ශ්‍රී ලාංකික චිත්‍රපට නිලියන් ලෙස හඟවමින් විදේශීය සංචාරකයින් සඳා තරුණ කාන්තාවන් ගණිකාවන් ලෙස අලෙවි කරන ජාවාරමක් ගැන පසුගියදා වාර්තා වුණා. මෙම ඡාවාරම දෙදෙනෙකු විසින් මෙහෙයවූ අතර ඔවුන් සමඟින් හිතවත්කමක් ඇතිකරගැනීම මඟින් ජාවාරම පිළිබඳව තොරතුරු දැනගැනීමට විමර්ශන නිලධාරීන්ට හැකිව තිබෙනවා.
ඒ අනුව ජාවාරම සිදුකරන පුද්ගලයින් පවසා ඇත්තේ තමන් සතුව ලාංකික චිත්‍රපට නිලියන් ඇති බවත් ඔවුන් 40,000 - 50,000 වැනි මුදලක් අයකරන බවත්ය.
එමෙන්ම වාද්දුව ප්‍ර දේශයේ ප්‍රසිද්ධ හෝටලයක් ඔවුන් සඳහා වෙන්කරගත යුතු බවත් ඔවුන් පවසා තිබෙනවා. මෙම කොන්දේසි වලට එකඟවන විමර්ශන කණ්ඩායමේ පිරිස් ජාවාරම් කරුවන්ට නොදැනෙන්නට හියිබ්‍රිඩ් වාහනයක් සමඟ කාන්තාවන් දෙදෙනෙකු කොටුකරගැනීමට සමත් වනවා.
පසුව ඔවුන්ගෙන් කරන ලද ප්‍රකාශයන් අනුව තමන් චිත්‍රපට නිළියන් නොවන බවත් විදේශිකයින්ට බොරු කියා මුදල් ලබාගන්නා බවත් පවසා තිබෙනවා.
අත්අඩංගුවට ගත් කාන්තාවන් දෙදෙනා වයස අවුරුදු 21 හා 27 පසුවන අතර එක් කාන්තාවක් මතුගම ප්‍රදේශයේ වන අතර අනෙක් කාන්තාව හෝමාගම ප්‍රදේශයේ බවටත් වාර්තා වෙනවා.
ඔවුන් පිළියන්දල ප්‍රදේශයේ නවාතැන් පළක සිට මෙය සිදුකරන බවටද වාර්තා වෙනවා. වාද්දුව පොලිසිය විසින් ඔවුන් පානදුර අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දෙසැම්බර් 28වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර ඇති බවටයි වැඩිදුරටත් වාර්තා වන්නේ.