පසුගිය කාලය පුරා කොණ්ඩයා නමින් ප්‍රසිද්ධ වූ දුනේෂ් ප්‍රියශාන්ත ඔබට මතක ඇති. සේයාගේ ඝාතනයට සැකපිට අත්අඩංගුවට අරන් පසුව ඔහු නිදහස් කෙරුණා. කොහොම වුනත් ආයෙත් පාරක් ඔහුව අත්අඩංගුවට ගන්නට සූදානම් වන බවට වාර්තා වෙනවා.
ඒ ගම්පහ ප්‍රදේශයේ වත්තකට ඇතුළුවී නිරුවතින් අශෝභන ලෙස හැසිරෙමින් සිටි බව කියමින් බවයි වාර්තා වෙන්නේ. 'කොණ්‌ඩයා' අත්අඩංගුවට ගැනීම සඳහා මේ වන විට පොලිසිය මෙහෙයුමක්‌ද අරඹා ඇති බවට පැවසෙනවා.
'කොණ්‌ඩයා' නමැති මෙම සැකකරු මින් පෙර සේයා සදෙව්මි ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් රක්‌ෂිත බන්ධනාගාරගත කර පසුව මුදාහල පුද්ගලයාය. සේයා ඝාතන සිද්ධියට වරදකරු වී මරණ දඬුවමට ලක්‌වූයේ මෙම කොණ්‌ඩයා නමැත්තාගේ සොහොයුරාය.
මොහු ගම්පහ බෙම්මුල්ල බදුවතුගොඩ ප්‍රදේශයේ විශ්‍රාමික නාවික නිලධාරියෙකුගේ වත්තට අනවසරයෙන් ඇතුළුවී ඇතැයි පොලිසියට පැමිණිල්ලක් ලැබී තිබේ. වත්තේ සිටින එළදෙනක පෙරේදා (19 දා) රාත්‍රි 8.30 ට පමණ කෑ ගසන ශබ්දය නිවසේ සිටි විශ්‍රාමික නාවික නිලධාරියාට ඇසී ඇතැයි ඔහු පවසා තිබේ.
පසුව ඔහු ගොස් බලද්දී කොණ්‌ඩයා නමැති සැකකරු එළදෙන අසල සිට පැන ගිය බව පැමිණිල්ලේ සඳහන් කර ඇති අතර එළදෙනගේ ගෙල පෙදෙස සිරකර බැඳ තිබූ බවද, සැකකරු එළදෙනට අස්‌වාභාවික වධ දී ඇතැයි පැමිණිල්ලේ දැක්‌වේ.
පසුව ගෙවත්ත පරීක්‍ෂා කරද්දී සැකකාර කොණ්‌ඩයාගේ ඇඳුම් කිහිපයක් සහ කාන්තා යට ඇඳුම්ද හමුවී ඇතැයි වාර්තා වේ.
මෙම නිවසේ විශ්‍රාමික නාවික නිලධාරියාගේ දියණියන් දෙදෙනාද වාසය කරන අතර මීට මාසයකට පමණ පෙර එම එක් දියණියකගේ කාමරයේ වහළ මත උළු කැට කිහිපයක්‌ද ගලවා තිබී ඇත. මෙයද කොණ්‌ඩයා විසින් සිදුකර ඇතැයි සැකකරන බව පැමිණිලිකරු පොලිසියට පවසා ඇත.
කොණ්‌ඩයාද එම ප්‍රදේශයේ පදිංචිකරුවකු වන නිසාත්, පසුගිය කාලයේදී ඔහුගේ රුව නිතර මාධ්‍ය ඔස්‌සේ දැක ඇති නිසාත් තම වත්තේ සිටියේ ඔහු බවට පැමිණිලිකරු පහසුවෙන් හඳුනාගෙන ඇත.