ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ දිවයිනට පැමිණි බව අප ගුවන්තොටුපොල වාර්තාකරු පවසනවා...
අද (05) උදෑසන කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොලෙන් මෙරටට පැමිණි ඔහු පිළිගැනීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඇතුළු පොදුජන පෙරමුණේ දේශපාලඥයින් පිරිසක්ද සහභාගි වූ බව ඔහු සඳහන් කළා..
මාස දෙකක පමණ කාලයක් අමෙරිකාවේ සිටි හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ පැමිණීමෙන් පසු ජනාධිපතිවරණයට සුදුසු අපේක්ෂකයකු තෝරා ගැනීම සඳහා සාකච්ඡා පැවැත්වීමට නියමිත බවයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ..