Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Mar
19
අකිල හරිම ලැජ්ජාශීලියි | අමන්දා

- අකිල හරිම ලැජ්ජාශීලියි | අමන්දාHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

1 Views



නිලුක්ෂි අමන්දා සිල්වා දක්ෂ නිරූපණ ශිල්පිනියකි. ඇය කලා ක්ෂේත්‍රයට පිවිසෙන්නේ හිරුටීවී තුළින් විකාශය වූ “විසුල අහස යට” ටෙලි නාට්‍යයේ රංගනයට එක‍්වෙමිනි.

අමන්දා කොහොමද ඔබ කලාවට එන්නේ?
මම පාසල් ගියේ කොළඹ සිරිමාවෝ බාලිකා විද්‍යාලයට. පාසල් යන කාලෙ මම නර්තනය විෂයක් හැටියට හැදෑරුවා. කපිල පලිහවඩන සර් යටතේ මම Modern ballay කළා. ඉන්පසුව රොසෑන් ඩයස් මහත්මිය ළඟ නිරූපණ ශිල්පය හැදෑරුවා. බ්‍රයන් කතෝරන් මහත්මය තමයි මට නිරූපණ ක්ෂේත්‍රයෙන් ඉදිරියට එන්න උදව් කළේ.

එතකොට ඔබ රංගනයට යොමු වුණේ?
කැලුම් විජේසූරිය මම හොඳින් හඳුනන කෙනෙක්. එයා තමයි කැලුම් පාලිත මහීරත්න මහත්මයට මාව හඳුන්වල දීල “විසුල අහස යට” ටෙලි නාට්‍යයට මාව සම්බන්ධ කළේ. ඒ තමයි මගේ පළමු රංගනය.

ඔබේ හිතවතුන් ක්ෂේත්‍රයේ ඉන්න අය මොනවද ඔබේ රංගනයන් ගැන කියන්නේ?
මගේ සමහර රංගනයන් ඉතාම හොඳයි කියල ගොඩක් දෙනෙක් කියනව. ඒ වගේම සමහර රංගනයන් උනන්දුවෙන් කරල නැති බවත් සමහර අය කියනවා.

ඔබ වඩාත්ම කැමැති රඟපෑමටද මෝස්තර නිරූපණයටද?
මෝස්තර නිරූපණයට. මම දන්නකාලෙ ඉඳල ආශාවෙන් හිටියේ මෝස්තර නිරූපණ ශිල්පිනියක් වෙන්න. මගෙ රූපය ඇඟ හොඳට තියෙන කල් මට හැකි තාක්කල් නිරූපණයේ යෙදෙනවා.

කොහොමද ඔබ රඟපෑමේදී චරිතයක් බාරගන්නේ?
මෝස්තර නිරූපණ කටයුතුවල යෙදිල ඉඩක් ලැබුණොත් මම රඟපෑම් බාර ගන්නවා. කිසියම් නිර්මාණයක පිටපත බලලා ඒ චරිතය කරන්න මට පුළුවනි නම් මම ඒ චරිතය බාර ගන්නවා.

නිරූපිකාවක් වෙන්න ඔබ හීන මැව්වද?
ඔව් මම හීන මැව්වා. නිරූපණ ශිල්පිනියක් වීම තමයි මට තිබුණු ලොකුම හීනය. හැබැයි ඒ හීනය මේ තරම් ඉක්මනට සැබෑවෙයි කියල නම් මම හිතුවේ නැහැ. මේ තරම් ඉක්මනට ක්ෂේත්‍රයට එන්න ලැබීම වාසනාවක්.

දැන් ඔබේ ඉලක්ක සපුරාගෙන ඉවරද?
මට විශාල ඉලක්ක ප්‍රමාණයක් තිබුණේ නෑ. තිබුණු ඉලක්ක ටික සපුරාගෙන ඉවරයි.

ඔබේ පෙම්වතා පිළිබඳවත් සඳහන් කරන්න?
ඔහු අකිල ධනුද්දර.

අකිල කොහොමද ඔබට හමුවුණේ?
අපි දෙන්න හඳුනාගත්ත විදිය මම කියල වැඩක් නෑ. ඒක අහන්න ඕන අකිලගෙන්. එයා තමයි ඒක ලස්සනට කියන්නේ. මම කිව්වට ඒක හරි නෑ.

කමක් නැහැ ඔයා කියන්නකෝ ඒ විස්තරය?
ගයාන් ශ්‍රීමාල් අයිය මම හොඳට හඳුනන Dancing Choregrapher කෙනෙක්. එයා අකිලගෙ හොඳම යාළුවෙක්. අකිල ගයාන් අයියට කියල තියෙනව එයාගෙ හිතේ මා ගැන තියෙන හැඟීම ගැන. ගයාන් අයිය මට ඒක කිව්වා. පස්සෙ මම අකිලව හඳුනගත්ත. එයා මගෙ Dancing Shows බලන්නත් ආව. අපි අපි ගැන කතා කළා. ඉන්පසුව මමත් අකිලත් ආදරය කරන්න පටන් ගත්තා. ඒ විදියටයි අපි අපිට ලං වුණේ. ඒකට ටික කාලයක් ගත වුණා.

දෙමව්පියන්ගේ ආශිර්වාදය දෙන්නටම ලැබුණාද?
ඇත්තෙන්ම ඔව්. අකිලගේත් අපේත් වැඩිහිටියන් දෙගොල්ලන්වම අපි දැනුවත් කළා.

අකිල රංගනයට යොමු කළේ ඔබද?
නැහැ. එහෙම නැහැ. අකිලගෙ එක ගතිගුණයක් තියෙනව. අපි දෙන්න හඳුනගත්තට පස්සේ එයා මොනවහරි දෙයක් හොඳට කළා නම් එයා කියන්නෙ ඒක කළේ මම නිසා කියලා. ඒ මට තියෙන ආදරේට.

අකිල ළඟ තියෙන රංගනය නිවේදනය වැනි හැකියා ගැන ඔබ මොනවද හිතන්නේ?
අකිල හරිම දක්ෂ කෙනෙක්. හැබැයි එයා පුංචි කාලෙ ඉඳල කිසිම දෙයක් කරල තියෙන කෙනෙක් නෙමෙයි. ගෙදර අයත් කියන්නේ එයා ඉදිරියට එන්න ලැජ්ජා කෙනෙක් කියලයි. එහෙම කෙනෙක් රංගනයෙන් සහ නිවේදනයෙන් මේ වගේ දක්ෂතා පෙන්වීම ගැන පුදුමත් හිතෙනවා. එයාට සමාජයේ මිනිස්සු කොයිතරම් ආදරේ ද කියල දැනෙනව මගතොටේ යන විට. හරිම පුදුමත් හිතෙනව මිනිස්සු එයාට දක්වන ආදරය ගැන. ඒක හරිම වාසනාවක්. එයා හරිම ලකී. එයා මගේ පෙම්වතා වීම මගෙත් වාසනාවක්.

අකිලගේ මොනවගේ ගතිගුණවලටද ඔබ කැමැති වුණේ?
මම එයාට කැමති වෙන්න ප්‍රධානම හේතුවක් තමයි, එයාගෙ දෙමව්පියන් මේ රටේ දැවැන්ත කලාකරුවන් දෙපලක් වෙලත් එයා හරිම සරල කෙනෙක් වීම. එයා එක්ක කතා කරන අය එක්ක එයා කතා කරන්නේ හරිම සරල විදියට. සාමාන්‍ය විදියට. ඒ සාමාන්‍යකම සරලකම නිසා තමයි මම එයාට ගොඩක් ළංවුණේ.

ළඟදී විවාහ වෙන්න අදහසක් තියෙනවද?
දැන්මම විවාහ වෙන්න අදහසක් නෑ. දෙන්නෙක් හමුවෙලා විවාහ වෙන්න ඉස්සර වෙලා ගෙවන කාලය හරිම සුන්දර කාලයක්. දැන් අපිත් ඒ කාලය ගෙවනවා. ඒ සුන්දරත්වය විඳිනවා.

විවාහ වුණාට පසුව නිරූපණයෙන් සහ රංගනයෙන් ඉවත් වෙනවද?
මගෙ කැමැත්ත තිබුණෙ විවාහ වුණාට පසුව සේරම නවත්වල ගෙදරට වෙලා ඉන්න. නමුත් අකිල කියන්නේ ඒ දේ නෙමෙයි. එයා කියන්නේ පුළුවන් තරම් කාලයක් නිරූපණයේ සහ රංගනයේ යෙදෙන්න කියලයි. නිරූපණයටත් රංගනයටත් මට හොඳ හැකියාවක් තියෙන බව අකිල කියනවා.





Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්







Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top