මත්පැන් බෝතලයට බිරිඳ විසින් වස දමා ඇති බවට ඇතිවූ සැකයක් නිසා රෝහල් ගතවූ ස්වාමිපුරුෂයෙකු ගැන තලාතුඔය පැත්තෙන් අපිට අහන්න ලැබුණා.
දෙදරු පියෙකු වූ මේ පුද්ගලයා සහ සිය බිරිඳ අතර ඇතිවූ පවුල් ආරවුලක් හටගෙන තිබෙනවා.
අනියම් සබඳතාවක් නිසා මෙම ආරවුල හටගෙන ඇති අතර එම නිසා තමාගේ මත්පැන් බෝතලයට වසා දමා ඇතිබවට ඇතිවූ සැකයක් නිසයි ඔහු රෝහල් ගතවී තිබෙනවා.
මොහු අනිවත්ත පැත්තේ හෝටලයක් පවත්වාගෙන යන බවත් සිද්ධියවූ දින මොහු නිවසට පැමිණ ඇත්තේ මත්පැන් බෝතලක්ද රැගෙනයි.
නිවසට පැමිණ මත්පැන් පානය කර ඇති අතර ටික වේලාවකින් දුම්වැටියක් ගෙන ඒම සඳහා කඩයකට ගොස් තිබෙනවා.
නැවත නිවසට පැමිණි මේ පුද්ගලයා මත්පැන් බෝතලය පානය කරන විට උගුරේ අමාරුවක් දැනෙන්නට පටන්ගෙන ඇති අතර තමා නිවසින් පිටවූ අවස්ථාවේදී මත්පැන් බෝතලයට වස දමා ඇති බවට සැකසිතී තිබෙනවා.
ඒ අනුව ඔහු ඉක්මනින්ම රෝහල් ගතවී ඇති අතර වෛද්‍යවරුන් පවසා ඇත්තේ වස ශරීරගතවීමක් සිදුවී නැති බවයි.
කෙසේ වෙතත් මේ පුද්ගලයා මානසික වෛද්‍යවරයෙකු වෙත ඉදිරිපත් කිරීමට නිර්දේශ කර ඇති බවයි වාර්තා වුණේ.