ආරුගම්බේ බීච් පාටිවලදී සිදුවන නීති විරෝධී හා සමාජ විරෝධී ක්‍රියා සම්බන්ධයෙන් අප මීට පෙරද ඔබට තොරතුරු ඉදිරිපත් කර තිබේ. මත්ද්‍රව්‍ය රිසිසේ භාවිත කර විදෙස් කතුන්ට සිදුකරන ලිංගික අතවර ද ඒ අතරින් ප්‍රධාන තැනක් ගනී.
ආරුගම්බේ බීච් පාටියකදී එවන් ඛේදජනක අත්දැකීමකට මුහුණ දුන් යුරෝපා රටකින් පැමිණි සුදු කතක් සති අන්ත පුවත්පතකට තම අත්දැකීම පවසා තිබුණේ මෙලෙසිනි.
“මම මිතුරියක් එක්ක ලංකාවේ සුන්දරත්වය බලන්න ආවේ. ලංකාව ගොඩක් ලස්සනයි. නමුත් සමහර දේවල් හරිම සවුත්තුයි. අපි බීච් පාටියකට යන්නේ විනෝද වෙන්න. මාවත් බීච් පාටියකදී මත්කරලා තිබුණා."
"මට මොනවා වුණාද දන්නේ නැහැ. මම පාන්දර ඇහැරිලා බලද්දී මම මුහුදු වෙරළ ළඟ බෝට්ටුවක හිටියේ. මට මහා වේදනාවක් දැනුණා. මට අතවර කරලා තියෙනවා කියලා තේරුණා. මම දන්නේ නැහැ මට ඒ දේ කළේ කවුද කියලා. කී දෙනෙක් මට කරදර කරාද කියලත් දන්නේ නැහැ."
"මට ලංකාව එපා වුණා. අපිට මිනිහෙක් එක්ක ඉන්න ඕනෙ නම් ඒ ගැන හැඟීමක් තියෙන්න ඕනි. අපිට කැමැත්තක් ඇති වෙන්න ඕනි. අපිට සිහි නැති කරලා මේ කරන වැඩේ පිළිකුල්. අපි ආයෙ ලංකාවට එන්නේ නැහැ. අපි දන්න අයටත් කියනවා ආරුගම්බේ ඇත්ත තත්ත්වය. ලංකාව ලස්සනයි කියලා ලෝකෙම ප්‍රචාරය කරලා අපි ගෙන්නුවට වැඩක් නැහැ. අපේ ආරක්ෂාව ගැනත් හිතන්න ඕනි.“
පටබැඳිගේ අමර බන්දු