මාරක අනතුරු නිසා ගොඩක් ජීවිත පසුගිය දිනවල අපට අහිමි වුණා..
ඒත් තවමත් නොහික්මුණු රියදුරු දෑත් නිසා ඒ වගේ වටිනා ජීවිත තවමත් අහිමි වෙනවා..
පෙරියනිලාවනි පොලිස් වසමේ විෂ්ණු විද්‍යාල පාර ප්‍රදේශයේදී පාසල් වෑන් රථයකට යටවීමෙන් ඊයේ(29) බරපතළ තුවාල ලැබූ ළදරුවෙකු කල්මුණ රෝහලට ඇතුලත් කිරීමෙන් පසුව මිය ගොස් තිබෙනවා..
මෙසේ මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 04ක් වූ පෙරියනිලාවනි 02 ප්‍රදේශයේ පදිංචි ළදරුවෙක්..
මියගිය දරුවාගේ වැඩිමහල් සහෝදරිය පාසල් යාම සඳහා පැමිණි පාසල් වෑන් රථයට සහෝදරිය නංවා ගැනීමෙන් පසු රියදුරු විසින් රථය ඉදිරියට ධාවනය කරන අවස්ථාවේ මෙම ළදරුවා වෑන් රථයට යට වී ඇති බවයි මූලික පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ..
අනතුර සම්බන්ධයෙන් වෑන් රථ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර පෙරියනිලාවනි පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා..