කොත්මලා ඔයේ දිය නෑමට ගිය පාසල් ළමුන් පිරිසක් අතරින් එක් සිසුවෙකු දියේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇතැයි ලිඳුල පොලීසිය පවසනවා.
මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ තලවකැලේ නගරයේ පදිංචිව සිටි කේ.ජී. දිනුප කේනුල ගමගේ (16) නැමැති තලවකැලේ සුමණ ජාතික පාසලේ අධ්‍යාපනය හදාරමින් සිටි සිසුවෙක්.
තලවකැලේ, ලිඳුල, නාගසේන ප්‍රදේශයේදී මෙම අනතුර සිදුව තිබේ.
ළමුන් පිරිසක් නාගසේන ප්‍රදේශයෙන් ගලා බසිනා කොත්මලා ඔයේ දිය නෑමට ගොස් ඇති බවත්, එසේ දිය නාමින් සිටියදී එකවරම මෙම සිසුවා දියේ ගිලී අතුරුදහන්ව ඇතැයි පොලීසිය පවසයි.