එහි වෙනස් විය යුතු තැන් ගැන සමහර අවස්ථාවල කතා කරන්නේ විදේශයන් හී අධ්‍යාපන පද්ධතීන් ගැන උදාහරනයට පෙන්වමින්.
ඉතින් මේ කියන්න යන්නේ ජපානයේ පාසල්වල ඉගැන් වීම් රටාව ගැන ගුරුවරියක් තැබු සටහනක් ගැන.
මම ජපානයේ ළමයි ගැන ලියන්න හිතුවා.
මම ගුරුවරියක්.
පාසැල් 4ක උගන්නනවා.
අවුරුදු 9 සිට 15 ළමයින්ට.
මෙහෙ ළමයි යන්න ඕනේ ගෙදර ළඟම තියෙන ඉස්කෝලේට විතරයි.
යන්න ඕනේ පයින්. අවුරුදු 15 පස්සේ සමහර පාසැල් වල විතරයි බයිසිකල්වත් දෙන්නේ.
අවු. 6 ඉඳන් පාසැල් යන්න ඕනේ තනියම.
පාරේ අයින් වෙලා ලස්සනට යනවා.
පුංචිම කාලේ ඉඳන් හැම ළමයෙකුටම swimming, unicycling, skiing, sports කරන්නම ඕනේ. වයස යනකන් රොබෝල වගේ වැඩ කරන්න පුරුදු කරන්නෙ එහෙමයි.
දවසකට sports කරන හැම වෙලාවෙම sports kit අඳින්න ඕනේ.
ගෑනු, පිරිමි ළමයි වෙනම ඇදුම් මාරු කලත් පන්තිය ඇතුලේ ඇන්දත් කවදාවත් පිරිමි ළමයි ඒ දිහා බලන්නෙවත් නැහැ.
ගුරුවරු, principal ළමයි එක්ක ඉන්නේ යාලුවො වගේ.
ආබාධිත, මානසික අඩුපාඩු ළමයි ඉගෙන ගන්නෙ එකටමයි.
උදේ 7.30 විතර එන ගුරුවරු principal ල පාරට ගිහින් හැම ළමයෙකුටම ආචාර කරල පිළිගන්නවා.
3.15 ඉස්කෝලේ ඇරුනාමත් පාරේ හිටගෙන ළමයි පරිස්සමෙන් ගෙදර යවනවා.
ගුරුවරු ගෙදර යන්නේ රෑ 8.00 විතර. ඉතින් මේ ජපාන ජීවිතෙන් ටිකක් විතරයි.
උපුටා ගැනීමකී