ඒ වගේමයි වර්තමානය වන විට ඒ තරම් දැකගන්නට නැති ඇත්තෝරවල මේ වගේ ගුණත් සැඟවිලා තියනවා කියලා ඔබට දැනගෙන හිටියාද..?
සන්ධිගත රෝග සඳහාත් ඇත්තෝර කොළ කැඳ ඉතාමත් හොඳ ඔසුවක්.. මේ කියන්න යන්නේ ඖෂධීය ගුණයෙන් පිරුණු ඒ කැඳ පිළියෙල කරගන්නා ආකාරයයි..
පළමුව හොඳින් සෝදා ගල් වැලි ඉවත් කල නිවුඩු කැකුළු හාල් දෙමිටක් වතුර කෝප්ප 02ක් දමා හොඳට බෙරි වෙන්නට තම්බා උයා පොඩි කරගන්න. ලුණු ස්වල්පයක් දමන්න.
එයට,
-ඇත්තෝර කොළ 07ක්
-කරපිංචා කිණිති 07 ක්
-පොල් මිටක්
-රම්පා කෑල්ලක්
-සේර කොළයක්
කොටා වතුර බෝතල් 1/2ක් දමා මිරිකා ගත් ඉස්ම බෝතල් 1/2ක් ඉහත කැඳට දමන්න.
සරක්කු
•••••••••••••
-සුදුළූණු බික් 03 ක්
-අමු ඉඟුරු ස්වල්පයක්
-මුරුංගා පොතු ස්වල්පයක්
-කරඳමුංගු කරල් 01 ක්
-උළුහාල් සූදුරු අබ මාදුරු ඇඟිලි දෙකට අසුවන ප්‍රමණ 03 බැගින් ගෙන
සරක්කු අඹරා උණුවතුර කෝප්ප 1/2ක දියකර පෙරා එය කැඳට එකතු කර බුබුළු දමා පැසෙන තෙක් හැඳි ගා උයා නිවුනාට පසු බීමට ගන්න. රස බලා ලුණු දමන්න.
- මෙහි ගුණ :
. සමේ ඇතිවන විවරණය නැති කරයි
. ක්‍රිමි රෝග සුවකරයි
. කැසීම්, දද, කුෂ්ඨ රෝග සුව කරයි
. වාත රෝග, සන්ධිගත වාත සුව කරයි
. පීනසට ගුණදායකයි
. හොටු දියර ගැලීම වළකාලයි
. කිවිසුම් ඇති වීම, හතිය ආදී සෙම නිසා ඇතිවන රෝග සුවකරයි
