ඊයේ (26) මොරටුව නගරයේදී තරුණියකගේ පෙම් හුටපටයකට තරුණයෙක් විසින් ඔහුගේ සිරුරට ගිනිතබාගෙන බරපතල තුවාල ලබා රෝහල් ගතකරනු ලැබුවා. නමුත් පසුව වාර්තා වුණේ එම තරුණයා රෝහල් ගතකිරීමෙන් පසුව මියගිය බවයි.
මේ වන විට එම සිද්ධියට සම්බන්ධ වූ තරුණිය විසින් හිරු ගොසිප් අප හමුවේ එදින සිද්ධිය පිළිබඳව පවසා සිටියා. ඇය පවසන ආකාරයට මෙම තරුණියා මීට වසර කිහිපයකම සිට ඇයගේ පසුපසින් ආදරය ඉල්ලමින් පැමිණ තිබෙනවා.
මේ ඇය සිද්ධිය සම්බන්ධයෙන් අපවෙත පවසා සිටි කතාවයි.......
මං උදේ එද්දි පාරේදි මගේ බයික් එක නතර කර ගත්තා, පස්සේ බයික් එකේ යතුර අතට අරන් එක අතකින් බ්‍රේක් එක අල්ලගත්තා. මං කීව සම්පත් කියන්න තියෙන දෙයක් කියන්න මට පාරේ ඉන්න බෑ මගේ ගෙදර මිනිස්සු දැක්කොත් මටයි ප්‍රශ්නයක් වෙයි කියලා, ඒත් එයා අතෑරියේ නෑ, එය වචනයක්වත් කතා නොකර හිටියා, අතේ කඩදාසි මල්ලකුයි, බෝතලේකුයි තිබුණා, මම හිතුවේ කෑම එකක් වෙන්න ඇති කියලා,
පස්සේ එයා ඉස්සරහා පාරට ගියා, මම කීවා සම්පත් කියන්න තියෙන දෙයක් කියන්න මට යන්න ඕනි කියලා, ඒත් වචනයක්වත් කීවේ නෑ, පස්සේ මට කේන්ති ගිහින් කීවා ඉන්නවා මං ඔහේට හොඳ වැඩක් කරන්නම් මම ගිහින් පොලිසියට මේ ගැන කියනවා කියලා,
පස්සේ එයා කඩදාසි බෑග් එක පැත්තකින් තියලා බෝතලේ අරගෙන ඇඟේ හලාගත්තා, පස්සේ ගිනිතියාගන්නවා කීවා, මම එතන ඉන්න මිනිස්සුන්ට කෑ ගහලා කීවා බේරගන්න කියලා, ඒ වුණාට කවුරුත් ළඟට ආවේ නෑ, එයා ගිනිකූරු දෙකක් තුනක් විතර ගැහුවා, ඒත් පත්තු වුනේ නෑ, අන්තිමට එකක් පත්තුවුණාමට ගිනිගත්තා, පස්සේ එයා ගින්දර මගේ ඇඟ පැත්තට විසික් කළා මාව පුච්චන්න, පස්සේ මම බයික් එක එතන තිබුණු කඩයක් වගේ තැනකට දැම්මා, පස්සේ ගින්දර පිටින් මගේ පස්සෙන් ආවා මාවත් පුච්චන්න, එකරලා ටී ෂර්ට් එක ගලවලා විසි කලා මගේ ඇඟට, පස්සේ එතන ඉන්න මනුස්සයා තමයි එයාව එලියට දාලා දොර වහගත්තේ,
එතනින් එළියට ආවම කවුදෝ මනුස්සයෙක් එයාගේ ඇඟට වතුර දානවා මම දැක්කා, පස්සේ මාව ඇතුළට දාලා ලොක් කරගත්තා, කවුරුත් මට එළියට එන්න දුන්නේ නෑ,
එයා මට අවුරුදු ගාණක ඉඳලා කරදර කළා, අපේ ගෙදරටත් කියලා මෙයා ප්‍රශ්නයක් ඇතිකළා, මෙයා කළිනුත් මෙහෙම මැරෙනවා මැරෙනවා කියලා බය කළා, පස්සේ මම සති දෙක තුනකට කළින් කීවා තමුසේ මට දැන් කරදර කරනවා, මම ළමා හා කාන්තා කාර්යංශයට පැමිණිලි කරනවා කියලා, ඒත් මම කළේ නෑ, ඒ වුණාට එහෙම කීවම එයා බය වුණා, එයාට මම අනවශ්‍ය විදියට පවා බැන්නා, මොකද මට බනින්න අවස්ථාවක් කියලා හම්බවුණේ මේ සති දෙක තුන විතරයි,
සිද්ධිය වුණු වෙලාවේ මාව පොලිසියට අරන් ගියා කියපු කතාවේ ඇත්තක් නෑ, සිද්ධියෙන් පස්සේ එතැන්ට පොලිසියේ දෙන්නෙක් ආවා, එයාලා මට කීවා පොලිසියට ගිහින් කටඋත්තරයක් දෙන්න, ඔයාට බයවෙන්න දෙයක් නෑ කියලා, පස්සේ මම පොලිසියට ගියා, එතනදි කෝල් එකක් ආවා හොස්පිටල් එකට එන්න කියලා. මම එතනට ගියා ඊට පස්සේ