ලෝක කුසලානයේදී ශ්‍රී ලංකා පිළ සහභාගී වන තීරණාත්මක තරඟයක් හෙට දිනයේ පැවැත්වීමට නියමිතයි. ඒ දකුණු අප්‍රිකාව සමඟින්. මේ වන විටත් ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝලීන් හෙට තරඟයට ක්‍රීඩා කරන පිතිකරුවන් හා පන්දුයවන්නන් පිළිබඳ දැඩි අවධානයෙන් පසුවෙනවා.
එමෙන්ම ශ්‍රී ලංකා පිළට දැඩි අභියෝගයක් එල්ල කිරීමට දකුණු අප්‍රිකාව සැලසුම්කර ඇති බවට විචාරකයින්ද පවසනවා.
ආබාධයක් හේතුවෙන් මේ වන විට රංගන හේරත්ට ක්‍රීඩා කිරීමේ හැකියාවක් නොමැති අතර ඔහු වෙනුවට සචිත්‍ර සේනානායක ක්‍රීඩාකරන බවට විශ්වාස කටයුතු ආරංචි මාර්ග ඔස්සේ අපවෙත තොරතුරු වාර්තා වුනා.
එමෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝලීන් විශාල පිරිසක් සැලකිල්ලෙන් සිටි ශ්‍රී ලංකා පිළේ ආරම්භක පිතිකරුගේ ස්ථානය හෙට දිනයේදී කුසල් ජනිත්ට හිමි වනු ඇති බවයි එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කර සිටියේ.
එමෙන්ම පුහුණු සැසියෙන් අනතුරුව හෙට තරඟයට සහභාගී වන්නේ තිසර පෙරේරාද දුෂ්මන්ත චමීරද යන වග තීරණය කරන බවයි ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කලේ.