ලෝක සිංහ දිනය යෙදීලා තියෙනේ අදයි.
එහි තේමාව වන්නේ ''වනයේ රජු ආරක්ෂා කරමු'' යන්නයි.
මෙවර ලෝක සිංහ දිනය පාරිසරික සමතුලිතතාවය පවත්වා ගැනීම සහ සංරක්ෂණය ප්‍රවර්ධනය කිරීම සඳහා සිංහයන්ගෙන් ඉටු කෙරෙන වැදගත් කාර්යභාරය පිළිබඳ සිහි කැඳවීමක් සිදු කෙරෙනවා.
ලොව පුරා වනාන්තරවල සිටින සිංහයන් විශාල තර්ජනයකට මුහුණ දී සිටින අතර, සිංහ ගහණය විශාල ලෙස පහත වැටී තිබෙනවා.
2001 වසරේදී සිංහයින් 33,000ක් වාර්තාවී තිබු අතර, මේ වනවිට සිටින්නේ සිංහයින් විසි දහසක් පමණක් බව සඳහන්.
අප්‍රිකානු සිංහයන්ගේ ගහනය 2001 සිට මේ දක්වා සියයට 43කින් පහත වැටී තිබෙනවා.