Selfie කලාව මේ වන විට ලෝකය පුරාම ප්‍රසිද්ධවෙලා අවසන්. පාර්ටි එකකට ගියත්, වෙඩින් එකකට ගියත්, පාරේ ගියත්, බාත්රූම් ගියත් Selfie ගන්න තරම් අපේ අය දැන් පුරුදුවෙලා ඉන්නවා.
මේ කලාවට සීමාමායිම් නැති නිසාම සමහර අයටනම් Selfie දැක්කමත් එපා වෙලා තියෙන්නේ. අන්න ඒ විදියට Selfie එපා වෙලාද මන්දා රුසියානු රජය කිහිප දෙනෙකු එක්ව සිය ඡායාරූප තමන්ම ගැනීම හෙවත් selfie ඡායාරූප ගැනීම නතර කරන ලෙස ඒ රටේ වැසියන්ට දැනුම් දී ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තාකරනවා.
selfie ඡායාරූප ගැනීම සඳහා කිහිප දෙනෙකු එක්වන විට කැමරාව අතේ දුරින් තබාගෙන ඡායාරූපය ගැනීම සඳහා ඔවුන්ගේ මුහුණු ළං කිරීමට සිදුවන බවට රුසියානු රජය පවසන අතර එවැනි අවස්ථාවල එක් හිසක සිටින උකුණන් අනෙක් හිසට පැනීම හේතුවෙන් උකුණන් බෝවීම ඉහළ යන බවයි එරට බළධාරීන් වැඩිදුරටත් සඳහන් කරන්නේ.
එමෙන්ම එරට සෞඛ්‍ය බළධාරීන් ප්‍රකාශකර ඇත්තේ හිසේ උකුණන් සහිත දරුවන් පාසල් වෙත නොයවන ලෙසයි.