වාහන ආනයන ගැන විවිධ කතා පසුගිය දිනවල ඇසුණා..
මේ කියන්න යන්නේ අන්න ඒ ගැන ඇසෙන තවත් එක් කතාවක්..
වාහන ආනයනය කිරීමේදී ජපානයේ ප්‍රමුඛ පෙළේ බැංකු කිසිවක් මෙරට ණයවර ලිපි භාර නොගන්න බව ලංකා ආනයනකරුවන්ගේ සංගමය පවසනවා...
එම සංගමයේ සභාපති ඉන්දික සම්පති මෙරෙන්චිගේ කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ප්‍රකාශ කළේ, වාහන ආනයනයේදී මතුව ඇති එම ගැටලුවලට රජය කඩිනමින් විසදුම් ලබා දිය යුතු බවයි...
වසර 5ක පමණ සිට තාවකාලිකව තහනම් කර තිබුණු පෞද්ගලික ප්‍රවාහන කටයුතු සඳහා භාවිත කෙරෙන වාහන නැවත ආනයනය කිරීමට පෙබරවාරි මස 1 වන දා සිට බලපැවැත්වෙන පරිදි අවසර දීමටයි රජය පියවර ගෙන තිබෙන්නේ..
මෙහිදී, පෞද්ගලික භාවිතය සඳහා යොදා ගන්නා කාර්, වෑන් ආදී මෝටර් වාහන, පොදු ප්‍රවාහන කටයුතු සඳහා යොදා ගන්නා බස් රථ, භාණ්ඩ ප්‍රවාහනය සඳහා යොදා ගන්නා මෝටර් වාහන, විශේෂ කාර්යයන් සඳහා යොදා ගන්නා රථ, ත්‍රී රෝද රථ, යතුරු පැදි සහ අනෙකුත් මෝටර් එන්ජින් භාවිත නොවන අයිතම ආනයනය කිරීමට 2421/44 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය මගින් අවසර ලැබී තිබෙනවා..
මෙම තහනම ඉවත් කිරීම පිළිබඳව අදහස් දක්වමින් ජනාධිපති අනුර කුමාර පැවසුවේ, "ඉතාමත් සැලකිලිමත්ව සහ ප්‍රවේසම්සහගතව" එම නිදහස් කිරීම සිදුකළ බවයි..