චෛත්‍ය රාජයාණන් වහන්සේ විදුලි ආලෝකයෙන් ඒකාලෝක කරණු ලැබුවේ ආසියානු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතාගේ සුරතිනුයි.
වෙසක් පුර පසලොස්වක පොහෝ දිනය නිමිති කරගෙන හිරු ටී.වී, සහ හිරු එෆ්.එම්. සංවිධාන කළ හිරු ශාක්‍යසිංහ මංගල්‍යය අද (03) උදෑසන ආරම්භ වුණා. කතරගම ඓතිහාසික කිරිවෙහෙර පුදබිම කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙන හිරු ශාක්‍යසිංහ මංගල්‍යය සඳහා ලක්ෂ සංඛ්‍යාත වාර්තාගත සැදැහැවතුන් පිරිසක් අලුයම සිට එක්ව සිටීම විශේෂත්වයක්.
හිරු ශාක්‍යසිංහ මංගල්‍යයට සමගාමීව, ආසියානු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතාගේ සංකල්පයක් අනුව සංවිධාන කෙරෙන කිරිවෙහෙර චෛත්‍ය රාජයාණන් වහන්සේ ෂඩ්වර්ණ විදුලි ආලෝකයෙන් ඒකාලෝක කිරීම සහ පහන් ලක්ෂයකින් කිරිවෙහෙර පුද බිම ආලෝකමත් කිරීමේ පූජාවද අද සන්ධ්‍යවේ පවත්වනු ලැබුවා.
කිරිවෙහෙර පුදබිමට දිවයිනේ නන්දෙසින් පැමිණි සිටි ලක්ෂ සංඛ්‍යාත සැදැහැවතුන්ගේ සාදු නාදයන් මැද චෛත්‍ය රාජයාණන් වහන්සේ විදුලි ආලෝකයෙන් ඒකාලෝක කරණු ලැබුවේ ආසියානු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතාගේ සුරතිනුයි.