හැබැයි මේ කියන්න යන්නේ රියදුරන් විසින් ධාවනය කරන දුම්රියක් කිසිදු රියදුරෙක් නැතුව ධාවනය වුණ පුවතක් ගැන.
මේ සිදූවීම වාර්තාවෙන්නේ ඉන්දියාවෙන්.
පන්ජාබ් සිට ජම්මු කාශ්මීරය දක්වා ධාවනය වෙමින් තිබූ භාණ්ඩ ප්‍රවාහන දුම්රියක් මෙලෙස රියදුරු නොමැතිව ධාවනය වෙලා තියෙන්නේ.
එම දුම්රිය Unchi Bassi නැමති ග්‍රාමීය දුම්රිය ස්ථානය ආසන්නයේ නවතා රියදුරු ඉන් බැස ගිහින් ඇති නමුත් ඔහුට තිරිංග යෙදීමට අමතක වී තිබෙනවා.
ඒ මොහොතේ පැයට කිලෝ මීටර් 100ක වේගයෙන් කිලෝමීටර් 70ක් පමණ ධාවනය වී තිබෙනවා.
කෙසේ නමුත් එය නවතා ගැනීමට හැකියාව ලැබී තිබෙනවා.