවක් නිදහස් කිරීමට තිබූ බාධා ඉවත් කරමින් මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් අති විශේෂ ගැසට් පත්‍රයක් ඊයේ නිකුත් කර තිබෙනවා...
මෙම ගැසට්ටුවෙන් එම වාහන මෙරටට එවීම සදහා අපනයන පරීක්ෂණ සහතික ලබාගෙන තිබූ බියුරෝ වෙරිටාස් කාර්යංශයට ඒ සදහා බලය ලැබෙන අතර වාහන රේගුවෙන් නිදහස් කිරීමට තිබෙන අනෙකුත් බාධක ද ඉවත් වනු ඇති...
රේගුවේ සිරවී සිටින ජපානයෙන් ආනයනය කළ වාහන මුදා හැරීමට බාධාවක්ව තිබුණේ එම වාහන මෙරටට ආනයනය කිරීමට සම්බන්ධව ජපානයෙන් අපනයන පරීක්ෂණ සහතිකය ලබා ගත් සමාගමයි...